එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

ජිනීවා සමුළුවෙන් ආණ්ඩුවේ ගමනට බාධාවක් නෑ

ලබන වසරේ ජනාධිපතිවරණයක්

දේශබන්දු, ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන

මේ පළාත් සභා දෙකේ නියත ජයග්‍රහණය ආණ්ඩුවට ලැබෙන බවත් ඉදිරි වසරේ මුලදී රටේම පැවැත්වෙන ඡන්දයක් පැවැත්වීමට ඉඩ තිබෙන අතර එය බොහෝ දුරට ජනාධිපතිවරණයක් විය හැකි බවත් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.

සිළුමිණ සමඟ රටේ හෙට දවස ගැන කතාබහකට එක්වෙමින් මේ ප්‍රකාශය කළ අබේගුණවර්ධන මහතා ජිනීවා අභියෝගවලින් රජයේ ඉදිරි ගමනට බාධාවක් නැතැයි ද කීය.

මාර්තු 29 පැවැත්වෙන පළාත් සභා ඡන්ද දෙක ගැන කියන්නේ කුමක් ද?

මේ ඉතාම වැදගත් පළාත් සභා මැතිවරණ දෙකෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ සන්ධාන රජයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බවයි ග්‍රහ තත්ත්වය සලකා බැලීමේදී පෙනී යන්නේ. මේ පළාත් සභා දෙක විසිර වීම සිදුකළේ ජනවාරි 12 වැනි ඉරිදා.

මධ්‍යම රාත්‍රී 12 ට. අපි එදා ග්‍රහ තත්ත්වය ගැනත් විමර්ශනය කරල බලනකොට ශ්‍රී ලංකා කුම්භ ලග්නය අනුවත් ඒ ග්‍රහ තත්ත්ව විග්‍රහය කෙරෙන්න ඕන. මාර්තු 29 වැනි සෙනසුරාදා ඒ කියන්නේ ඡන්දය පැවැත්වෙන දා පවතින ග්‍රහ තත්ත්වයන් මෙයාකාරයෙන් විග්‍රහ කෙරෙන කොට වැඩි වාසි ලැබෙන්නේ පවතින රජයට ද නැතිනම් විරුද්ධ පක්ෂයට ද කියල බලන්න වෙනවා.

ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උත්පත්ති කේන්දරය වන කන්‍යා ලග්න කේන්දරයට අනුව මේ ග්‍රහ තත්ත්වය බලන්න වෙනවා. ඒ වගේම මේ මොහොතේ අපි දෙවනුව මේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ ග්‍රහ තත්ත්වයත් දැනට බලගතු ඒරාෂ්ටක අපල කාලයක් ගත කරන විරුද්ධ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේත් එජාපයේත් ග්‍රහ තත්ත්වය බැලිය යුතුයි.

අලුත් නායකත්වයකින් හෙබි ජවිපෙ ග්‍රහ තත්ත්වයත් වර්තමානයේ අලුත් කතාබහට ලක්වී තිබෙන්නා වූ සරත් ෆොන්සේකා මහතාගේ ග්‍රහ තත්ත්වයත් ඔහුගේ ඒ පක්ෂය පිහිටුවූ ග්‍රහ තත්ත්වයත් අපි බැලිය යුතුයි.

මේ සියල්ල ඉතා මැනැවින් විග්‍රහ කරන විට ඉතා පැහැදිලිව ඉතා නිවැරැදිව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මේ මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බවයි.

කොළඹට මොකද

වෙන්නෙ කොළඹ ප්‍රතිඵලය ගැන කියන්නේ කුමක් ද?

මේ මැතිවරණයේදී කොළඹ නගර සභා සීමාව තුළ විශාල සුළු ජාතික ඡන්ද පදනමක් තිබුණත් මුළු කොළඹ දිස්ත්‍රික්කයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය මෙතෙක් ලබා නොගත් ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නවා. කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙනුත් ඒ ආකාරයේම විශිෂ්ට බලයක් සන්ධානයට හිමි වෙනවා.

දකුණු පළාතෙනුත් විශිෂ්ට ජයග්‍රහණයක් රජය ලබා ගන්නවා. 2005 නොවැම්බර් 17 වැනිදා ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රමාණයට වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙයින් ලබා ගන්නවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පවතින ග්‍රහ තත්ත්වය ඉතා සුබදායකයි. එතුමා ඉමහත් සතුටට පත්වන ආකාරයේ ජයග්‍රහණයක් අත්කර ගන්නවා.

සජිත්ගේ ‍හම්බන්තොට මෙහෙයුමට මොකද වෙන්නෙ...?

සජිත් හම්බන්තොට ලොකු උත්සාහයක් දරමින් සිටියත් සැලකිය යුතු ප්‍රගතියක් ඔහුට අත්කර ගන්න බැරි බව පැහැදිලියි.

අන්ත පරාජයක්

එජාපය කියන්නේ තමන් මෙදා ඉතිහාසය වෙනස් කරනවා කියලයි...?

1946 පිහිටුවූ එජාපය වර්ෂ 68 ක් පිරෙන මේ මොහොතේ මෙතෙක් කල් නොලබපු අන්ත පරාජයකට මේ මැතිවරණයෙන් පත්වනවා. ඒ විතරක් නෙවෙයි මේ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්ව මණ්ඩලය පවා වෙනස් කරමින් නොවූ විරූ වෙනස්කම් විය හැකියි. ලබන පරාජයේ වගකීම නායකත්ව මණ්ඩලය පිට යවා පරාජයේ වගකීමෙන් මිදෙන්න එම පක්ෂයේ ජාතික නායකයා ලෙස සිටින රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ ගනු ඇතත් ඔහුගේ ඔළුව බේරගන්න බැරි වේවි.

ඔබට පෙනෙන ආකාරයට ඊළඟට මැතිවරණ සිතියමේ එන ඡන්දය කුමක් වෙන්න පුළුවන් ද?

මේ අවුරුද්දේ අගෝස්තු 15 ත් සැප්තැම්බර් 15 වැනිදාත් අතර මේ පවතින ග්‍රහ තත්ත්වයන්ට අනුව ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඉඩ තිබෙනවා. එයින් ද විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන්නේ ආණ්ඩු පක්ෂයටයි.

සමහර දෛවඥයන් කියන්නේ මේ වසරේ රටේම පවත්වන ඡන්දයක් එන්න පුළුවන් බවයි...?

නැහැ මේ වර්ෂය තුළ ඌව පළාත් සභා ඡන්දය හැර වෙන රටපුරා පැවැත්වෙන මැතිවරණයක් ග්‍රහ තත්ත්වය බලන විට නොපැවැත්වෙන බව කිව හැකියි.

ඊළඟට රටේම තියන මහ ඡන්දයක් කවදා පැවැත්වේවි ද?

ජාතික මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් සුවිශේෂ ග්‍රහ තත්ත්වය හේතුකොට ගෙන 2015 වසරේ සිංහල අවුරුද්දට කලින් රටටම බලපාන ආකාරයේ මැතිවරණයක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ තියනවා.

ඔය කියන මැතිවරණය ජනාධිපතිවරණයක් විය හැකි ද මහ මැතිවරණයක් විය හැකි ද?

ඔය දෙකෙන් එකක් තමයි පැවැත්විය යුත්තේ. ජනාධිපතිතුමා තමයි ඒ තීරණය ගත යුත්තේ. අපේ ජනාධිපතිතුමාගේ ජන්ම පතෙත් එතුමාගේ කේන්දරයේත් සියලුම ලැබීම් පෙන්නුම් කරන සියලු ග්‍රහයන්ට සුබ එකොළොස් වැනි කොටුවට එතුමාගේ ජන්ම පතේ කේන්ද්‍රස්ථාන දෙකක අධිපති ග්‍රහ ලොව සුබදායකම ප්‍රධාන ග්‍රහයා වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා උච්චත්වයට පත්වෙලා ඉතා බලගතු වෙනවා.

2015 ජනාධිපතිවරණයක්

ඒ ග්‍රහ තත්ත්වය අනුව ශ්‍රී ලංකා කුම්භ ලග්නය අනුවත් ශ්‍රී ලංකා ජනරජ සිංහ ලග්නය අනුවත් බලන විට දැනට රටේ පාලනය ගෙනියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයේ ආරම්භක ග්‍රහ තත්ත්වයන් ගැනත් බලන විටත් ජනාධිපතිතුමාගේ ග්‍රහ තත්ත්වයන් දෙස බලන විට 2015 වැඩිපුරම පෙන්නුම් කරන්නේ ජනාධිපතිවරණ පැවැත්වීමට ඉඩ ඇති බවයි.

ඒ ජනාධිපතිවරණයෙන් ජනාධිපති තුමා විශිෂ්ටතම ජයග්‍රහණයක් හිමි කරගනිමින් ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ විධායක ජනාධිපති ධුරයේ සියලු වාර්තාවන් බිඳ හෙළමින් තෙවැනි වරටත් අපේ රටේ ජනාධිපති වන බවයි ස්ථිරව කිව හැක්කේ.

චන්ද්‍රිකාට වරම් නැහැ

චන්ද්‍රිකා මැතිනියගේ යළි දේශපාලන ආගමනයක් ගැන කතා වෙනවා. ඒ ගැන කුමක් ද කියන්නෙ?

හිටපු ජනාධිපති චන්ද්‍රිකාට නැවත කවදාවත් මේ රටේ රාජ්‍ය නායකත්වයක් හිමිකර ගන්න වාසනා බලයක් නැහැ. බණ්ඩාරනායකවරුන්, සේනානායකවරුන් හා වික්‍රමසිංහවරුන්ට නැවතත් මේ රට පාලනය කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් කිසිසේත් පෙන්නුම් කරන්නේ නැහැ. චන්ද්‍රිකාගේ කේන්දරයේ තිබුණ සියලු බලගතු යෝග 2005 අගෝස්තු වන විට ඒ සියල්ල අඩපණ වුණා. ඉන්පසු ඇයට බලයක් හිමිවන බවක් කොහේවත් පෙන්නුම් කරන්නෙ නැහැ.

රටේ ඉදිරි අනාගතය කොයි වගේ වේවි ද?

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහිව ඇත්තේ යුද්ධය අවසන් කරන්න පමණක් නෙවෙයි. මේ රට සමෘද්ධිමත් රටක් බවට පත්කිරීමත් එතුමා වෙත පැවැරී ඇති යුග කාර්යභාරයක් වෙනවා. එතුමා මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරීමේ ඒ ගමන ආරම්භ කරල එයින් හතරෙන් එකක් එතුමා දැනටම ගිහිල්ල ඉවරයි.

තව ඒ ගමනේ හතරෙන් තුනක දුරක් ඉදිරියට යන්න තියනවා. ඒක අනිවාර්යයෙන්ම එතුමා ඉෂ්ට කරනවා. ඒකට කිසිම සැකයක් නැහැ. අධිවේග මාර්ග කිලෝමීටර් 150 කට වැඩිය දැන් හදල ඉවරයි. මාර්ග පද්ධතිය හැදෙන ගමන්ම රටත් හැදෙනවා.

ජිනීවා අර්බුදයත් මේ වෙලාවේ කතා කළ යුත්තක්?

ජිනීවා ප්‍රශ්නයේ දී අපේ රටට අපේ රටේ ආරක්ෂක අංශයට අපේ රටේ ජනතාවට අපේ රටේ ආර්ථිකයට හා අපේ ජනාධිපති තුමාට බලගතු පීඩාවක් බාධාවක් ඇති කරන්න බැහැ. බොහොම අනුහස් ඇති නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා.

එතුමාගේ අනුහස් බලය නිසා තමයි මේ ජයග්‍රහණ රටට අත්වෙලා තියෙන්නේ. වර්තමානය වන විට යුද්ධ කරන්න ගිහිල්ලා ලෝකයේ බලගතු රටවල් පරාජයට පත්වන විට වැඩ කටයුතු අවුල් කරගන්නා විට වැඩ කටයුතු අනාගන්නා විට එතුමා මේ රට යුද්ධයෙන් බේරගත්තේ.

ඉදිරියට විටින් විට කාලගුණ දේශගුණ ප්‍රශ්න වගේම කලකෝලහල, උද්ඝෝෂණ වගේ දේවලුත් පැන නැඟිය හැකි වුණත් ඒ සියලු අභියෝග ජයගන්නට රජයට හැකියාව තියෙනවා.

එජාපය ආයේ ඔළුව උස්සන්නේ නැහැ කියලයි ඔබ කියන්නෙ?

පේන තෙක් මානයක එහෙම එකක් නැහැ. එජාපය ආයුෂ හමාර වුණ පක්ෂයක්. අවුරුදු 68 ක් වයසැති මේ රටේ ප්‍රධානම විරුද්ධ පක්ෂය වන එජාපය මේ මොහොතේ ඉතා බලගතු ලෙස අසරණ වෙලා. පහත් තැනකට වැටිල තියෙන්නේ.

විරුද්ධ පක්ෂ නායක තුමා විරුද්ධ පක්ෂ නායක කියන ඒ විශාල නිලයේ ගරුත්වයවත් රැකගන්න බැරුව අපහසුතාවකට පත් වෙලා ඉන්නේ. නිදහසින් පසු මේ රටේ පළමු විරුද්ධ පක්ෂ නායකයා තමයි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහත්මයා.

ඒ වගේම ඩඩ්ලි, ජේ. ආර්., සිරිමාවෝ, අනුර විරුද්ධ පක්ෂ නායකත්වය ඉතා ගෞරවනීය ආකාරයෙන් හෙබෙව්වා. මේක ගෞරවනීය නිලයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටවල විරුද්ධ පක්ෂ නායකයා සලකන්නේ රටේ ඊළඟ නායකයා විදියට.

ඉන්දියාවේ මැතිවරණයත් ළඟ එනවා.

මම 1996 ඉන්දියාවේ මැතිවරණය ගැන කිව්වා. කොන්ග්‍රස් පක්ෂය පරාද වෙලා එතෙක් බලයට නාපු භාරතීය ජනතා පක්ෂය බලයට එනවා කියලා. ඒ එක්කම කිව්වා ඒ පක්ෂය බලයට පත්වුණාම අගමැති වෙන්නෙ අතල් බිහාරි වජ්පායි මහත්තයා කියලා. එතුමාගේ ධුර කාලය දවස් 14 කට සීමා වෙනව කියලත් කිව්වා. ඒ කතාව හරියටම හරි ගියා.

මේ මොහොතෙත් කියන්න තියෙන්නේ ග්‍රහ තත්ත්වය අනුව කොන්ග්‍රසය අපහසුතාවට පත් වෙනවා. මේ මොහොතේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස තෝරගෙන තියෙන්නේ ගුජරාට් ප්‍රාන්තයේ අගමැති ධුරය තෙවරක් දරපු නරේන්ද්‍ර ධමෝදර්දාස් මෝඩි මහත්මයා.

ඔහු ඉපදිලා තියෙන්නේ 1950 සැප්තැම්බර් 17 වැනි ඉරිදා ගුජරාටයේ වඩගර් කියන ගමේ. බලගතු නැකතකින් උපන් මෝඩිට තවත් පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න වාසනා ගුණයක් තියෙනවා.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්