ලේක්හවුස් කැරොල් ප්‍රසංගය 18 දා
ලේක්හවුස් කැරොල් ප්‍රසංගය 18 දා
ලේක්හවුස් ආයතනයේ කතෝලික සහයෝගීතාව විසින් මෙහෙයවන නත්තල් කැරොල්
වැඩසටහන දෙසැම්බර් මස 18 වැනිදා සවස 3.30 ට ප්‍රථම වරට ලේක්හවුස්
පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම ප්‍රසංගයේදී ලේක්හවුස් කතෝලික සංගමයේ
සාමාජිකයන් 16 දෙනෙකු විසින් නත්තල් බැති ගී ගායනා ඉදිරිපත් කිරීමට
නියමිතය.
තව ද මෙම වැඩසටහනට කලාශූරී ලතා වල්පොළ, ප්‍රවීණ ගායන ශිල්පී අනිල්
භාරතී සහ නව පරපුරේ ගායන ශිල්පී මාරියෝ ආනන්ද විසින් නත්තල් කැරොල් ගීත ගායනා
කෙරෙනු ඇත.
|