නැව් මිල දී ගැනීමෙන් කෝටි 210ක පාඩුවක්
නැව් මිල දී ගැනීමෙන්
කෝටි 210ක පාඩුවක්
- වරාය ඇමැති
තාරක වික්‍රමසේකර
ශ්‍රී ලංකා නැව් සංස්ථාවට නැව් මිල දී ගැනීමේදී රුපියල් කෝටි 210ක පමණ පාඩුවක්
සිදුවීමෙන් නැව් සංස්ථාවට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවී තිබෙන බව වාර්තා
වේ.
2013 වසරේදී චීනයේ ‘ඇවික් ඉන්ටර්නැෂනල්’ සමාගමෙන් නැව් දෙකක් මිලදී ගැනීමේදී
ඩොලර් මිලියන 27 - 28 වන නැවක් මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියන 35ක මුදලකටය.
ඒ
අනුව ඇමෙරිකන් ඩොලර් මිලියන 14ක හෙවත් රුපියල් කෝටි 210ක පමණ අලාභයක් නැව්
සංස්ථාවට සිදුවී තිබෙන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා විසින්
පෙන්වා දී ඇති අතර මීට අදාළ ගිවිසුම් අවලංගු කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව
ද අමාත්‍යවරයා කියයි.
|