එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මුට්ට කරගහන අයටත් තියෙන සංගම් අපිට නැහැ

මුට්ට කරගහන අයටත් තියෙන සංගම් අපිට නැහැ

ශේන් සිං

තමන්ගේ සංවේදනාව තම රසිකයන්ගේ රසවින්දනය උදෙසා ගීතයක් බවට හැරවූ ශේන් සිං මේ දිනවල තරුණ පරපුර අතර ජනප්‍රිය තරුවකී. ජනප්‍රිය වුණත් මාධ්‍ය ඔස්සේ වැඩිය එලි පහලියට එන්න අදිමදි කරන ශේන් හා හා පුරා කියලා අපේ සම්මුඛ සාකච්ඡාවට එකතු වුණෙත් මේ තමයි පත්තරරේකට දෙන පළවෙනි ඉන්ටර්විව් එක කියමිනුයි...

ශේන් සිං සංගීත ක්ෂේත්‍රයට එක පාරටම ගොඩ බැස්ස චරිතයක්ද?

එකපාරට ගොඩ වෙච්ච කෙනෙක් නම් නෙමෙයි අවුරුදු 15 ඉඳලා මම ප්‍රසිද්ධ වේදිකාවේ සින්දු කියනවා. හැබැයි ඉතින් මේ තැනට ආවේ ලොකු කට්ටක් කාලා. අනූ නමයේ ඉඳල තමයි ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් එක්ක මුලින්ම සින්දු කිව්වේ. ඊට කලින් 96 ඉඳල ගමේ බෑන්ඩ් එකක ප්ලේ කළා. මාව අයින් කරලා ගෙදර තනියම ඉන්න කාලේ තමයි කවද හරි ගායකයෙක් වෙනවා කියල හිතා ගත්තේ. හෙමින් හෙමින් මගේ ටාර්ගට් එකට මම ආවා. 'සංවේදනා' තුළින් තමයි මගේ සංගීත දිවියට එළියක් ආවේ.

'සංවේදනා' ඔබේ පළමු ගීතය නෙමෙයිද?

නැහැ ඊට කලින් බොබ් මාර්ලේ කලා කරුවා වෙනුවෙන් ගීයක් කළා. ඒ වගේ තව සින්දු ගොඩක් කරල තිබුණත් ඒ සින්දු එළියට ආවේ නැහැ. නමුත් දැන් මම ඒවා එළියට එන්න දෙන්නෙ නැහැ. මොකද දැන් මම හරියටම මගේ ස්ටයිල් එක තෝරාගෙන ඉන්නේ.

මොකද්ද ශේන්ගේ ස්ටයිල් එක?

ඇත්තටම මම ඔල්ටනෙටිව් රොක් ස්ටයිල් එක තමයි ෆලෝ කරන්නේ. නමුත් මම විසින්ම ලංකාවේදී මට එහෙම කාඩ් එකක් ගහගන්න බෑ. ඔල්ටනෙටිව් රොක කෙනෙක් විදිහට පෙනී සිටින්න තරම් ලංකාවේ මේ රොක් ස්ටයිල් එක දියුණු නෑ. 'වායෝ' බෑන්ඩ් එකට ප්ලේ කරද්දී මට බටහිර ගීත වගේම සිංහල බයිලත් ගායන කරන්න වෙනවා. මගේ ගීත වලට මම වෙනම මගේ ශෛලියක් හදාගෙන යනවා. එ්කේ ස්ටයිල් එක මොකද්ද කියන්න මම තවම දන්නේ නෑ.සමහරවිට ඒක ශේන් සිං ස්ටයිල් එක වෙයි.

සංගීත ක්ෂේත්‍රයේ චරිත දෙකක් නිරූපණය කරන ඔබ වඩාත් සාර්ථක සොලෝ ආර්ටිස් කෙනෙක් විදිහටද? වායෝ බෑන්ඩ් එකේ කෙනෙක් විදිහටද?

මම හිතන්නේ දෙකම සමාන්තරව යනවා. 'සංවේදනා' තුළින් මට ලැබුණ ජනප්‍රියත්වය වගේම සංගීත කණ්ඩායමෙනුත් ඒ හා සමාන ජනප්‍රියත්වයක් ලැබුණා. නමුත් මම වඩාත් කැමැති වායෝ බෑන්ඩ් එකත් එක්ක ගමනක් යන්න.

'සංවේදනා' මිනිසුන් අතරට ගියේ වායෝ හරහා ඔබට ලැබුණු ජනප්‍රියත්වය නිසා නේද?

නැහැ වායෝ බිහි වෙන්න කලිනුයි 'සංවේදනා' නිර්මාණය වුණේ. බෑන්ඩ් එක නිසා මට ලොකු ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ 'සංවේදනා' ඔය කාලෙදිත් මිනිස්සු අතර තිබුණු නිසා.

සංගීත් විජේසූරිය සනිධප කණ්ඩායමෙන් ඉවත් වීමට හේතුව වුණේ ශේන්. මේ චෝදනාව ඔබට තිබෙනවා?

ඕක හරි කොමන් චෝදනාවක්නේ...නමුත් මම උත්තර දෙන්නම්. සංගීත් වගේ මනුස්සයෙක්ගේ හිත වෙනස් කරන්න මට පුළුවන්ද? මම යමක් කිව්වා කියලා සංගීත් කණ්ඩායමෙන් ඉවත් වෙන්න තරම් මෝඩයෙක් නෙමෙයිනේ. සංගීත් කියන්නේ ලංකාවේ ඉන්න බුද්ධිමත් මනුස්සයෙක්. එක එයාගේ තීරණයක්. කාටවත් පුළුවන්ද තව කාගේවත් හිතක් වෙනස් කරන්න.

නහයට අහන්නේ නැති කෙනෙක් කියලත් ශේන් ප්‍රසිද්ධයි...?

ඔව්. ගොඩක් අය එහෙම කියනවා. පොඩ්ඩක් නහයට අහන්නේ නෑ තමයි. හැබැයි ඒ අසාධාරණකම් වලදී විතරයි. මම කෙළින් කතා කරන කාටවත් බය නැති, ඉක්මනින් කේන්ති යන හැබැයි ඉක්මනටම හිත උණු වෙන ඉතාමත් සරල චරිතයක් කියලයි මම මාව දකින්නේ. කියන්න තියෙන දේ මුණටම කියන මගේ විදිහට ජීවත් වෙන්න කැමැති පුද්ගලයෙක්. ඒක සෝබනේ කියලා දකින පිරිසකුත් ඇති. නමුත් මාව ආශ්‍රය කරන අය දන්නවා පිටින් දකින 'ලුක්' එක නෙවෙයි ඇතුළේ තියෙන්නේ කියලා. කාගේවත් මුණ දිහා බලලා ඒ මිනිහා කොහොමද කියලා මටවත් කාටවත් තීරණය කරන්න බැහැනේ.

ඔබ අනුගමනය කරන ප්‍රතිපත්ති රැඩිකල් කියල කිව්වොත්?

ඔව් රැඩිකල් ගති කිහිපයක් තිබුණත් සීයට සීයක් මම රැඩිකල් මනුස්සයෙක් නම් නෙමෙයි.

කණ්ඩායමේ ගීතයක් වන 'අපි කවුරුද' ගීතය ඔබ තනිව ගායනා කිරීම සාධාරණද?

ඔන්න ඔය චෝදනාව ගැන බහුතරය නොදන්නා කරුණක් තියෙනවා. අපි කවුරුද කියන්නේ සේනක බටගොඩ කියන මගේ මිතුරාගෙන් මගේ ඇල්බම් එකට ලැබුණ මම හොයාගත්ත ගීතයක්. මේ ගීතය සංගීත්ට පෙන්නලා 'මේක ගොඩක් ලස්සනයි අපි කණ්ඩායම එකතු වෙලා ගායන කරමුද?' කියල එයා මගෙන් අහපු වෙලාවේ එච්චර ලස්සන මගේ ගීතයක් තමයි ලෝභ කමක් කරන්නේ නැතුව සංගීත කණ්ඩායමට මම පරිත්‍යාග කරලා මේ විදිහට වයො එක්ක බෙදාගත්තේ. මේ ගීතය මගේ ඇල්බම් එකට දාන්න සහ ඕනම තැනක තනියම කියන්න සංගීත් මට අවසර දීල තියෙනවා.

ඉතින් මට ලැබිලා මම ම කණ්ඩායමට පරිත්‍යාග කරපු ගීතය කොතැනක දී හරි මම තනියම කියනවා නම් ඒක අසාධාරණයක්ද?

'සංවේදනා' වලින් ඔබ්බට තවමත් නොගියේ වුවමනාවක් නැති නිසාද?

පෞද්ගලිකවම මම ඔය කියන චෝදනාවේ වගකීම බර ගන්න ඕනේ. මගේ නිර්මාණයක් එළියට දාන්න නම් ඒක මට හරියටම සෙට් වෙන්න ඕනේ. තවම මාධ්‍යයට දීලා තියෙන්නේ 'සංවේදනා' විතරයි. ආප්ප බාවනවා වගේවත් රැල්ලට අහු වෙලා වගේවත් සින්දු රිලීස් කරන්න මම කැමති නෑ.

සුදුසු කමක් නැතුව වූණත් ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන් තැනක් බවට අද සංගීත ක්ෂේත්‍රය පත් වි තිබෙනවා. එයට හේතුව නිසි ප්‍රතිපත්ති නැති නිසා නම් මේ පිළිබඳ ඔබේ අදහස ?

එක අත්‍යවශයි. නමුත් ඒක වෙන්නේ නෑ. දැන් මේ ෆීල්ඩ් එකේ හැමෝම ගායකයෝ. ස්ටේජ් එකට නැග්ගොත් නිවේදකයත් සින්දු කියනවා, සංවිධානය කරන කෙනත් සින්දු කියනවා, ඇමැතිත් සින්දු කියනවා. අපේ වෘත්තීයට තමයි හැම තැනින්ම ඇවිල්ලා පණුවෝ ගහන්නේ. නළුවොත් ගායකයෝ වෙන්න යනවනේ. මොකද සින්දු කියන එක මිනිස්සු හිතන්නේ හරිම ආතල් වැඩක් කියල. ගායනය පිළිබඳ කිසිම දැනුමක් නැති මිනිස්සු අද ගායකයෝ බවට පත්වෙලා. සල්ලි කාරයෙක් නම් හෙට ම්යුසික් වීඩියෝ එකක් කරලා ෆීල්ඩ් එකට එනවා කිසිම වෘත්තී‍ය සුදුසුකමක්වත් නැතුව. මේ ක්ෂේත්‍රය රැක ගන්න නම් විධිමත් ප්‍රතිපත්ති අවශ්‍යයි. වෙන රටක ගායකයෙක්ට තියෙන වෘත්තීය අයිතියක්වත් අපට නැහැනේ මේ හැමදේටම මුල අපේ සංගිත ක්ෂේත්‍රයේ සමගියක් නැතිකම. මුට්ට කර ගහන අයටත් සංගම් තියෙනවා.

අපේ ගායකයන් අතර තමයි එහෙම දෙයක්වත් නැත්තේ.

ඔබේ සංගීත දැනුම ගැනත් ගැටලුවක් මතු වෙනවා?

මම සිංහල රාගධාරි සංගීතය සහ රොක් මියුසික් හදාරා තියෙනවා. පිටරට සංගීත කණ්ඩායම් දෙකක ප්ලේ කරලා තියෙනවා. ඒ ලබපු දැනුම සහ අත්දැකීම් එක්ක තමයි මම රැඳිල ඉන්නේ


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්