රාජ්‍ය ආයතන ගොඩගන්න රු. කෝටි 12 දාහක්
රාජ්‍ය ආයතන ගොඩගන්න
රු. කෝටි 12 දාහක්
ජයසිරි මුණසිංහ
රජයට හා මහා භාණ්ඩාගාරයට බරක් වූ රජයේ ව්‍යාපාර ගොඩගන්නට රුපියල් කෝටි
දොළොස් දහසක මුදලක් යොදවන්නට රජය තීරණය කොට ඇත.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර එමඟින් ලබාගන්නා මුදලින් දැනට අධික ණය බරක් දරන
රාජ්‍ය ආයතන ඒ තත්ත්වයෙන් මුදවා මහජනයාට බරක් නොවන ආකාරයට මේ ආයතනවලට
අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්.
එච්. එස්. සමරතුංග මහතා කීය.
රාජ්‍ය ආයතන කිසිවක් පෞද්ගලිකරණය නොකරන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා
කීය.
විදුලි බල, බලශක්ති, වරාය, ගුවන් තොටුපොළ, ගුවන් සේවා හා ජල සැපයුම වැනි අංශවල
ඒකාධිකාරී බලයක් රජයට තිබෙන නමුත් මේවායින් ඇතැම් ආයතන මහජනයාට බරක් වන
පරිදි මූල්‍ය පාඩු ලබන බවත් මෙම තත්ත්වය වෙනස් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ
බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.
මේ රාජ්‍ය සමාගම් යහපත් මූල්‍ය හා වෙළෙඳපොළ ආර්ථික තරගකාරිත්වය ජයගන්නා
ආයතන බවට පත් කිරීමේ අරමුණින් ඒ ව්‍යාපාරවල කොටස් රාජ්‍ය ධන භාරයකට
(Public
Wealth Trust) හර වන බව කී ලේකම්වරයා එහි භාරකරුවන් ලෙස මුදල් ලේකම් ලෙස
තමාත්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාත් නම් කරන බව ද කීය.
රජයේ ප්‍රධාන ව්‍යාපාර ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදයක් ඇතිකර රජයේ ව්‍යාපාරවල
ක්‍රියාකාරකම් දැඩිව නියාමනයට හා අධීක්ෂණයකට ලක් කෙරෙනු ඇත.
|