එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Hollywood News

රොබ්ගෙ පොතේ වැඩි ඉඩක් මැඩෝනාට

ජනප්‍රිය නළු රොබ් ලෝව් දැන් ග්‍රන්ථ කර්තෘවරයකු බවට පත්ව සිටිනවා. ඔහු 2011 දී ‘ස්ටෝරීස් අයි ඔන්ලි ටෙල් මයි ෆ්‍රෙන්ඩ්ස්’ යනුවෙන් ග්‍රන්ථයක් රචනා කළා. එහි අඩංගු වන්නේ ඔහුගේ පෞද්ගලික අත්දැකීම්. මේ ග්‍රන්ථයෙහි තවත් කොටසක් ඔහු අප්‍රේල් 8දා එළිදක්වනවා. එය නම් කර ඇත්තේ ‘ලවි ලයිෆ්’ නමින්. මේ ග්‍රන්ථයෙහි ඇතුළත් වන කරුණු අතර වඩාත්ම කැපී පෙනෙන්නේ රොබ්ට ජනප්‍රිය ගායිකා මැඩෝනා මුණගැසුණු ආකාරය ඔහු විස්තර කර ඇති අන්දමයි.

තමන්ට, මැඩෝනාව මුණගැසුණේ 1984 දී ලොස් ඇන්ජලීස් නුවර දී යැයි රොබ් එහි සටහන් කර තිබෙනවා.

“එදා ඇය සුරතල් යෞවනියක්. තනිකඩවයි ජීවත්වුණේ. ඇය එදා හරිම පැහැපත්ව සිටියා. ඇගේ ඇස්වල කිසියම් රහසක් සැඟවිලා තිබුණා. මාව මුලින්ම මුණගැහුණු දවසේ ඇය මගෙන් ඇසුවේ ඒ දිනවල මම රඟපාමින් හිටපු චිත්‍රපට ගැනයි.

ඇයට ඕනෑ වුණේ හැම හැන්දෑවකම මාත් එක්ක නටන්නයි.”

රොබ් තම කෘතියෙහි එලෙස සටහන් කර තිබුණා.

සව්දිය පුරලා පොලිසියට මාට්ටු

ජනප්‍රිය ‘ස්ටාර් ට්‍රෙක්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ක්‍රිස් පයින් පසුගියදා නවසීලන්තයේ දී පොලිස් අත්අඩංගුවට පත්වුණා. එරට මහා මාර්ගයක තම මෝටර් රථය ඔහු පදවාගෙන ගොස් ඇත්තේ බීමත්වයි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ නිසයි.

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන ‘ඉසෙඩ් ෆෝසකරියා’ හි රූගත කිරීම්වලට සහභාගි වී ඉන්පසුව එම චිත්‍රපට කණ්ඩායමේ ශිල්පීන් සමඟ මත්පැන් පානය කළ ක්‍රිස් අලුයම් කාලයේ තම මෝටර් රථය පදවාගෙන ගොස් තිබෙනවා. පොලිස් නිලධාරීන්ට තමන් කවුරුන්දැයි මේ 33 වියැති රංගන ශිල්පියා හෙළිකර නැහැ. එහෙත් පසුව ඔහුගේ වත ගොත හෙළිවී තිබෙනවා.

‘ඉසෙඩ් ෆෝ සකරියා’ චිත්‍රපට කණ්ඩාය‍ෙම් ශිල්පියකු පැවසුවේ එම චිත්‍රපටයේ රූගත කිරීම් නිම කළ ‘සතුටට’ සියලුම දෙනා එකට එක්වී සවුදිය පිරූ වගයි.

ඒත් ක්‍රිස් ගේ සවුදිය පිරුම නම් අවසන් වු‍ෙණ් පොලිසියෙන්.

ස්පයිඩර් මෑන් - 2’ ඉක්මන් වෙලා

ලොව ප්‍රකට ‘ස්පයිඩර් මෑන්’ කතා මාලාවේ තවත් කතාවක් රැගත් අලුත්ම චිත්‍රපටය, ‘ද අමේසින් ස්පයිඩර් මෑන් -2’ ළඟදීම තිරගත වීමට නියමිතයි. මේ හොලිවුඩ් චිත්‍රපටය මැයි 02 දා සිට ඇමෙරිකාවේ සිනමාහල්වල මුලින්ම තිරගත කිරීමට කටයුතු යොදා තිබුණත් ඊට කලින් මැයි 01 දා සිට ඉන්දියාවේ තිරගත කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දීය සිනමාහල්වල මේ චිත්‍රපටය ඉංග්‍රීසි භාෂාවෙන් තිරගත වෙද්දී එරට තවත් සිනමාහල්වල හින්දි, දෙමළ සහ තෙළිඟු භාෂා උප ශීර්ෂ සහිතව ද තිරගත කිරීමට නියමිතයි. ඒ විතරක් නොවෙයි. එරට තුළ 2D, 3D සහ IMAX 3D තාක්ෂණයෙන් ද ‘ද ‍අමේසින් ස්පයිඩර් මෑන් - 2’ තිරගත වන බවත් ආරංචියි.

මේ චිත්‍රපටයේ මුල් කොටස වූ ‘ද අමේසින් ස්පයිඩර් මෑන්’ 2012 දී තිරගත වී සතියක් ගතවෙද්දී ලැබූ ආදායම ඉන්දීය රු. කෝටි 34ක් බවයි සෝනි පික්චර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කෙර්සි ඩරුවාලා පැවසුවේ.

ඔහු තවදුරටත් පැවසුවේ මැයි 1 දා ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බැවින් එදිනට ‘ අමේසින් ස්පයිඩර් මෑන් - 2’ චිත්‍රපටය නැරඹීමට ද විශාල ප්‍රේක්ෂක පිරිසක් සිනමා ශාලා වෙතට පැමිණෙන්නට ඉඩ ඇති බවයි.

අත්බෑගයයි කබායයි කියන රහස

ජෙනිෆර් ඇනිස්ටන් මේ දිනවල ගමන් බිමන් යන හැටි, පුටුවක වාඩිවෙන හැටි සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. ඇය දෙස විමසුම් ඇසින් බලන මේ අය කියන්නේ ජෙනිෆර් ට දරුවකු ලැබෙන්නට සිටින බවයි. මේ සුපිරි නිළිය නිතරම උණුසුම් කබායකින් තම සිරුර ආවරණය කරගෙන සිටින බව පැවසෙනවා. ඇය කොහේ ‍හෝ වාඩිවෙන්නේ තම උකුල මත කළු පැහැති කුඩා අත් බෑගයක් තබාගෙන යැයි ද සමහරු පවසනවා. ඇය එලෙස හැසිරෙන්නේ තමන්ගේ ගර්භණී බව වසන් කරගන්නටලු.

ඒ කොහොම වෙතත් ජෙනිෆර් නම් කියන්නේ පැතිරීගෙන යන මේ කතාවල ඇත්තක් නැති බවයි. ඇගේ සැමියා වන ජනප්‍රිය නළු ජස්ටින් තෙරොක්ස් ද කියා සිටින්නේ ජෙනිෆර් මවු පදවිය ලබන්නට යන බවට පැතිරෙන ආරංචි බොරු බවයි.

මේ වන විට ජෙනිෆර් 45 වැනි වියෙහි පසුවෙනවා. ඇය ජස්ටින් සමඟ විවාහ වුණේ 2011 දීයි.
 

කේට් වින්ස්ලට් ට ගෞරව සම්මානයක්

සංචාරකයන්ගේ පාරාදීසයක් වන ඇමරිකාවේ ‘වෝක්-ඔෆ් ෆේම්’ ප්‍ර‍දේශය ලොව පුරා කලාකරුවන් අතර ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. මෙහි පාලන කටයුතු භාරව ඇත්තේ හොලිවුඩ් වාණිජ මණ්ඩලය වෙතටයි. මේ මණ්ඩලය වාර්ෂිකව සම්මාන උලෙළක් පවත්වනවා. කලා ක්ෂේත්‍රයන්හි දක්ෂතා පෙන්වන කලාකරුවන්ට සහ කලා කාරිනියන්ට සම්මාන පිදෙන මෙහිදී මෙවර කැපී පෙනෙන නිළියට හිමි සම්මානය ලබන‍්නේ සුපිරි නිළි කේට් වින්ස්ලට්.

ළඟදීම පැවැත්වෙන ‘වෝක් - ඔෆ් ෆේම්’ සම්මාන උලෙළේ දී කේට් වින්ස්ලට් ට මේ ගෞරවනීය සම්මානය සුපිරි නළු නිළි යුවළක් වන ජේම්ස් කැමරන් සහ කැතී බේට්ස් විසින් පිරිනමනු ලැබීමට නියමිතව තිබෙනවා.

“වෝක් ඔෆ් ෆේම්’ උලෙළේ සංවිධායකවරයෙකු පැවසුවේ කේට් වින්ස්ලට් වැනි කුසලතා පූර්ණ නිළියකට මෙවැනි ගෞරව සම්මානයක් පිරිනැමීමට ලැබීම හොලිවුඩ් වාණිජ මණ්ඩලය ලද භාග්‍යයක් බවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්