කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
ත්‍රස්තයින් පුම්බන කවරකුට වුව සමාවක් නෑ

ත්‍රස්තයින් පුම්බන කවරකුට වුව සමාවක් නෑ

- ඇමැති කෙහෙළිය

මිය ගොස් සිටින කොටි ත්‍රස්තයන්ගේ ඇට සැකිළි වලට යළි ජීවය ලබාදීමේ අසාර්ථක උත්සාහයක කවුරුන් හෝ යෙදෙන්නේ නම් රටට එතරම් ද්‍රෝහි වීමක් තවත් නැතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එවැනි අසාර්ථක උත්සාහයක කිසිවකු හෝ යෙදෙන්නේ නම් මාතෘ භූ®මියේ නාමයෙන් ඊට කිසිදු සමාවක් නොලැබෙන බව ද අමාත්‍යවරයා පවසයි. මාතෘ භූ®මියට එරෙහි වෙමින් එල්.ටී.ටී.ඊ පෝෂණය කළ ඇතැම් පිරිස් අදත් උත්සාහ කරන්නේ ලද සෑම මොහොතකම ත්‍රස්තවාදයේ ඇට සැකිල්ලකට හෝ පණ ලබාදීමට යැයි ද රඹුක්වැල්ල මහතා කීය.

තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය හා ත්‍රස්තවාදය ලෝකයටම මහා ව්‍යසනයක් බවට සැමවිටම කතා කරන බ්‍රිතාන්‍ය වැනි රටක්් ත්‍රස්තවාදයට යට වී රාජ්‍ය නායකයකුගේ නිදහස් අදහස් ප්‍රකාශනයේ අයිතිය නවතා දැමීම ඔවුන්ගේ නොහැකියාව හා බිය ගුලුකම ලොවටම පැහැදිලි කිරීමක් බව ද ඒ මහතා පැවසීය.

එදා මෙවන් රාජ්‍යයන් ලබාදුන් උපදෙස් බලපෑම් කිසිවක් ගණනකට හෝ නොගෙන රටක් ලෙස අපට ඍජු නායකත්වයක් ඔස්සේ කොටි ත්‍රස්තයන් දණින් වට්ටවා පරාජය කිරීමට හැකි වූ බව ද අද ත්‍රස්තවාදය හමුවේ දණින් වැටී යට වී සිටින එම රාජ්‍යයන් මේ මොහොතේදීවත් දෙවරක් නොසිතා අප රට ආදර්ශයට ගෙන ත්‍රස්තවාදයට යට නොවීමට අදිටන් කැර ගත යුතු බව ද අමාත්‍යවරයා කීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා