නිල ඇඳුම් වවුචරෙන් මිලියන 500 ක් ලාබයි
නිල ඇඳුම් වවුචරෙන්
මිලියන 500 ක් ලාබයි
සුභාෂිණී ජයරත්න
පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතියෙන් රජයට රුපියල් මිලියන 500 ක ලාබ ලැබී ඇතැයි
අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නිල ඇඳුම් රෙදි ලබා නොදී වවුචර පත් ලබාදීමෙන් මේ ලාබය ලබා ඇත්තේ රෙදි පිළි
ඇසිරීම්, ගබඩා කිරීම් හා ප්‍රවාහන වියදම් නැතිවීම හේතුවෙනි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ පවතින ගැටලු විසඳා ලබන
වසරේදී මේ ක්‍රමය වඩාත් විධිමත් කර මීටත් වැඩි ලාබ ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
|