ජෝර්ගේ ජයග්‍රාහිව ගමන අරඹයි
මොටෝ ජී. පී.
ලෝක ශූරතාව 2016
ජෝර්ගේ ජයග්‍රාහිව
ගමන අරඹයි

හැට අට වැනි මොටෝ ජී. පී. මෝටර් සයිකල් ධාවන තරගාවලිය සුපුරුදු පරිදි කටාර්හි
කොමර්ෂල් බෑන්ක් ධාවන පථයෙන් ආරම්භ වූ අතර, ගෙවී ගිය වසරේ ලෝක ශූරයා වූ ස්පාඤ්ඤයේ
ජෝර්ගේ ලොරෙන්සෝ මෙවර පළමු අදියර ජය ගැනීමට සමත් විය.
අදියර 18 කින් සමන්විත වන මෙවර තරගාවලියේ දෙවැනි අදියර ආජන්ටිනාවේ ලබන ඉරිදා
පැවැත්වේ. ගෙවීගිය වසරේ ආජන්ටිනාවේ පැවැති අදියර ජය ගැනීමට වැලෙන්ටිනෝ රොසී සමත්
විය. ජෝර්ගේට එම අදියරේ හිමිවුණේ පස්වැනි ස්ථානයයි. ආජන්ටිනා ධාවන පථය කිලෝ මීටර්
4.259 ක දුරකින් සමන්විත වේ. ලෝක ශූරතා මොටෝ ජී. පී. තරගවලිය වැඩිම වාර ගණනක් ජය
ගෙන ඇත්තේ ඉතාලියේ වැලෙන්ටිනෝ රොසියි. රොසී හත් වතාවක් මේ තරගාවලිය ජය ගෙන තිබේ.
තිස් හත්වැනි වියේ පසුවන රොසී 2001 සිට 2005 දක්වා අඛණ්ඩව පස් වතාවක් මේ ශූරතාව
දිනා ගෙන තිබෙන අතර ඊට අමතරව 2008 - 09 දී ද මේ ශූරතාව හිමි කර ගත්තේය. පසුගිය වසරේ
ලෝක ශූරයා වූ ජෝර්ගේ ලොරෙන්සෝ මීට පෙර 2010 - 2012 දී දෙවතාවක් ලෝක ශූරයා විය.
සුපුරුදු පරිදි මෙවර තරගාවලියටද 2013 - 14 වසරවල පිට පිට ලෝක ශූරයා වූ මාක් මාකස් ද
එක්ව සිටියි. ඩැනි පෙඩ්රෝසා ද මේ තරගාවලියේ ප්‍රබල තරගකරුවෙකි.
- බන්දුල ජයමාන්න
විශ්ව
ක්‍රීඩාවෙන් බිඳක්
‘හකා’
රංගනයේ
ඉතිහාස
කතාව

‘කා මටේ, කා මටේ, කා ඔරා, කා ඔරා
අයි ඩී අයි ඩී
කා මටේ, කා මටේ, කා ඔරා, කා ඔරා...’
ඔබ රගර් ක්‍රීඩා ලෝලියෙක් නම් සුප්‍රකට නවසීලන්ත ‘ඕල් බ්ලැක්ස්’ කණ්ඩායම තරගයකට
පිවිසීමට පෙර හා පසුව එක්ව ගයන මේ සටන්කාමී ගීතය හා උද්වේගකර නර්ථන රිද්මය අසා දැක
ඇතිවාට සැකයක් නැත. එය ලොව ජනප්‍රියතම ක්‍රීඩා ගීතය වන්නටද බැරිකමක් නැත. මේ ගීතය
ඇතුළත් ‘ඕල් බ්ලැක්ස්’ වේග රංගනය හඳුන්වනු ලබන්නේ හකා (HAKA) යනුවෙනි.
හකා ‘මෝරි’ ග්‍රෝත්‍රික සටන්කාමීන් සටනකට පෙර ගයනු ලබන උදාන ගීතයයි. මෝරා ජනයා
ඉන්දුනීසියාවේ ‘සුලවායි’ ප්‍රදේශයේ විසු ජන කොටසකි. පසු කලෙක ඔවුහු නවසීලන්තයට
සංක්‍රමණය වූහ.
පළමු වරට ‘හකා’ රිද්මය අන්තර්ජාතික රග්බි පාපන්දු පිටියේ රැව් පිළිරැව් දුන්නේ 1888
වසරේ නවසීලන්ත ජාතික කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදීය. ඔවුන් කලු වර්ණයෙන් ‘සමන්විත
ජර්සිය’ තම නිල වර්ණය හා ඇඳුම ලෙස භාවිතා කිරීම ආරම්භ කළේද මේ වර්ෂයේ සිටය.
නවසීලන්ත ජාතික රගර් කණ්ඩායම ‘All - Blacks’ යන සුප්‍රකට නාමය පටබැඳුනේ 1905 වසරේ
සිටය.
‘හකා’ යනු සාම්ප්‍රදායික ‘මෝරි’ නර්ථනයක එන වචනයකි. මෝරි ජන ගීයක් ඇසුරෙන් ‘හකා’
ගීතය රචනා කරන ලද්දේ ‘Te Rauparaha’ නම් පුද්ගලයා විසින් 1820 දශකයේදීය. නවසීලන්තයට
නිබඳ අභිමානය රැගෙන එන ‘ඕල් - බ්ලැක්ස්’ කණ්ඩායම සමඟ ගැයෙන හකා ගීතය එරට ජාතික
ගීයටත් වඩා ජනතාව අතර ජනප්‍රියය. ජනප්‍රිය පොප් ගීයක් තරම්ම ලොවේ ප්‍රචලිතය.
- සම්පත් බණ්ඩාර
|