කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
නගරය වාගේම ගම හැදීමත් රජයේ අරමුණයි

නගරය වාගේම ගම හැදීමත් රජයේ අරමුණයි

වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන

වත්මන් රජයට එරෙහිව විපක්ෂය නඟන චෝදනා කිසිවක් පිළි නොගන්නා තැනට මෙරට ජනතාව පත්වී සිටිති. එයට හේතුව නම් රජය ජනතාවට දුන් පොරොන්දු එලෙසම ඉටුකර ඇති නිසාය. හම්බන්තොට වරාය ඉදිකිරීම සිහිනයක්ව පැවැති කාලයක් තිබිණි. නමුත් එම සිහිනය මේ වන විට සැබෑ වී තිබේ. හම්බන්තොට වරායේ ඉදිකිරීම් නිම කිරීමට සැලැසුම් කළ කාලයට වඩා මාස හතරකට පමණ පෙර එහි ඉදිකිරීම් නිම කිරීමට හැකි විය.

ඒ වරාය අධිකාරියේ සේවය කරන ඉංජිනේරුවන්ගේ සහයෝගය නිසාය. විශේෂයෙන්ම මේ වරාය රට තුළට වන්නට ඉදිකළ වරායකි. මේ වරායට ජලය පිරවිය නොහැකි බවට ද විපක්ෂය චෝදනා කළේය. නමුත් පසුගිය නොවැම්බර් මස 18 වෙනිදා හම්බන්තොට වරායට ජෙට්ලයිනර් නැව සමඟ තවත් නැව් දෙකක් සේන්දු විය. එම ඓතිහාසික අවස්ථාව සිදුවූයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. ඒ නිසා හම්බන්තොට වරාය පිළිබඳව අප මුළු ලෝකයටම පණිවිඩයක් දී තිබේ.

එමෙන්ම ලබන වසරේ අපේ‍්‍රල් මාසයේදී විදෙස් නැව්වලට සේවා සැපයීමට හම්බන්තොට වරාය මේ වන විට සූදානම් වී හමාරය. හම්බන්තොට වරායට ඉතා ආසන්නව නැව් මාර්ගය පිහිටා තිබීම නිසා නැව් මාර්ගය අසළට ගොස් විදෙස් නැව් සඳහා තෙල් සැපයීමට හැකියාව ලැබී තිබේ. මේ වන විට තෙල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිම කර හමාරය.

එමෙන්ම ඔළුවිල් වරාය ලබන වසරේ අපේ‍්‍රල් මාසය වන විට විවෘත කිරීමට නියමිතය. එහි ඇතුළත ධීවර වරාය සහ වෙළෙඳ වරාය ද ඉදි කෙරෙමින් පවතී. එමෙන්ම ගාල්ල වරාය සංචාරක වරායක් බවට පත් කිරීම වරාය අමාත්‍යංශය මේ වන විට සියලු සැලැසුම් සකසා අවසන්ය.

එමෙන්ම ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ කර්මාන්ත කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. එම සංවර්ධන කටයුතු සඳහා යම් ණය මුදලක් ලබා ගතහොත් එම වරායන්ට ලැබෙන ආදායමෙන් එම ණය ගෙවීම ද රජයේ බලාපොරාත්තුවකි.

මේ වන විට රටේ ප්‍රධාන වරායන් සංවර්ධනය කෙරෙමින් පවතින මොහොතක විපක්ෂය විවිධ චෝදනා නඟමින් සිටී. එනම් හම්බන්තොට වරායට එකම නැවක් ;හී ගෙන්වා ගත නොහැකි බවටය. නමුත් විපක්ෂය මෙවැනි කථා කීවේ අද ඊයේ නොවේ. යුද්ධය සමයේ විපක්ෂය කීවේ යුද්ධය මඟින් සාමය ළඟා කර ගත නොහැකි බවත් එල්ටීටීඊය පැරදවිය නොහැකි බවත්ය. කිලිනොච්චියට යනවා කියා මැදවච්චියට ගිය බව කියු විපක්ෂය වර්තමානයේ හම්බන්තොට වරාය ගැන කියන්නේ ද එවැනිම පට්ටපල් බොරුය.

හම්බන්තොට වරායට මුලින්ම ඇතුළත් කළේ කුඩා බෝට්ටුවක් නොවේ ජෙට්ලයිනර් නෞකාවය. එම නැව යුද්ධය සමයේ භාවිත කළේ ත්‍රි’මලේ සිට කන්කසන්තුරේ දක්වා සොල්දාදුවන් විශාල වශයෙන් ප්‍රවාහනය කිරීමටය. මේ වන විට නැව් සමාගම් රැසක් හම්බන්තොට වරායට පැමිණීමට කැමැත්ත පළ කර තිබේ. හම්බන්තොට වරාය අසාර්ථක වරායක් නම් එම වරාය ආශි‍්‍රතව ආයෝජන සිදු කිරීමට මෙරටට ආයෝජකයන් පැමිණෙන්නේ නැත. නමුත් මේ වන විට හම්බන්තොට වරාය ආශි‍්‍රතව ආයෝජන සිදු කිරීමට ආයෝජකයන් 27 දෙනකු පැමිණ තිබේ.

එම ආයතන මෙරට සහ අන්තර්ජාතික වශයෙන් පිළිගත් ආයතනයන්ය. එම නිසා හම්බන්තොට වරාය අපේ රටට අනාගතයේදී වාසි රැසක් අත් කැර දෙන බව පැහැදිලිය.

මේ වන විට විපක්ෂය තවත් බොරුවක් කියමින් සිටී. එනම් කොළඹ වරායේ ලාබයෙන් ඔළුවිල් වරායේ පාඩුව මකා දැමීමට සූදානම් වෙන බවය. නමුත් තවමත් ඔළුවිල් වරාය ආරම්භ කර නැත. එම නිසා විපක්ෂයේ පට්ටපල් බොරු ජනතාවට තේරුම් ගත හැකිය.

ජනාධිපතිතුමා යටතේ පවතින වරාය අමාත්‍යංශය රටේ සංවර්ධනයට එවැනි සුවිසල් මෙහෙයක් කරද්දී මහාමාර්ග අමාත්‍යංශය ද ඊට සම්බන්ධ කැර තිබේ. එය ජනාධිපතිතුමා ගත් නිවැරැදි තීන්දුවකි. ඊට හේතුව නම් රටක සංවර්ධනයට එරට මහාමාර්ග පද්ධතියේ දියුණුව ද බලපාන නිසාය.

උතුරු පළාතට, වයඹ පළාතට, උතුරුමැද පළාතට සහ ඌව පළාතට ගියහොත් ජනතාව අත්දකින සත්‍යයක් තිබේ. එනම් එම ප්‍රදේශවල වෙනදා තිබු වළවල්වලින් ගහන මාර්ග නොමැති බවය.

ඊට අමතරව දකුණු අධිවේගී මාර්ගය, කටුනායක කොළඹ මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග රැසක් රටපුරා ඉදිවෙමින් තිබේ. දැන් රජයට තිබෙන ගැටලුව මාර්ග ඉදිකිරීම් වැඩි වෙන විට ගම්බද ප්‍රදේශ නගර බවට පත්වීමය. එමෙන්ම ඉදිරියේදී කොළඹ නගරයේ ගුවන් පාලම් මෙන්ම ගුවන් මාර්ග ද ඉදි කිරීමට සැලැසුම් කර තිබේ. එනම් මහාමාර්ගයක් මත මහාමාර්ගයක් ඉදිකරන වැඩපිළිවෙළකි.

ඒ නිසා නගරය සංවර්ධනය වෙන විට ගම ද සංවර්ධනය කිරීම රජයේ බලාපොරොත්තුවය. උදාහරණ ලෙස ගමේ තේ දළු නගරය වෙත ගෙන එන විට ඉන් සියයට 30 ක් පමණ විනාශ වී හමාරය. එවැනි ප්‍රශ්න අවම කර ගැනීම රජයේ අරමුණය.

මේ රටේ මහා මාර්ග රැසක් පසුගිය වසර පහක කාලයේදී සංවර්ධනය කිරීමට වත්මන් රජයට හැකි විය. ඒ සඳහා ජනාධිපතිතුමා සෘජුවම ඇතැම් අවස්ථාවලදී මැදිහත් වී තිබිණි. ඊට අමතරව ගම නැඟුම මඟින් මේ රටේ ග්‍රාමීය මාර්ග දහස් ගණනක් සංවර්ධනය කළේ වත්මන් රජය මඟිනි. ඉදිරියේදී මේ රටේ තවත් ග්‍රාමීය මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිතය. ඉදිරි වසර පහක කාලයේදී අප රටේ විශාල පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. අනාගතයේදී ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ඒකායන පරමාර්ථයයි.

එහිදී මේ රටේ වරාය සංවර්ධනය කිරීම සහ මහාමාර්ග සංවර්ධනය කිරීම අත්‍යවශ්‍යය. ඒ සඳහා වන වගකීම් බාර දී තිබෙන්නේ මහාමාර්ග සහ වරාය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මා සහ නිර්මල කොතලාවල මහතාටය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා