මනාලයෝ

අගනුවරාසන්න බොදු ගොවි අවු. 43, 5' 7" නිවසක් වාහනයක් හිමි පුද්ගලික අංශයේ රැකියාවැති දුසිරිතෙන් තොර නීතියෙන් වෙන්වූ දරුවන්, බැඳීම් නැති පුතුට අවු. 38 ට අඩු ගුණයහපත් පියකරු නිරෝගී දියණියක් දෙමාපියෝ සොයති. කේන්ද්‍රය අවශ්‍යයි.

G66326
 

කොළඹට නුදුරු බොදු ගෙ ාවි වැදගත් පවුලක ඇමරිකාවේ උපාධි ලත් දැනට ඇමරිකාවේ සමාගමක විධායක නිලයක් දරන 31 හැවිරිදි 5'7'' උස කඩවසම් පවුලේ දෙවෙනි පුතුට උගත් රූමත් ගුණගරුක දියණියක් රජයේ ඉහළ නිලයක් දැරූ මව සොයයි. පවුලේ තොරතුරු දුරකථන අංකය සහ කේන්දරය සමග විමසන්න. [email protected]

G66224

බොදු කරාව මොණරාගල දිස්ති‍්‍රක්කයේ සුප්‍රසිද්ධ වෙළඳ ව්‍ය ාපාරයක් හිමි කෝටි-20 පමණ දේපල හිමි, අවු.46, උස-5'8" ව්‍යාපාරික බාල සොහොයුරාට  වැදගත් පවුලකින් රැකියාවක් නොකරන අවු.36 අඩු රූමත් ගුණගරුක සොහොයුරියක් සොයයි.

G66521

සිංහල දෙමව්පියන් විසින්, සිය වෛද්‍ය අඩි 6 උසැති, සුරාවෙන් හා දුම්පානයෙන් තොර, 33 වියැති කඩවසම් පුතණුවන්හට, ඉතා රූමත්, උගත් වත්කම් සහිත මනාලියක් සොයනු ලැබේ. පවුලේ විස්තර සමග පිළිතුරු එවන්න. [email protected]

G66393

මනාලියෝ

අගනුවරාසන්න බොදු ගොවි 41, 5' 3" පැහැපත් සිහින් රුවැති චරිතවත් M.B.B.S වෛද්‍ය දියණියට උගත් යහගුණැති සහකරුවෙකු දෙමාපියෝ සොයති. කේන්ද්‍ර අවශ්‍යයි.

B66327

කොළඹට නුදුරු උගත් උසස් පවුලක 1971 උපන් දරුවන් නොමැති උපාධිධාරී රජයේ රැකියාව සුදු පැහැය 5' 4" උස රූමත් දියණියට සම තත්වයේ පවුලකින් අවු. 50 අඩු උසස් රැකියාවක නියුතු සහකරුවකු සොයයි. ඇය සතු වටිනා දෙමහල් නිවසකි. වැන්දඹු හෝ නීත්‍යානුකූල වෙන්වූ අය සලකා බලමු. විස්තර හඳහන සමග E.mail කරන්න. [email protected]

B66564

මහරගම පදිංචි බෞ/ගො/වි විශ‍්‍රාමික දෙමාපියන් ඕස්ටෙ‍්‍ර්ලියාවේ (PR හිමි) ගණකාධිකාරි රැකියාවක නියුතු උගත් රූමත් 33, 4'11'' දියණියට උගත් රැකියාවක නියුතු අවංක අදහස් ඇති පුතකු සොයයි. අදහස් නොගැලපීමෙන් කෙටි විවාහයකින් නීතියෙන් වෙන් වී ඇත. දරුවන් නොමැත. තුලා ලග්නයේ ශනි1,රවි, කුජ, බුධ7ට ගැලපෙන කේන්ද්‍ර පමණක් දුරකථන අංකය සහ සියළු විස්තර සහිතව පලමු ලිපියෙන්. ඡ්ථචඪත: Email: [email protected]

B66225
 

සිංහල බොදු ගොවි එක්සත් රාජධානියේ මනාව ස්ථාපිත දෙමාපියෝ, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ සුදුසුකම්ලත් වෛද්‍යවරියක ලෙස සේවය කරන උස 5'6" උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥවරියක වීමට අපේක්ෂා කරන එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකාවේ සැළකිය යුතු වත්කම් තමන් සතු හා උරුම වන බාල දියණියට අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම්ලත් එක්සත් රාජධානියේ, නවසීලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවේ පදිංචි හෝ එක්සත් රාජධානියේ පදිංචියට කැමති සහකරුවකු සොයති. හොඳ විශ්වවිද්‍යාලයක වෛද්‍ය ශිෂ්‍ය, වෛද්‍ය, තොරතුරු තාක්‍ෂණ, මෘදුකාංග විශේෂයි. පිළිතුරු ඊමේල් මගින් පමණයි. [email protected] පවුලේ විස්තර සහ කේන්ද්‍රය පළමු ලිපියෙන්.

B66527

 

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්