එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

.


ටිකිරි හමුව

වැහි සොඳුර

නිල් දම් පැහැය සඟවා ගෙන අහස් කුස
දස දෙස පතුරවයි ගුරු පැහැ නිබඳවම
හිරු රැස් ඇද වැටී ගිනියම් වූ දසත
උණුසුම කෙමෙන් වියැකී ළං වෙයි සිසිල

සායම් පැහැය ගලනා සේ සිත්තමක
අඳුර ද ඇදෙයි නිලඹර පතුරා දියත
සිහිලැල් රටා මවමින් සිත් පුබුදමින
දස දෙස සුළඟ පතුරා ළං වෙයි සුළඟ

වෙල් නියරේ පා තබමින් ගැමි ළඳක
සිලි සිලියේ මඳ පවනේ පැල දෙසට
නෙත ගැටෙමින් වැහි ‍මන්දාරම් දසත
පා පොඩි හණිකට තබමින් යුහුසුලුව

පිල් විදහා රඟනා මොනරුන් නිබඳ
වෙල් නියරේ හඬ පානා මැඬි රෑන
වැහි මිතුරා ළඟ ළඟ බව දැන දැනම
සතුටින් උදම් වී පෙර නොවුණක් ලෙසට

එරන්දිනී සෞභාග්‍යා

11 ශ්‍රේණිය ‘ඩී’, ගෝතමි බා. වි., කොළඹ


 

සතුන් වත්ත නැරැඹීමට ගියදා...

අපි පාසලෙන් දෙහිවල සත්තු වත්ත නැරැඹීමට ගියෙමු. මට මුලින් ම මතකයට එන්නේ සුදුපාට පිට රටින් ගෙනාපු ඔටුවා ය. සෙලවි, සෙලවි ඉන්න නිසා බයත් ඇති වුණි. සමනල කෝෂ, සමනල බිත්තරත් අපි දුටුවෙමු. පාට පාට මාළුත් සිටියහ. මම ආසම සතා මොනරාත් එහිදී දුටුවෙමි. අපි උදය කෑම එහිදී ගෙන ගුරුතුමිය දීපු චොකලට් රස බැලුවෙමු. රංචු පිටින් ඉන්න සත්තු දැක මට පරිසරය පාඩම මතක් විණි. අපිට එදා නම් හරිම සතුටු දිනයකි.

දහම්තා අක්නදී ප්‍රනාන්දු,

2 ශ්‍රේණිය ‘සී’,

සිරිකුරුස විදුහල,

ගම්පහ.


පරවෙන නෙළුමක් කැකුළක් අමතයි

මේ ලෝකයේ හැම දෙයක්ම නැතිවී යනවා
බුදු හාමුදුරුවොත් එහෙම කියලා තියෙනවා
ඒ විදිහට මමත් අදම නැතිවී යනවා
ඔබටත් හෙට හවසට මට වුණු දේ වෙනවා

සුපිපෙනකොට මටත් හරිම සතුටක් දැනුණා
ඒ වුණාට මලට වුණත් සතුරො ඉන්නවා
නරන් පැමිණ අපිව අරන් ගේ සරසනවා
බුදු හිමි ළඟ වැතිරෙන්නකො සිත සැනසෙනවා

මට වෙන දේ ඔබටත් වන බවම සිතන්න
ඔබට ලැබෙන අභියෝගත් අත නාරින්න
මේ ගැන තව කැකුළු වලට කියලා දෙන්න
වෙන්වී යන්නට මට දැන් අවසර දෙන්න

ඩී. සඳනි හිමායා වැලිකල

7 ශ්‍රේණිය ‘ඊ’,

විශාකා විද්‍යාලය, කොළඹ 05


නොදුටු අප්පච්චි

සංසාර අසපුවේදී
අප්පච්චි කියා අමතන්ට
වරම් නැති මා හට
ඔබ මතක සිතුවම් දිගහැරෙයි‍
ඔබ මා හට හමුනොවේද
එලෙස සිතන්නට මට බැහැ
දුවේ කියා හිස අතගාන්නට
සිහිනයෙන් නුඹ මා ළඟයි

ජී.ආර්. විශාකා රත්නායක,

8ශ්‍රේණිය

පොතුවාගොන්න විදුහල,

පොතුවාගොන්න.


අහස

හඳ පෙනෙයි තරු පෙනෙයි වලාකුළුතියේ
හුළං හමන තාලයටම වලාකුළුවැනේ
හරිම ලස්සනයි සුදුම සුදුවගේ
අහස තරම් ලොකු දෙයක් තවත් නෑ වගේ
 

හංසාංගී දේශාත්‍රී සමරනායක,

2 ශ්‍රේණිය,

එන්සෙෆ් බෞද්ධ විද්‍යාලය,‍

මුල්ලේරියාව නව නගරය.


සමනල රජතුමා

ලිතුම් දඟකාර පොඩි ළමයෙක් සතුටින් පාසල් යනවා. පාසලේ වැඩ හොඳින් කරනවා. පාසල ඇරිලා ගෙදර ඇවිත් කෑම කාලා සුදු කිටියා ටොමියා සමඟ එහාට මෙහාට දුව පැන සෙල්ලම් කරනවා.

මිදුලේ සමනලයෝ, පුංචි කුරුල්ලෝ පසුපස දුවනවා, උඩ පනිනවා, කුරුල්ලන්ට ගල් ගහල රිදවනවා, කෑගහනවා. ලිතුම්ගේ මිදුලේ මල් ගස්වල පාට පාට සුවඳ මල් පිපිලා ලස්සන සමනලයෝ මල්වල වහලා මල් පැණි බොනවා. ලිතුම් ඒ දෙස බලා සිට හොරෙන් හොරෙන් අඩිය තියල සමනලයෝ ළඟට ගිහින් අල්ලාගෙන පාට පාට තටු ගලවල පිටි තවරාගෙන උඩ පැන පැන සතුටු වෙනවා. සමනල පැටවු බෝතල්වලට දානවා. සමනල පැටවු දඟලන හැටි බල බලා සතුටු වෙනවා. ලිතුම්ගේ අම්මා කියනවා “කුරුල්ලන්ට සමනලයින්ට කරදර කරන්ට හොඳ නෑ. සමනල රජතුමා ඔයාට දඬුවම් කරයි කියල.”

ලිතුම් රෑ නින්දට යන විට අම්මා කියපු කථාව මතකයට ආවා. ඒ සමඟම හොඳට නින්ද ගියා. ලිතුම් මිදුලේ දුව පැන සෙල්ලම් කරමින් සිටියා. පාට වළාකුලක් පාත් වුණා වගේ අලංකාර සමනලයින් රෑනක් පියඹා ඇවිත් ලිතුම් ඔසවා ගෙන ගස් අතරින් කහ පාට, රතු පාට, තැඹිලි පාට වලාකුළු අතරින් ලස්සන වර්ණවත් මල්වලින් පිරුණු ලස්සන මාලිගාවකට ගෙන ගියා. සෑම තැනකම මල් සුවඳ විහිදෙනවා. ලිතුම්ට සතුටක් දැනුණා. වටපිට බලන විට දේදුනු පාට වර්ණවලින් අලංකාර ලොකු සමනලයෙක් දැක්කා. ඒ තමා සමනල රජතුමා.

රජතුමා අනිත් සමනලයන් ගෙන් ඇසුවා “මේ පොඩි පුතා ද මගේ පැංචන්ගේ තටු කඩලා බෝතල්වලට දාන්නේ” කියල “ඔව් රජතුමනි” මාලිගාවේ හිටපු සමනලයන් උත්තර දුන්නා. ලිතුම් බයවෙලා ඇස්වල කඳුළු පුරවාගෙන අම්මා මම හොයනවා ඇති කියල වටපිට බැලුවා. රජතුමාට දුක හිතුණා ඉතාම ආදරයෙන් රජතුමා ලිතුම්ට කීවා.

“මගේ පැංචන්ට රිදවන්ට කරදර කරන්ට එපා පවු සිද්ධ වෙයි කියල ලිතුම් පොරොන්දු වුණා. කරදර කරන්නෑ කියල රජතුමා හොඳ ළමයා කියල සුවඳ හමන පාට පාට මල් පොකුරක් අතට දුන්නා. සමනල රජතුමා මාලිගාවේ හිටපු සමනලයන්ට අණ කළා මේ පුතා ගෙදර එක්ක ගෙන ගිහින් අම්මට බාර දෙන ලෙස. සතුටට පත් ලිතුම් හඬ නඟා හිනහ වුණා. ඒ හිතන හඬට අම්මා ලිතුම්ට කතා කළා “අම්මේ මම හීනයක් දැක්කා” කියලා. ලිතුම් අවදි වුණා. “අම්මේ මම සමනලයන්ට කුරුල්ලන්ට රිදවන්නෙ නෑ මම ඒ අයට ආදරය කරනවා” අම්මට හරිම සතුටුයි මගේ හොඳ පුතා කියල හිස අතගෑවා අම්මා ලිතුම්ට කතන්දර පොතක් දුන්නා. ලිතුම් හොඳ ළමයෙක් වෙනවා කියල හිතා ගත්තා.

එනිදු සුපසන් ප්‍රේමසුන්දර

2 ශ්‍රේණිය ‘බී’,

කේරි විදුහල,

කොළඹ


අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ 2013 වසරේ කණිෂ්ඨ අංශයේ ජයග්‍රහණය ලබාගත් බප/ ජය එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ දරු දැරියන් පිරිසකි මේ. 2003 වසරේ සිට 2013 දක්වාම සමස්ත ලංකා නැටුම් හා මුද්‍රානාට්‍ය තරගාවලියේ දී පළමු හා දෙවන ස්ථාන දිනා ගැනීමට මේ පාසලේ දරුවන් සමත් වී ඇත.

අලුත් අවුරුදු නිර්මාණ මෙසේ යොමු කරන්න

අලුත් අවුරුද්දත් අත ළඟම එනවා. පුංචි දරුවන් කවදත් බලා සිටින්නේ අවුරුදු එනකම්. අවුරුදු නිවාඩුවත් සමඟ කවුරුත් සතුටුවන අවුරුද්ද පිළිබඳ පුංචි ඔබේ නිරිමාණ ටිකිරි හමුවට යොමු කරන්න දැන් අවස්ථාව උදාවෙලා .

ඔබේ ගද්‍ය පද්‍ය හා චිත්‍ර අවුරුදු නිර්මාණ අප්‍රේල් මස 05වැනිදාට පෙර ලැබෙන සේ පහත ලිපිනයට යොමු කරන්න.

ටිකිරි හමුව-අවුරුදු නිර්මාණ
සිළුමිණ,
ලේක් හවුස්,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්