එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය විමසීම සම්බන්ධ ප්‍රචාරක කටයුතු අවසන් කැරෙන 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඡන්දය පැවැත්වෙන මාර්තු 29 වැනිදා දක්වා කෙටි පණිවුඩ (SMS) මඟින් ඡන්දය ඉල්ලා සිටීම ද සපුරා තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ කාලසීමාවේ නොදන්නා ග්‍රාහකයකුට ඔහුගේ හෝ ඇගේ කැමැත්ත නොමැතිව ජංගම දුරකථනයට කෙටි පණිවුඩ මඟින් ඡන්දය දෙන ලෙස ඉල්ලීමක් කිරීම මුළුමනින් තහනම් බව ද මෙවැනි පණිවුඩ යැව්වොත් ඒවා නොලැබෙන ලෙස බාධා කිරීමට (ජෑම් කිරීමට) උපදෙස් විදුලි සංදේශ හා නියාමන කොමිසමට දැනුම් දුන් බව ද මැතිවරණ කොමසාරිස්වරයා කීය.

විස්තර »

 


 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ ඕනෑම ප්‍රදේශයක උත්සවයකට, රැස්වීමකට සහභාගි වීමට යන විට මහජනතාව අතරට ගොස් සිය සුහදතාව හා ළෙන්ගතු බව දැක්වීමට අමතක නොකරයි. එතුමා පසුගියදා පැවැති ජන රැලියකදී ජනතාව අතරට ගොස් සුහදතාව පළ කර සිටියේ මෙසේ ය.

ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය ඒකකය

යුද අපරාධ චෝදනා ගේන්න මානව හිමිකම් කවුන්සිලයට බලයක් නෑ

රටවල් රැසක නියෝජිතයෝ කියති

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලයට බලයක් නැතැයි දැනට ජිනීවා නුවර පැවැත්වෙන කමිටු සාකච්ඡා වලදී චීන, රුසියානු, වියට්නාම හා කියුබානු රටවල නියෝජිතයෝ පෙන්වා දී ඇත. එම නියෝජිතයන් මේ ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය ශ්‍රී ලංකාව යුද අපරාධ කර ඇති බවට චෝදනා කරමින්....

විස්තර »

ඡන්ද සටන ලබන සෙනසුරාදා

බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය ලබන සෙනසුරාදා (29) පැවැත්වේ. මන්ත්‍රී ධූර 155 ක් සඳහා අපේක්ෂකයන් 3794 දෙනකු මේ ඡන්දයට තරග කිරීමට ඉදිරිපත් වී සිටිති. මේ සංඛ්‍යාවෙන් 2441 ක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ද 1353 ස්වාධීන කණ්ඩායම්වලින් ද තරග කරති. කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 33 ක් ලෙසින් වැඩිම අපේක්ෂක ප්‍රමාණයක් තරග කරති.

විස්තර »

අසත්‍ය චෝදනා එල්ල කළත් අපි විශිෂ්ට ජයක් ලබනවා

ශ්‍රීලනිපයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන

මේ ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. රජයට එරෙහිව මොන අන්දමේ අසත්‍ය චෝදනා එල්ල කළත් ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කරන්නේ ඒවාට පිළිතුරු දීම වෙනුවට මහජන සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරිමයි.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්