කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
සංසුං බාප්පා

සංසුං බාප්පා ආප්පයක් ද කෙසෙල් ගෙඩියක් ද අත්දෙකට ගත්තේය. රත්තා පොල් කරත්තයත් කරේ තියාගෙන බලා සිටියේය. සංසුං බාප්පා කෙසෙල් ගෙඩිය පමණක් නොව ආප්පයද රත්තාගේ කටේ එබුවේය.

බාල මහත්තයා සුපුරුදු පරිදිම පත්තරය කියවමින් සිටියේය.

”එංගලන්තෙ ආහස් යාත්‍රා තොටුපොළකට කොටි පැනල කියන්නෙ.”

”හ්ම්”

සංසුං බාප්පා කඩයට ගොඩවූ පසුව ද වැඩි කතාබහකට යන්නේ නැත. ඒ සංසුං බාප්පාගේ හැටිය. රත්තාට තවත් කෙසෙල් ගෙඩි දෙකක් ගිල්ලවා නැවතත් බාප්පා සුදු ආප්පයක් ගත්තේය.

”කොටි ගහපුව දැන් මිනිස්සුන්ට මතක නෑ... හරියට මොකුත්ම වුණේ නෑ වගේ ඉන්නෙ.”

බාල මහත්තයා තවදුරටත් විස්තර කරයි.

”හ්ම්”

සංසුං බාප්පා එසේ කියමින් කෙසෙල් ගෙඩියක් කඩා ගත්තේය. එවර නම් රත්තා කන්පොට ගැසුවේ නැත. එහෙයින් බාප්පා ආප්පයට පෙර කෙසෙල් ගෙඩියෙන් කෑල්ලක් කටට ගත්තේය.

ඒ අතරේ විලියොං පැමිණියේය. ඒ පපඩමක් ගෙන යන්නටය. ගම් බිත්තරයක් මුදලාලිට දී පපඩම් දෙසිය පණහක් ගත්තේය. ඉතුරු ඒවාට සිගරට් ගත්තේය.

”උදේ පාන්දර මොකටද විලියොං පපඩම්.”

”දන්නැද්ද දැන් හැදෙන කෙල්ලො... ගම් බිත්තරේ කන්ඩ බෑ කියල පපඩං ගේන්ඩ කිව්ව.”

”ඔය කෙල්ලට තණකොල ටිකක් දීල බැලුවෙ නැද්ද?”

සංසුං බාප්පා සන්සුන් විදියට ඇසූ නමුත් බාල මහත්තයා නොගැලපෙන තරමට “හක හක” ගා සිනාසුණේය.

සංසුං බාප්පා බාල මහත්තයාගේ හිනාවට එතරම් හොඳ අනුමැතියක් දුන්නේ නැත.

”නෑ මං විහිළුවක් නෙමෙයි කිව්වෙ. තණකොළ කන කොට ඔයවගේ අයට මොළේ එනව.”

”දැන් බාප්පගෙ රත්තට හොඳට මොළේ ඇතිනෙ එහෙනං.”

”නැතුව... ඒකනෙ ඌ මන්තිරි කෙනෙක් වෙන්නෙ නැත්තෙ...”

”බාප්පගෙ කියමන ඇත්ත තමයි... දැන් බලාපුවාම ඔය කවුන්සලේ නෑ නේන්නම් තණකොල කන එක්කෙනෙක් වත්..”

”එහෙම ම කියන්ඩත් එපා... ඉඳල හිටල එහෙම අයත් ඉන්නව.. මොළේ තියෙන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්ඩ එපායැ.”

”ඔව් ඉතිං එහෙම එක්කෙනෙක් දෙන්නෙක් හිටියොත් ඇති මුළු කවුන්සිලේටම.”

බාල මහත්තයා පත්තරයේ තවත් පිටුවක් පෙරලුවේය.

එතකොටම කරු මහත්තයා තණකොළ මිටියක් ද රැගෙන ආවේය. තණ කොළ මිටිය, රත්තාගේ හොම්බට බොහෝ ඈතින් තබා කඩයට ගොඩවී පපුවේ රෝම ගස් ටික අත ගෑවේය.

”කරු මහත්තය හොඳටම බය වෙලා... ඔව් ඉතින් ගිය සුමානෙ රත්තා වැලගෙඩියට වැඩේ දුන්න නෙ...”

”ප්‍රශ්නයක් වුණේ නෑ.. අපේ කට්ටිය එහෙන් මෙහෙන් කොටන්ඩ දස්සයොනෙ..”

”කොහෙද මේ උදේ පාන්දරින් තණ කොළ මිටියකුත් අරගෙන?”

”පිටරට ඉඳන් ආපු යාළුවෙක් බලන්ඩ යනව.”

කරු මහත්තයා එසේ කියා රෝස්පාන් ගෙඩියකුයි වඩේ එකකුයි ගත්තේය.

”හීත්‍රෝ ඉඳල ආපු එක්කෙනා නේද?”

සංසුං බාප්පා, රත්තා ගේ පිටට තට්ටුවක් දමමින් ඇසුවේය. කරු මහත්තයා වඩේ එක දෙපාරට ගිල්ලේය.

රත්තාට හොම්බ දික්කර තණකොළ මිටිය ඇද ගැනීමට ඉඩක් තිබුණද ඌ එහෙම කෙළේ නැත.

”අද රත්තා හොඳයි...”

කරු මහත්තයා මාතෘකාව වෙනස් කිරීමේ අදහසින් කීවේය.

”ඌ බාල තණකොළ කන්නෙ නෑනෙ.”

සංසුං බාප්පා සන්සුන් උත්තරයක් දී “ජහ්.. මහ්” කියා රත්තාගේ පිටට තට්ටුවක් දැම්මේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා