![]() ![]() |
||
ලේක්හවුස් කැරොල් ප්‍රසංගය 18 දාලේක්හවුස් ආයතනයේ කතෝලික සහයෝගීතාව විසින් මෙහෙයවන නත්තල් කැරොල් වැඩසටහන දෙසැම්බර් මස 18 වැනිදා සවස 3.30 ට ප්‍රථම වරට ලේක්හවුස් පරිශ්‍රයේදී පැවැත්වේ. මෙම ප්‍රසංගයේදී ලේක්හවුස් කතෝලික සංගමයේ සාමාජිකයන් 16 දෙනෙකු විසින් නත්තල් බැති ගී ගායනා ඉදිරිපත් කිරීමට නියමිතය. තව ද මෙම වැඩසටහනට කලාශූරී ලතා වල්පොළ, ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී සහ නව පරපුරේ ගායන ශිල්පී මාරියෝ ආනන්ද විසින් නත්තල් කැරොල් ගීත ගායනා කෙරෙනු ඇත. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |