එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


යාත්‍රා

ඩිජිටල් එනතුරු බලාගෙන ඉන්නවා

ඉනෝකා සත්‍යාංගනී සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වගේම සිනමා කරණයේ නියැළෙන කාන්තාවන් අතළොස්සෙන් ඉදිරියෙන්ම සිටින ප්‍රවීණ සිනමාවේදිනියක්. ඇය පසුගිය දිනවල ඇගේ නවතම චිත්‍රපටයක රූගත කිරීම් සිදුකළා. ‘සින්ඩ්‍රෙල්ලා'. ‘සින්ඩ්‍රෙල්ලා’ චිත්‍රපටයේ නවතම තොරතුරු ගැන විමසා බලන්නට පසුගිය දිනෙක අපි ඇයට කතාකළා.

“මේ දවස්වල ‘සින්ඩ්‍රෙල්ලා’ සිනමා පටයේ සියලුම රූගත කිරීම්, සංස්කරණ කටයුතු අවසන් කරලයි තිබෙන්නේ. එය ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවෙන් තමයි සිටින්නේ. නමුත් පසුගිය දිනෙක සිනමා ශාලා ඩිජිටල්කරණය කොට සිනමා නිර්මාණ නූතන තාක්ෂණය යටතේ ප්‍රදර්ශනය කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට ජනාධිපතිතුමන් ප්‍රකාශයට පත්කරල තිබුණා. එය කාලීන අවශ්‍යතාවයක් වගේම සිනමාවේ හෙට දවස වෙනුවෙන් ගත් ඉතාම හොඳ තීරණයක් ලෙස මම දකිනවා.

මොකද මෙතෙක් කලක් අපි ඉන්දියාවට ගිහින් සෑහෙන වියදමක් දරලයි පිටපත් ලංකාවට රැගෙන ආවේ. මේ තීරණය ක්‍රියාත්මක කිරීම හරහා එම මුදල ලංකාවේ ඉතිරි වෙනවා. සිනමා කරුවන් වශයෙන් අපිට ඉතාම හොඳ සිනමා නිර්මාණ මේ තාක්ෂණය හරහා ‍ෙම් රටේදීම ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න හැකිවෙනවා. එය ක්‍රියාත්මක වෙනතුරු මං වගේම ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් පිරිසක් බලාගෙන ඉන්නවා.

වැඳුම් ලබන්නත් පිනක් තියෙන්න ඕන

මේ දවස්වල සරත් දික්කුඹුරට හැමෝම වඳින්න පටන් අරගෙන කියලා අපිට දැනගන්නට ලැබුණා. සරත් මේ දවස්වල විකාශය වෙන ටෙලිනාට්‍ය කිහිපයකින්ම අප අතරට එනවා. ඇත්තටම මේ විදිහට ‘වැඳුම්’ ලබන්න සරත් කරපු පින මොකක්ද කියල බලන්නත් එක්ක අපි ඔහුට කතාකළා.

“මේ දවස්වල මම මහණ වෙලා ඉන්නේ. එනිසා හැමතැනින්ම වැඳුම් පිදුම් ලැබෙනවා. ඒකට හේතුව තමයි ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන් රචනා කළ ‘බුද්ධි ද බේබි එලිෆන්ට්’ කියන කෘතිය ඇසුරින් චිත්‍රපටයක් නිර්මාණය වීම. මේ කෘතිය 2011 වසරේ දී රචනා කළා. එයට රාජ්‍ය සම්මාන පවා හිමිවුණා. දිළිඳු මවකට ලැබෙන අලි මුහුණක් සහිත දරුවෙකු වටා ගෙතෙන අපූරු කතාවක් ඒක. එහි මම ප්‍රධාන චරිතයක් වන ‘රාහුල’ හාමුදුරුවන්ගේ චරිතය නිරූපණය කරනවා. මෙහි රූගත කිරීම් මේ දිනවල වාරණ පන්සලේ දී සිදුවෙනවා. මම සිවුර ඇඳන් හාමුදුරු චරිත කරන කොට බොහෝ වැඩිහිටි අම්මලා සහ කුඩා දරුවන් මට වඳිනවා. මටත් කර ගන්න දෙයක් නැහැනෙ. මමත් අම්මලට වඳිනවා. මෙහි මාත් සමඟ රෙබෙකා නිර්මලී, ශාලිකා එදිරිසිංහ, සඳුන් විජේසිරි ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් එක්වෙනවා.

ලහිරුගෙන් ඇකඩමියක්

ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ තාරුණ්‍ය නියෝජනය කරන පෙරළිකාර චරිතයක් තමයි ලහිරු ‍පෙරේරා. හැමදාමත් සංගීත කලාව තුළ පෙරළියකට සූදානම් වෙන ලහිරු පෙරේරා ‍ෙම් දිනවල අලුත්ම ආකාරයේ පෙරළියකට සූදානම් වෙලා කියලා අපිට දැනගන්නට ලැබුණා. සංගීත කලාව එක තැන පල්වෙන්නට නොදී අලුත් අලුත් නිර්මාණ හඹා යන ලහිරුගේ මේ අලුත්ම පෙරළිය මොකක්ද කියල අහල බලමු.

“මම සංගීත පාසලක් ආරම්භ කළා. එය තමයි මේ අලුත්ම ආරංචිය. මේ විදිහට මම සංගීත පාසලක් ඇරැඹීමට කටයුතු කළේ හේතු කීපයක්ම මූලික කරගෙනයි. මෙය ශබ්ද පරිපාලනය පිළිබඳ ඇකඩමියක්. විශේෂයෙන්ම සංගීතයේ ඕඩියෝ ඉංජිනියරිං හෙවත් සංගීතමය තාක්ෂණික පැතිකඩ මේ හරහා මම උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ගීතයක් කොහොමද රෙකෝඩ් කරන්නේ මික්ස් කරන්නේ වගේම මාස්ටර් කරන්නේ කියන කාරණා. අද මේ ක්ෂේත්‍රයට විශාල ඉල්ලුමක් පවතිනවා. නමුත් ඒ පිළිබඳ නිවැරදි දැනුම ලබා දෙන ආයතන ඉතාම අල්පයි. මම මේ පිළිබඳ SAE (ස්කූල් ඕඩියෝ ඉංජිනියරිං) සිංගප්පූරු Branch එකේ පාඨමලාවක් හැදෑරුවා.

එයින් ලබාගත් නිවැරදි දැනුම මේ ක්ෂේත්‍රයට එන තරුණ තරුණියන්ට ලබා දීමයි මගේ අරමුණ. මෙයට මාත් සමඟ ‘ඩැඩී’ බෑන්ඩ් සාමාජික‍යන් වන විරේෂ් කුරේ ද එකතු වෙනවා. ඔහු SAE ලන්ඩන් ශාඛාවේ ඉගෙනුම හදාරා තිබෙනවා. කොහොම නමුත් හොඳ ප්‍රමිතියෙන් යුතු ගීතයක් ලංකාවේ තිබෙන අවම සම්පත් භාවිත කරමින් හොඳ ගීතයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන දේ මේ හරහා අපි තරුණ තරුණියන්ට ලබා දෙන්නට උත්සාහ කරනවා.

පන්දමක් නිසා අනතුරක් වෙලා

උමයංගනා වික්‍රමසිංහ රංගන ශිල්පිනියන් අතර කැපී පෙනෙන චරිතයක්. උමයංගනා මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. පසුගිය දවසක එක්තරා වැඩසටහනකදී උමයංගනාට අනතුරක් සිදුවුණු පුවතක් අපිටත් දැනගන්නට ලැබුණා. මේ ගැන උමයංගනාගෙන්ම විමසා බලන්නට අපිට හිතුණා.

“මම පසුගිය දවසක එක්තරා රියැලිටි වැඩසටහනකට සහභාගි වුණා. මෙය ඇඩ්වෙන්චර් රියැලිටි ප්‍රෝග්රම් එකක්. ඉතින් එහි දී පන්දම් දල්වා තිබුණා. නොහිතපු විදිහට භූමිතෙල් පොඟවා දැල්වූ පන්දමකට මගේ අතක් පිලිස්සුණා. මට ලොකු වේදනාවක් දැනුණා. දැන් නම් තරමක් සුවයි. ඒ අත්දැකීම නම් කිසිසේත්ම අමතක වෙන්නේ නෑ. මතක් වෙන කොටත් හිතට බයයි.”

පියාගේ අඩිපාරේ යන්න ලැබීමත් වාසනාවක්

සාර්ථක පියෙකුගේ අඩිපා‍රේ ගමන් කරන්න ලැබෙන එක පුතෙකුට ලැබෙන දුර්ලභ වාසනාවක්. එලෙස කලා ක්ෂේත්‍රයේ නම රැන්දූ ගායනයේ හා වාදනයේ ප්‍රවීණයෙක් තමයි සංගීත් වික්‍රමසිංහ. සංගීත්ගෙ පුතු සනුක වික්‍රමසිංහත් මේ වන විට පියාගේ අඩිපාරේ යමින් කලා ක්ෂේත්‍රයට පිවිසිලා මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා.

“පාරෙන් ඉවතට යයි දෝ මම නම්...
අහකට විසිවෙයි දෝ දැන්...
හදවත පුපුරයි තරහෙන්
සෙනෙහස පැතු ඈ ගෙන්...” මේ දිනවල කාගේත් කතාබහට ලක්වූ ඒ ගීතය ගායනා කරන්නේ සනුක වික්‍රමසිංහයි.

“මම නාලක විතානගේ ගේ ‘රූපාන්තරය’ චිත්‍රප‍ටයේ ගීතයක් ගයමින් තමයි කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. එය හුඟාක් ජනප්‍රිය වුණා. මාත් සමඟ ලහිර ‍ෙපරේරා, රන්දිර් විතාන මේ ගීතය ගයන්න එකුතු වුණා. ඉන්පසුව ගීත කිහිපයක් මට ගයන්න අවස්ථාව ලැබුණා. මම සංගීතයට හුඟාක් ආසයි. පුංචි කාලෙ පාසලෙන් සංගීත අධ්‍යාපනය ලබලා පියාගේ අඩිපාරේ යන්න ලැබීම මම දකින්නේ වාසනාවක් විදිහට. සංගීතය විනෝදාංශයක් ලෙස කළත් මම දැනට මාලබේ තොරතුරු තාක්ෂණ උපාධිය හදාරනවා. මිතුරන් සමඟ එක්වී පියාගේ උපදෙස් මත ‘ග්ලෝවරි’ නමින් සංගීත කණ්ඩායමක් මා නිර්මාණය කළා. අද ඒ හරහා බොහෝ දුරක් කලා ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණ සිටිනවා. මේ හැම දේකටම පියාගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්