එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


විජේ මල්ලිගෙ කොලම

විජේ මල්ලිගෙ කොලම

ලාස්ට් වීක් එකේ විජේ මල්ලිට නිව්ස් එක ආවෙ, 21 දා තියන්න යන ස්ටේට් ඩ්‍රාමා ෆෙස්ටිවල් එකේදි මර්සි එදිරිසිංහට වන්ස්ඉන් ලයිෆ් ටයිම් එවෝඩ් එක, මොකක්ද මේ නාට්‍ය කීර්ති වගේ මහා ලොකු එක්ක දෙන්නලු ප්ලෑන් කරගෙන හිටියෙ. ඒ වුණාට දාහත් වැනිදා මන්ඩේ උදේ පාන්දර සෑඩ් නිව්ස් එක ආවෙ මර්සිට රෙස්ට් ඉන් පීස් සමාදානයේ සැතපේවා (RIP) කියන්න වෙනව කියලා. දැන් ඔය නාට්‍ය කීර්ති ලී කොටේ මර්සි එදිරිසිංහගෙ පවුලෙ අයට දීල දාන්න බැරිය, බැරිම වෙලාවක බෝතල් පත්තර කාරයෙකුට හරි විකුණල කීයක් හරි හොයාගන්න කියලා. එක අතකට විජේ මල්ලිට පොඩි සන්තේසෙකුත් තියෙනවා, ලාස්ට් ෆ්‍රයිඩේ, ඔය සම්මානෙ ගන්න මර්සි ජීවත්වෙලා හිටපු නැති එක ගැන.

මර්සිටම හිතුණ ද පෙනුණ ද දන්නෙ නෑ ඔය එවෝඩ් එක ගත්තනම් ඒක දෙන මණ්ඩල, අර බෝඩ්, මේ බෝඩ්, අර ෆවුන්ඩේෂන්, මේ ෆවුන්ඩේෂන්ස්, එයාලා මෙයාලා මර්සිව මාර්කට් කරගන්න දෙන ගේම් එක. අපි තමයි අන්තිම කාලෙ හොස්පිටල් බිල්ස් සෙට්ල් කරන්න සල්ලි අරන් දුන්නෙ. අපි තමයි, මිනිස්ටර්ගෙන් ඕකේ එක ගත්තෙ මෙදා සැරේ නාට්‍ය කීර්ති සම්මානෙ මර්සිට දෙමු කියන එකට. ඔය ජාතියෙ බයිලාවලින් පත්තර පිටු පිරෙනවා, රේඩියෝ ටෙලිවිෂන් චැනල්ස්වලින් හිස් මාස්ටර්ස් වොයිස් ප්ලේ වෙනව නේද කියල මර්සිට කලින්ම කල්පනා වෙලා දෙවියන් වහන්සෙට කිව්ව ද දන්නෙ නෑ, ස්වාමීනි, මේ කලා වෙළෙන්දන්ගෙන්, ඒජන්තලාගෙන්, කලා ඔස්තාද්ලා මාව ගලවාගෙන ඔබ ළඟට ගන්න කියලා.

මගේ රෝගී හිතට ගතට තවත් වද නොදී මාව රෝද පුටුවක තියාගෙන බී එම් අයි සී එච් එකට කැන්දලා, කට්ටියට මාර්ක්ස් දා ගන්න ඉඩ දෙන්නෙ මොන මගුලකට ද කියල මර්සිට ෂුවර් එකට කල්පනා වෙන්න ඇති. කොහොමින් කොහොම හරි ස්ටේට් ඩ්‍රාමා ෆෙස්ටිවල් එකේ වෙල්ෆෙයාර් එවෝඩ් එක යෙදුනා. ඒකට මොකක්ද දන්නෙ නෑ ඉවෙන්ට් මැනේජ්මන්ට් එකෙන් දැම්මෙ කියලා විජේ මල්ලි තාම දන්නෑ මොකද මල්ලි කොලම ලියන්නෙ 17 මන්ඩේ නිසා. හැබැයි විජේ මල්ලි මේ ස්ටෝරිය කාලෙක ඉදලාම කියනවා, ඩ්‍රාමා පැනල් එකට විතරක් නෙවි අනිත් පැනල්ස් වලට, එතකොට ලංකාවෙ ඔය ජාතියෙ එවෝඩ්ස් දෙන තව ටෙලි ෆෙස්ටිවල්ස් ‍ෆිල්ම් ෆෙස්ටිවල්ස් අයිති කට්ටියට කියන්නෙ ඉල්ලන්නෙ ආර්ට් ෆීල්ඩ් එකේ ඔය වර්ගයෙ එවෝඩ් එකක් ඩිසර්ට් කරන කාට වුණත්.

දෙන මඟුලක්, ඒගොල්ලො හොඳ සෞඛ්‍යයෙන් ඉන්න කොට දෙන්න කියලයි. එතකොට ඒ ගොල්ලො සතුටු වෙයි, ඒ ගොල්ලන්ගෙ දරු මල්ලො, ෆෑන්ස්ල අපි හැමෝම සතුටු වෙයි. එවෝඩ් එක ලැබෙන ආර්ටිස්ට්ට වුණත් කාලයක් ඒක ලැබුණ කියන ටයිටල් එක පාවිච්චි කරන්න බැරුවයැ අවුරුදු හතරක් පහක් වත්. ඔය ජාතියෙ එවෝඩ්ස් දෙන්න වටින ආර්ටිස්ට්ලා සෙට් එකක්ම ඉන්නවා. ඒ ගොල්ලන්ට ඒව දෙන්න ප්‍රසිඩෙන්ෂල් ෆිල්ම් එවෝඩ්ස් නයිට්ස් තියෙන කල් ඉන්න ද? දැන් අවුරුදු කීයකින් එහෙම නයිට් එකක් ගැන අහලවත් නැති රටක, සීනියර් ආර්ටිස්ලා ඩෙඩ් ඇන්ඩ් ගෝන් වෙන්න කිට්ටුව මතක් වෙයි දීල දාමු නේද වන්ස් ඉන් ලයිෆ් ටයිම් එවෝඩ් එකක් කියලා. දැන් දැක්ක නේ මර්සිට දෙන්න ගිහින් ඩ්‍රාමා පැනල් එකට කන්න සිද්ධ වෙච්ච පරිප්පුව. දැනට අපේ ආර්ට්ස් ෆීල්ඩ්ස්ටල ඉන්න වෙටරන්ස්ලා ඔක්කොමලා එක ස්ටේජ් එකකට ගෙනැල්ලා නැෂනල් ලෙවල් එකේ රෙකග්නිෂන් එකක් කරන්න බැරි ද මෙයාලා අපේ ඇඩ්වයිසර්ස්ලට?

නිකමට වගේ කට්ටිය බලන්නකො SLIM එවෝඩ්ස් දිහා. ඒ ගොල්ලො රටේ ක්‍රීම් ඔෆ් ආර්ටිස්ට්ලට නියම වෙලාවට එවෝඩ් කරනවා. අමරදේව ලොක්කා නන්දා මාලිනී නෝනා රෝද පුටුවල ගිහින් ස්ලිම් එවෝඩ්ස් ගත්තෙ නෑ. මේ ඔක්කොම මොන්ටිසෝරි වැඩ ස්ටේට් වුණාම. අරයට දෙන්න බෑ එයා අපිත් එකේ කඩේ යන්න ආවෙ නෑ. මෙයාට දෙන්නෙ කොහොම ද කඩේ ගියාට රටේ පිළිගැනීමක් නැතිකොට. මෙන්න මේව තමයි ප්‍රොබ්ලම්ස්. විජේ මල්ලි නෙක්ස්ට් වීක් එනකල් ඩ්‍රාමා රිසල්ට් අරගෙන, මර්සිට රෙස්ට් ඉන් පීස් කිව්වා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්