කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි
කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා
පැසිපන්දු ශූරතාවය දිනයි
 වෙළෙඳ සේවා පැසිපන්දු තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතාව ජයග්‍රහණය
කිරීමට කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් සමත්වෙයි.
කොමර්ෂල් ක්‍රෙඩිට් පිරිමි කණ්ඩායම විසින් ඩීඑෆ්සීසී කණ්ඩායම ලකුණු 23 - 20 ක්
ලෙසින් පරාජයට පත් කරන ලද අතර කාන්තා කණ්ඩායම විසින් හැටන් නැෂනල් බැංකු
කණ්ඩායම ලකුණු 28 - 17 ක් ලෙසින් පරාජයට පත් කරන ලදී.
පිරිමි කණ්ඩායමේ සාමාජිකයින් ලෙසින් ගයාන් ඩී. කෲස් (නායක), කණිෂ්ක, ගයාන්,
හර්ෂදේව, සනිත සහ සුදේශ් කටයුතු කළහ.
කාන්තා කණ්ඩායම සඳහා සුලෝචනා (නායිකා), ප්‍රසාදි, කෞෂිකා, කුංචනා, වින්ද්‍යා,
සඳුනිකා, දෙව්නි, සඳුනි හා තුෂානි ක්‍රීඩා කළහ. කණ්ඩායම් දෙකම පුහුණුවීම් සිදු
කරන ලද්දේ පණ්ඩුක රණසිංහ මහතාගේ මඟ පෙන්වීම් අනුවය.
|