![]() ![]() |
||
සන්ජේ ගේ තාවකාලික නිදහසට නානා උරණ වෙයි
“මම පසුගිය අවුරුදු 22 දී සන්ජේ දත් එක්ක කිසිම චිත්‍රපටයක රඟපෑවේ නැහැ. මින් මතුවටත් එයත් එක්ක රඟපාන්නෙ නැහැ කියල මම හිතාගත්තා.” නානා ගේ මේ සිතුවිල්ලට හේතුව වුණේ පසුගියදා සන්ජේ දත් ලැබූ තාවකාලික නිදහසයි. 1993 දී ඉන්දියාවේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධයක් ඇතැයි චෝදනා ලද සන්ජේ සය අවුරුදු සිර දඬුවමක් ලැබුවා. සිරගතවී මාස 18ක් ගත වෙද්දී සන්ජේෙග් බිරිය වන මන්යාටා ගේ අහිතකර සෞඛ්‍ය තත්ත්වය සලකා ඔහුට තාවකාලික නිදහසක් ලැබුණා. එම කාලය ගත කළ සන්ජේ නැවතත් සිරගෙදරට පිටත්ව ගියා. ඒ වුණත් නානා මේ තාවකාලික නිදහසට මුළුමනින්ම විරෝධය පෑවා. ඉන්පසුවයි ඔහු සන්ජේ සමඟ චිත්‍රපටවල රඟපෑමෙන් වැළකී සිටීමට තීරණය කළේ. “ආණ්ඩුව කරන්නෙ ඒ අයට ඕනැ දේ. ඒගොල්ල කියන්නෙ සන්ජේට තාවකාලික නිදහසක් දීම නිත්‍යානුකූලයි කියලයි. අපිට ඒගැන මොනවත් කියන්න බැහැ. හැබැයි මම මට පුළුවන් දේ කරන්න තීරණය කළා. අපේ රසික රසිකාවියො, මාධ්‍යවේදීන් අපි හැමෝම සන්ජේ රඟපාපු චිත්‍රපට බලලා එයාව වීරයෙක් කළා. එයාට තාවකාලික නිදහසක් ලබා දුන්නම ඒකට විරුද්ධ වෙනවා. ඒක වැරැදියි කියනවා. එහෙම කියල විතරක් මදි. විරුද්ධ නම් ක්‍රියාවෙන්ම ඒ බව පෙන්නන්න ඕනෙ. තමන්ට පුළුවන් දේ කරන්න ඕනෙ. මිනිස්සු හිතාගෙන ඉන්නෙ සන්ජේ විතරයි නළුවා කියලා.” නානා පතේකර් තමන්ගේ විරුද්ධත්වය එලෙස ප්‍රකාශ කළා. සන්ජේට තාවකාලික නිදහස ලබා දිය යුතු යැයි මුලින්ම ප්‍රකාශ වූ දවසේ නානා පැවසුවේ නළුවෙකු වූ නිසාම සන්ජේට විශේෂ වරප්‍රසාද ලබා නොදිය යුතු බවයි. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |