ඇති හැකි අයුරින් සැමට ම එක ලෙස පිහිට වෙමු
ඇති හැකි අයුරින් සැමට ම
එක ලෙස පිහිට වෙමු
අද රටට “මායිම් ගම්” යන වචනය අවශ්‍ය නැත. අද මුළු රටම එකයි. මුළු රටේම ජනතාව,
රටේ ජනතාවයි. රටේ උරුමකාරයෝයි. කාටත් රට පොදුයි. මේ වදන සියලු ජාතීන්ට දෙමු.
ත්‍රස්තවාදයෙන්, දරිද්‍රතාවයෙන්, රෝගීන් වීමෙන්, සමගියෙන් පහත වැටුන
දුර්වල ජනතාව නඟාසිටුවීම කාගේත් යුතුකම විය යුතුය.
2015 දෙසැම්බර් මාසය සහ 2016 වසර සඳහා අවුරුදු සාද, සංග්‍රහ, උත්සව පැවැත්වීම
නතරකර, ඒ සඳහා වැය කරන ධනය නඟාසිටුවිය යුතු අයට දී පිහිට වෙමු.
(ජාති-ආගම්,කුල-මල, දේශපාලන, පළාත් භේදයෙන් තොරව අරඹන සීතල උත්සාහයකි.)
ගෙවල්, සෙවිලි තහඩු, පාපැදි, යතුරුපැදි, උදළු, අලවංගු, රේක්ක, කැති, පොරෝ,
කෘෂිකාර්මික උපකරණ, ජලය රැස්කර ගන්නා දේ (අලුත් හෝ පැරණි) එදිනෙදාට
ජීවත්වීමට අත්‍යාවශ්‍ය දේ නැතිබැරි අයට දෙමු.
භාණ්ඩ පමණක් (අලුත් හෝ පැරණි) පරිත්‍යාග කළ හැක. මුදල් පරිත්‍යාග භාර නොගැනේ.
වැටී සිටින අය නැගිට්ටවමු. කරුණාව, මෛත්‍රිය, පිහිටවීම සියලු ජාතිකයින්ට,
ආගමිකයින්ට උරුමවිය යුතුය.
ඒ උරුමයේ කොටස්කාරයෙක් වන්න. මුළු මහත් ලංකාවේම පන්සල්, පල්ලි, කෝවිල්,
මුස්ලිම් පල්ලි මේ සත්කාර්යයේ මූලිකත්වය ගෙන අපට දන්වන්න.
2016 කාගේත් දරිද්‍රතාවයට පිහිටක් වෙමු. උත්සව, සංග්‍රහ, පුද-පූජා, වියදම්
දිළිඳුකම නැතිකිරීම සඳහා යොදවමු.
මේ සඳහා 2015 දෙසැම්බර් 14 සවස 6.00 ට වයස අවු: 16න් පහළ කුඩා භික්ෂූන්ට
අධ්‍යාපනය සඳහා ආධාර පිරිනැමීම සිදුකෙරේ.
දෙසැම්බර් 31 රාත්‍රිය මුළුල්ලේ සහ ජනවාරි 01 දා සැමට සෙත් පතන පිංකම ගංගාරාමය,
කොළඹ 02 සහ අකුරැස්ස ඌරුමුත්ත ගමේ රජ්ජුරුබණ්ඩාර දේවාලයේ හා කතරගම ගංගාරාම
විශ්‍රාම ශාලා පරිශ්‍රයේදී සිදුකෙෙර්.
දෙසැම්බර් මස 11 - 12 - 13 දිනවල දේශීය නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය කොළඹ 02,
බේරේ වැව අයිනේ, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වෙන බවද
දන්වා සිටිමු.
වැඩි විස්තර දුරකථන අංක 2435169, 2327084 මඟින් වැඩි විස්තර දැන ගත හැකිය.
ගලබොඩ ඥානිස්සර හිමි
ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ
|