.
Astrology - සතියේ කල දසාව
ශ. ව. 1937 ක්වූ මීන රවි 14 භාග මැදින් මස අව ජලවක තිථිය ලත්
මාර්තු මස 27 ඉරු දින සිට අප්‍රේල් මස 02 ශනි දින දක්වා....
හරිප්‍රිය ගුණසේකර
වාහනයක් මිලදී ගැනීම සඳහා කලක් තිස්සේ පැවැති බලාපොරොත්තු
ඉටු වේ. පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවීමට නියමිතය. අලුත් මිතුරු මිතුරියන්
හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙයි. ධනය ලැබීම අතින් යහපත් සතියකි. රැකියා කටයුතු
කෙරෙහි ඇති උනන්දුව ඉහළ යයි. සමිති සමාගම් ආදියෙහි නිලතල ලැබීමට ඉඩ ඇත. උසස්
අයගෙන් ප්‍රශංසා අසන්නට ලැබෙයි. තරග විභාග ජය අත් වෙයි.
ජය අංකය - 03
සුබ දවස - ඉරිදා සිතේ අසහනකාරී තත්ත්වය මැඬ පවත්වා
ගැනීමට අවස්ථාව උදා වෙයි. කාලයක් තිස්සේ ඇදී ආ ගැටලුවකට පිළිතුරු සොයා
ගැනීමට හැකි වෙයි. පවුලේ සුහදතාව වර්ධනය වෙයි. බාහිර දේ කෙරෙහි වැඩි
අවධානයක් යොමු කරයි. සම්මුඛ පරීක්ෂණවලට මුහුණ පෑ අයට රැකියා සඳහා කැඳවීම්
ලැබේ. හෘදයාබාධ ඇති අය වහා වෛද්‍යවරයකු හමුවිය යුතුය.
ජය අංකය - 09
සුබ දවස - සෙනසුරාදා අපේක්ෂා නොකළ අවස්ථාවක ආර්ථික
වාසි හිමිකර ගැනීමට වාසනාව උදා වෙයි. සහෝදර සහෝදරියන්ගෙන් තෑගි බෝග ආදිය
ලැබීමට ඉඩ ඇත. උද්යෝගයෙන් යුතුව රැකියා කටයුතුවල නිරත වීමට ඉඩ ලැබේ. අලුත්
මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වෙයි. අනතුරුවලට ඉඩ ඇති බැවින්
පරිස්සම් වන්න. පෙම් සබඳතා වර්ධනය වෙයි.
ජය අංකය - 02
සුබ දවස - ඉරිදා ලිපි ලේඛනවලට අදාළ කටයුතුවලදී
කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය. කලක සිට බලාපොරොත්තු වූ තනතුරු ලාබයක් සඳහා
ඉඩ සැලසෙයි. පදිංචි ස්ථානයෙන් බැහැර ප්‍රදේශ කීපයක සංචාරය කිරීමට අවස්ථාව
සැලසෙයි. උත්සාහයේ පමණට කටයුතු සාර්ථක කර ගැනීමට වෙහෙස විය යුතුය. මංගල යෝජනා
ඉදිරිපත් වෙයි.
ජය අංකය - 05
සුබ දවස - සිකුරාදා හවුල් ව්‍යාපාරවල යෙදී සිටින
ව්‍යාපාරිකයන්ට බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙයි. අතිරේක
ආදායම් මාර්ග වර්ධනය වීමට ඉඩ ඇත. කලා කටයුතුවල නිරත අයට යහපත්ය. ස්වයං රැකියා
අංශයේ නිරත අයට වඩාත් ඵලදායි ලෙස දියුණු වීමට ඉඩ ලැබෙයි. තරග විභාගවලින්
ජයග්‍රහණ ලැබෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි.
ජය අංකය - 01
සුබ දවස - බ්‍රහස්පතින්දා අස්ථාන ගතවූ වටිනා ලියවිල්ලක් නැවත
සොයා ගැනීමට හැකි වීමෙන් සිතට සතුට ඇති වෙයි. කාලයක් විදේශගතව සිටි ඥාති
සහෝදරයකුගේ පැමිණීමක් සිදුවිය හැක. කෙටි ගමන් බිමන් අධික වෙයි. සති මැදදී
සතුට දනවන පුවතක් අසන්නට ලැබෙයි. තම සෞඛ්‍යය කෙරෙහි උනන්දු විය යුතුය. ප්‍රේම
සම්බන්ධතා වර්ධනය වන ලකුණු පෙන්වයි.
ජය අංකය - 09
සුබ දවස - ඉරිදා අරමුණු ඉටු කරමින් මේ සතිය උදා
වෙයි. මුදල් හදල් වැඩිපුර අතේ ගැවසෙයි. ප්‍රේම සම්බන්ධතා වර්ධනය වෙයි.
උරුමයෙන් හිමි වීමට තිබූ දේපළක් අයත් වීමට ඉඩ ඇත. ආගමික පුද පූජා ආදියට වැඩි
නැඹුරුතාවක් ඇති කරයි. රැකියා අපේක්ෂා කරන අයගේ බලාපොරොත්තු ඉටු වෙයි. කාලයක්
ඇසුරු කළ අයකු සමඟ විවාහ ගිවිසුමකට ඇතුළත් වීමට වැඩිහිටි ආශිර්වාද ලැබේ.
ජය අංකය - 08
සුබ දවස - බදාදා බහින්බස් වීමක් නිසා අමනාප වූ අයකු
සමඟ යළි හිතවත්කම් ගොඩනඟා ගැනීමට හැකිය. ව්‍යාපාර කටයුතුවල නිරත අයට සුබ ඵල
හිමි කරයි. ව්‍යාපාරිකයන්ට මූල්‍ය ආයෝජන අවස්ථාව උදා වෙයි. ඉතා අවධානයෙන්
හා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු සතියකි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි. උසස්
අයගෙන් ප්‍රශංසා අසන්නට ලැබේ.
ජය අංකය - 06
සුබ දවස - සඳුදා පදිංචි ස්ථානය පිළිබඳ ප්‍රශ්නයක් විසඳා
ගැනීමට වැඩිපුර කාලයක් කැප කරයි. ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරීව කටයුතු කළ
යුතුය. නව වාහනයක් හෝ ඉඩමක් මිලදී ගැනීමට හැකි වෙයි. රිය පැදවීමේදී
ඉවසීමෙන් හා කල්පනාවෙන් රිය පැදවිය යුතුය. ආගමික පුද පූජා ආදියට වැඩි
නැඹුරුවක් ඇති කරයි. වකුගඩු බාධා හා මුත්‍රා බාධා ඇති අය සැලකිලිමත් වන්න. මංගල
යෝජනා ඉදිරිපත් වෙයි.
ජය අංකය - 02
සුබ දවස - සඳුදා දරුවන්ගේ හා වැඩිහිටි අයගේ කටයුතු
ආදියේදී සැලකිලිමත් විය යුතුය. හදිසියේ යෙදෙන දුර ගමනක් නිසා රැකියා
කටයුතුවලට බාධා ඇතිවීමට ඉඩ ඇත. නිවෙසක් හෝ ඉඩමක් ගැනීමට තිබූ
බලාපොරොත්තු ඉටු වේ. හිතවත් අය සමඟ විනෝද චාරිකාවකට සහභාගි වීමට ඉඩ ඇත.
පරිගණක අංශවල සේවයේ නිරත අයට උසස් වීම් ලැබේ.
ජය අංකය - 03
සුබ දවස - අඟහරුවාදා බුද්ධිය මෙහෙයවා කටයුතු කොට
ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වෙයි. රැකියාවට අදාළව මෙතෙක් පැවැති දුෂ්කරතා මඟ
හැරෙයි. වතුපිටි ආදියේ ආදායම් තත්ත්වය වර්ධනය වෙයි. දියුණුවට නව අඩිතාලමක්
දැමීමට අවස්ථාව උදා වෙයි. රැකියා ස්ථානයේ රාජකාරි වෙනුවෙන් වැඩිපුර වෙහෙසීමට
සිදු වෙයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. මංගල යෝජනා ඉදිරිපත් වෙයි.
ජය අංකය - 03
සුබ දවස - අඟහරුවාදා අවිවාහක අයට මංගල යෝජනා
ඉදිරිපත් වෙයි. සිතේ සතුට දෙන සතියකි. මේ සතිය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙයි. තරග
විභාගවලින් ජයග්‍රහණ ලැබෙයි. විසිතුරු භාණ්ඩ මිලදී ගැනීමට වැඩි
රුචිකත්වයක් දක්වයි. ආගමික පුද පූජා ආදියට වැඩි නැඹුරුවක් ඇති කරයි.
හෘදයාබාධ ඇති අය ප්‍රවේශම් වන්න. ආර්ථික ගැටලු මතුවන අතර ණයවීම් ආදියට
මැදිහත් වීමට සිදු වෙයි.
ජය අංකය - 01
සුබ දවස - බ්‍රහස්පතින්දා
|