කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

.

Astrology - සතියේ කල දසාව

ශ.ව. 1932 ක් වූ වෘශ්චික රවි 20 භාග ඉල් මස අමාවක තිථිය ලත් දෙසැ. 05 ඉරිදා සිට දෙසැ. 11 ශනිදා දක්වා

ඉඩම් පිළිබඳ ගැටලුවක් හෝ වෘත්තිය ප්‍රශ්නයක් මතුවෙයි. ව්‍යාපාරවලින් ධනය ලැබුණ ද මුදල් ඉතිරි කළ නොහැකි ය බලාපොරොත්තු නැති වියදම් දරන්නට සිදුවෙයි. විදේශයක සිටින ඥාතිවරයකු ගේ සහය ලැබීමෙන් අඩුපාඩු මඟහරවා ගැනීමට හැකිවෙයි. නව නිෂ්පාදනයක් අලෙවි කොට ආදායම් මාර්ග ගොඩනැඟීමට උත්සාහ ගන්නා සතියකි. එයින් සුබපල උදාකරයි.

ජය අංකය - 8

ඉංජිනේරු හෝ කර්මාන්ත අංශවල සේවය කරන අයට තනතුරු උසස් වීම් මෙන් ම ස්ථාන මාරු ආදිය ද ලැබේ. සහෝදරයන් අතර පවත්නා සබඳතා වර්ධනය වෙයි. ගමන් බිමන් අඩු කළ යුතු ය. සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් උදාකරයි. පාදවල ආබාධයක් ඇති විය හැක. හිතවතකුට සොර බිය තර්ජනයක් ඇති වීම පිළිබඳ ආරංචියක් සති අන්තයේදී අසන්නට ලැබේ.

ජය අංකය - 6

පැරණි ණයක් ආපසු ලබා ගැනීමට ලැබෙන අතර ඒ මුදල දරුවකුගේ අනාගතය සඳහා වෙන්කර තැබීමට අදහස් කරයි. පෙම් සබඳතා බලාපොරොත්තු රහිත බිඳ වැටීමකට හේතු වුව ද නැවත ගොඩ නඟා ගැනීමේ වාතාවරණයක් මතු වෙයි. සංචාරක කටයුතු වල නිරත අයගේ අදහස් සඵල කරයි.

ජය අංකය 4

අධ්‍යාපන ක්ෂේත්‍රවල වැඩකටයුතු වලින් දියුණුවක් ගෙන දෙයි. නව නිවාස පිළිබඳ සිතුවිලි වැඩි කැරෙන අතර අලංකාර නිවාසවල පදිංචියට අවස්ථාව සැලසේ. ගොවි කර්මාන්ත කටයුතුවල නිරත වීමට අවස්ථා සැලසේ. ඉඩම් කොටස් වශයෙන් අලෙවිකරන අයගේ ආදායම් මෙම සතිය තුළ වැඩි දියුණු කර ගත හැකි ය.

 ජය අංකය - 7

දරුවකු පිළිබඳ සතුටුදායක ආරංචියක් අසන්නට ලැබේ. වාහන ලාබ හිමිවෙයි. කර්මාන්තවල යෙදෙන්නන්ට ධන ලාබ වැඩියෙන් ඛ්ඹ්මිවන කාලයකි. විදේශවල රැකියාවල නිරත අයට ද සුබදායකය . ආදායම් සරුවෙයි. බොහෝ දුරට පවුලේ අයට හෝ පීඩනවලට පත්වුණ ඥාතීන්ට සහාය වීමට උත්සාහ ගනී. ස්නායු රෝග, පෙණහලු ආබාධ වැළඳීමට ඉඩ ඇත.

ජය අංකය - 6

මංගල යෝජනා ඉදිරිපත් වන සතියකි. එකී යෝජනා තීරණාත්මක තත්ත්වයේ විවාහයකට මුල් වන අතර රූමත් සහකාරියක හෝ සහකරුවකු ලැබීමේ වාසනාව උදාවෙයි. රජයේ සේවාවල නිරත අයගේ ආදායම් තත්ත්වය යහපත්වෙයි. උසස් විභාගවලට පෙනී සිටින අයට ජයග්‍රහණ අත්වෙයි. කෙටි ගමන් බහුල වෙයි. මිශ්‍රඵල උදා කරයි.

ජය අංකය - 3

සහෝදරියක් නිසා සිත් තැවුලකට පත්වෙයි. දාන මාන කටයුතු සඳහා ඇති උනන්දුව වර්ධන වෙයි. ඉඩමක් විකුණා ගැනීමට ගන්නා උත්සාහය සඵල වෙයි. ලීබඩු හෝ රෙදිපිළි අලෙවි කරන අයට සුබ දායකය. ආදායම් සරුවෙයි. අධ්‍යාපන කටයුතු වල නිරත අයගේ කටයුතු සාර්ථක වෙයි.

ජය අංකය - 2

ව්‍යාපාරික කටයුතුවල නිරත අයට හිතවතුන්ගේ සහයෝගය ලැබෙන සතියකි. ප්‍රචාරක අංශවලට සම්බන්ධ රැකියාවල නිරත අයට යහපත් ය. ලේඛකයන්ට හා කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ සඳහා ඇගැයීම් හිමිවෙයි. සහෝදරයකුගේ මංගල්‍යයක් පිළිබඳ වෙහෙස මහන්සි වීමට සිදුවෙයි. ඇස්වල හා උගුර ආශ්‍රිත රෝග මතුවීමට ඉඩ ඇත.

ජය අංකය - 05

සෞඛ්‍යය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු සතියකි. නිවෙසින් බැහැරව මිතුරු ඇසුරේ කාලය ගත කිරීමට අවකාශ සැලැසේ. සහෝදර සහෝදරියන්ගේ සහයෝගය නොඅඩුව ලැබේ. සති අන්තයේදී සංචාරයකට ඇරැයුමක් ලැබේ. මිශ්‍ර ඵල උදා කරයි.

ජය අංකය - 9

විදේශ රැකියාවක් බලාපොරොත්තු වූ අයගේ ප්‍රාර්ථනා ඉටුවෙයි. අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය පිළිබඳව ප්‍රභූවරුන්ගේ සැලකිල්ලට භාජනය වෙයි. අන් අයගේ චෝදනා හෝ අමනාපකම් මතු විය හැක. මතු වුව ද රැකියා නොමැති අය ඒ පිළිබඳ මුහුණපාන සම්මුඛ පරීක්ෂණවලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගනී.

ජය අංකය - 2

ගුප්ත දේ පිළිබඳ නිතර සිතන්නට පෙළඹේ. කෘෂි කර්මය පිළිබඳ කටයුතු වලද නිරත වන අයට පාඩු ගෙන දෙයි. බැහැර සිටින ඥාතියකුට වැලඳුණු රෝගයක් ගැන අසන්නට ලැබීමෙන් සති අන්තයේ දී නිවෙසින් බැහැර යාමට සිදුවෙයි. කාන්තා සහාය ලබාගනී. මිශ්‍ර ඵල උදා කරයි.

ජය අංකය - 4

සේවා ස්ථානයේ පසුතැවීම් හා සිත් තැවුල් වැඩිවෙයි. තමාට හිමි දේපල හා ධනය රැක ගැනීමට මහත් උනන්දුවක් දක්වයි. නව රැකියා සඳහා ගන්නා උත්සාහය සඵල වෙයි. විදේශවල සිටින අයට යහපත් ය. සමිති සමාගම්වල නිලධාරීන්ගේ නිලතල වල වෙනසක් ඇතිවිය හැකි ය.

ජය අංකය - 3


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා