එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


විස්සයි විස්සේ ජයග්‍රාහී

විස්සයි විස්සේ ජයග්‍රාහී

ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් ආකර්ෂණීය තරග රටාව වන ඕවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වී සතියක් ගතවෙලා. පසුගිය 16 වැනිදා සත්කාරක බංගලාදේශය ඇෆ්ගනිස්තානය සමඟ තරග වැදෙමින් ආරම්භ කෙරුණු තරගාවලියේ උණුසුම ක්‍රමයෙන් වැඩිවෙද්දී ලොව පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ගේ උද්යෝගයත් වැඩිවෙලා.

ටෙස්ට් ක්‍රීඩා නොකරන රටවල් කීපයකුත් මෙවර තරගාවලියට එක්වී සිටින නිසාවෙන් සිම්බාබ්වේ සහ බංගලිදේශය සමඟ එම රටවල් A සහ B ලෙස කණ්ඩායම් දෙකකට බෙදා තරග වැදීමට සලස්වා තිබේ.

ඒ අනුව බංගලිදේශය, ඇෆ්ගනිස්තානය, හොංකොං සහ නේපාලය යන රටවල් A කාණ්ඩය යටතේත්, අයර්ලන්තය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය B කාණ්ඩය යටතේත් මේ වන විට එකිනෙකා හා තරග වැදී අවසන්. මෙම කාණ්ඩ දෙකේ වැඩිම ලකුණු ලාභී කණ්ඩායම් දෙක 01 සහ 02 කාණ්ඩ සමඟ ඉදිරියේ දී තරග වදිනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීමට අනුව ලොව අංක 01 ස්ථානයේ සිටින වත්මන් විස්සයි 20 අනුශූරයන් වන ශ්‍රී ලංකාව 01 කාණ්ඩයට අයත් වන අතර දකුණු අප්‍රිකාව එංගලන්තය සමඟ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු රටවල් තුනයි.

එසේම වත්මන් විස්සයි 20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ඉන්දියාව, පාකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව 02 කාණ්ඩය යටතේ තරග වදියි.

ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් වැඩි ක්‍රීඩා ලෝලී ආකර්ෂණයක් ඇති කිරීමේ අරමුණින් නිර්මාණය වුණු 20 යි 20 ක්‍රීඩා තරගාවලි අතර ලෝකයේ බලවතා තෝරා ගැනීමේ ප්‍රධානතම තරගාවලිය වන්නේ ද මෙම ලෝක කුසලාන තරගාවලියයි.

2007 වසරේ පළමු වරට ආරම්භ කෙරුණු මෙම ලෝක කුසලාන තරගාවලිය සෑම වසර 2 කට වරක්ම පැවැත්වෙයි.

කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බංග්ලාදේශයේ දේශගුණය මෙන්ම තණතීරු ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් හුරු වී ඇත්තේ ඔවුන් සාර්ථක ටෙස්ට් 20 යි 20 සහ එක්දින තරගාවලියක් සමඟ ආසියානු කුසලාන තරගාවලියක් අවසන් කර ඇති නිසා.

මෙලෙස ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව විස්සයි 20 ශ්‍රේණිගත කිරීමේ අංක 01 ලෝක අනුශූරයන් මෙන්ම ආසියාවේ ශූරයන් ලෙස පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ශූරතාව දිනා ගැනීමට හැකිවනු ඇති බවට බොහෝ විචාරකයින් මත පළ කරනවා.

ඊට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ ගෙවීගිය 2007 වසරේ සිට 2012 තෙක් පැවැත්වූ ලෝක කුසලාන තරගාවලි 4 දෙස ආපසු හැරී බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්වා ඇති දස්කම් හේතුවෙනි.

මෙතෙක් පැවැත්වූ තරගාවලි 4 පුරාවට ලෝකයේ සුපිරි ක්‍රීඩකයන් සියල්ලම පරදා වැඩිම ලකුණු ලාභියා ලෙස ඉදිරියෙන්ම සිටින්නේ මහේල ජයවර්ධනයි. ඔහු තරග 25 ක ඉනිම් 25 ක් ක්‍රීඩා කර එක් ශතකයක් සහ අර්ධ ශතක 05 ක් සමඟ ලකුණු 858 ක් ලබාගෙන තිබෙනවා. දෙවැනි ස්ථානයේ පසුවන්නේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්. ගේල් තරග 18 ක ඉනිම් 17 ක් ක්‍රීඩා කර එක් ශතකයක් සහ අර්ධ ශතක 6 ක් සමඟ ලබා ඇති ලකුණු සංඛ්‍යාව 664 ක්. මෙහි තුන්වැනි තැන හිමි වන්නේ අපේ තිලකරත්න ඩිල්ෂාන්ට. ඔහු තරග 25 ක ඉනිම් 24 ක් ක්‍රීඩා කර අර්ධ ශතක 4 ක් සමඟ ලකුණු 632 ක් ලබා ඇති අතර කුමාර් සංගක්කාර තරග 25 ක ඉනිම් 24 කදී අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 590 ක් ලබා සිව්වැනි ස්ථානයේ පසුවනවා.

පිතිකරුවන් අතර අපේ පිතිකරුවන් තිදෙනෙකුම ඉහළම තලයේ දස්කම් දක්වා තිබීමත් ඔවුන් තිදෙනාම මෙවර ක්‍රීඩා කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පැත්තෙන් ඉතාම සුබදායක වනවා.

පන්දු යැවීමේ අංශය පිළිබඳසලකා බැලීමේදී අපේ සුපිරි පන්දු යවන්නා මෙන්ම ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන ලසිත් මාලිංග මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගාවලි 4 වැඩිම කඩුලු ලාභියා ලෙසින් ඉදිරියෙන් සිටිනවා.

මාලිංග තරග 25 ක ඉනිම් 25 කදී ඕවර 84 පන්දු 4 ක් යවා ලකුණු 653 කට කඩුලු 33 ක් දවාගෙන අංක 01 ස්ථානයේ සිටිනවා. තරග 19 ක් ක්‍රීඩා කර ඕවර 74.2 ක් යවා ලකුණු 495 කට කඩුලු 32 ක් දවාගත් පාකිස්තානු ක්‍රීඩක සහීඩ් අජ්මාල් දෙවැනි ස්ථානයේ පසුවන අතර අජන්ත මෙන්ඩිස් තරග 18 කට ක්‍රීඩා කර ඕවර 68 ක් යවා නිලකුණු ඕවර 3 ක් සමඟ ලකුණු 418 කට කඩුලු 31 ක් දවා ගනිමින් තුන්වැනි ස්ථානයේ පසු වනවා.

මේ අනුව බලන කල පන්දු යැවීමේ ආධිපත්‍ය ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සතු වන බැවින් එහි අමතර වාසිය ද ශ්‍රී ලංකාවට අත්වනවා.

තරගාවලියක වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියෙන්ම සිටින්නේ තිලකරත්න ඩිල්ෂාන්. ඔහු තරග 7 කදී නොදැවීම් එකක් සමඟ ලකුණු 317 ක් ලබා ඇත්තේ 2009 එංගලන්තයේ පැවැති තරගාවලියේදී.

මෙහි දෙවැනි ස්ථානය හිමි වන්නේ මහේලට. ඒ 2010 කොදෙව් දූපත් හිදී පැවැති තරගාවලියේදී තරග 6 කදී නොදැවීම් 1 ක් සමඟින් මහේල ලබාගත් ලකුණු 302 නිසාවෙන්. තරගාවලියට පෙරාතුව පසුගිය 17 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැති පෙරහුරු තරගයේදී ඉන්දියාව පරදා ශ්‍රී ලංකාව ජය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ මානසිකත්වය වර්ධනය කරන තවත් සාධකයක් ලෙස හැඳින්විය හැකියි.

මේ නයින් බලන කල ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානය දිනා ගැනීමේ වැඩි ඉඩකඩක් පවතින අතර සමස්ත ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීනගේ එකම පැතුම වන්නේ ද එයයි. ආසියානු කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකාව තැබු ජයග්‍රාහී පියවරේ මීළඟ ඉලක්කය විස්සයි 20 ශූරතාව දිනා ගැනීමට හැකි වේවා!

ඉදිරි තරග කාල සටහන

මාර්තු 22 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව
මාර්තු 22 එංගලන්තය සහ නවසීලන්තය
මාර්තු 23 ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය
මාර්තු 23 ඉන්දියාව සහ බ. ඉන්දිය කොදෙව්
මාර්තු 24 නවසීලන්තය සහ ද. අප්‍රිකාව
මාර්තු 24 ශ්‍රී ලංකාව සහ බී කොටසේ වැඩිම

ලකුණු ලාභියා අතර

මාර්තු 25 බ. ඉ. කොදෙව් සහ ඒ කොටසේ

වැඩිම ලකුණු ලාභියා අතර

මාර්තු 27 ද. අප්‍රිකාව සහ බී කොටසේ

වැඩිම ලකුණු ලාභියා අතර

මාර්තු 27 ශ්‍රී ලංකාව සහ එංගලන්තය

මාර්තු 28 ඕස්ට්‍රේලියාව සහ බ. ඉ. කොදෙව්

මාර්තු 28 ඉන්දියාව සහ ඒ කොටසේ

වැඩිම ලකුණු ලාභියා අතර

මාර්තු 29 නවසීලන්තය සහ බී කොටසේ

වැඩිම ලකුණු ලාභියා අතර

මාර්තු 29 එංගලන්තය සහ ද. අප්‍රිකාව

මාර්තු 30 පාකිස්ථානය සහ ඒ කොටසේ

වැඩිම ලකුණු ලාභියා අතර

මාර්තු 30 ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව

මාර්තු 31 එංගලන්තය සහ බී කොටසේ

වැඩිම ලකුණු ලාභියා අතර

මාර්තු 31 ශ්‍රී ලංකාව සහ නවසීලන්තය
අප්‍රේල්් 01 ඕස්ට්‍රේලියාව සහ ඒ කොටසේ

වැඩිම ලකුණු ලාභියා අතර

අප්‍රේල්් 01 පාකිස්ථානය සහ බ. ඉ. කො. දූපත්

අප්‍රේල්් 03 පළමු අවසන් පූර්ව තරගය

(1 කොට‍සේ පළමු වැනියා සමඟ 2 කොටසේ දෙවැනියා)

අප්‍රේල්් 04 දෙවැනි අවසන් පූර්ව තරගය

(1 කොටසේ දෙවැනියා සමඟ 2 කොටසේ පළමුවැනියා)

අප්‍රේල්් 06 අවසන් මහා තරගය

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්