දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අස්ගිරි මහ නාහිමියන් තෝරා ගැනීම එන 7 වැනිදා

අස්ගිරි මහ නාහිමියන් තෝරා ගැනීම එන 7 වැනිදා

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහනාහිමියන් වහන්සේ පත්කර ගැනීම අප්‍රේල් මස 07 දා පස්වරු 3.00ට අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී සිදු කෙරෙනු ඇතැයි අස්ගිරි මහා විහාරයිය කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහා විහාර පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් පසුගිය 20 වැනිදා මෙම තීරණය ගෙන තිබේ.

එදින චාරිත්‍රානුකූලව, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පදවිය අපේක්ෂා කරන සභිකයන් වහන්සේ ලේඛකාධිකාරී හිමියන්ට අයදුම්පත් ඉදිරිපත් කරන අතර, උන්වහන්සේ විසින් එම අයදුම්පත් අනුනායක හිමිවරුන් දෙනම වෙත ඉදිරිපත් කරනු ඇත. එක් ස්වාමින් වහන්සේ නමක් ඉදිරිපත් වූයේ නම්, ඒක ඡන්දයෙන් ද, දෙනමක් ඉදිරිපත් වී සිටීනම් කාරක සංඝ සභිකයන් වහන්සේගේ ඡන්ද විමසීමකින් ද මහනායක හිමිනම තෝරාපත් කරගැනීම සිදු කෙරේ. ඡන්දයක් නොපවත්වා සම්මුතියෙන් එකඟතාවකට පැමිණීම මෙහිදී බොහෝ විට සිදු කෙරේ.

මෙතෙක් මහනායක හිමි ධූරයේ වැඩ සිටි අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහනායක හිමියන්ගේ අපවත් වීමෙන් පසු මහනායක පදවිය පුරප්පාඩු වූ අතර අභිනව මහනායක හිමියන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ 22 වැනි මහනායක හිමියෝ වෙති.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්