කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
නිල ඇඳුම් වවුචරෙන් මිලියන 500 ක් ලාබයි

නිල ඇඳුම් වවුචරෙන් මිලියන 500 ක් ලාබයි

පාසල් නිල ඇඳුම් ව්‍යාපෘතියෙන් රජයට රුපියල් මිලියන 500 ක ලාබ ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නිල ඇඳුම් රෙදි ලබා නොදී වවුචර පත් ලබාදීමෙන් මේ ලාබය ලබා ඇත්තේ රෙදි පිළි ඇසිරීම්, ගබඩා කිරීම් හා ප්‍රවාහන වියදම් නැතිවීම හේතුවෙනි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ පවතින ගැටලු විසඳා ලබන වසරේදී මේ ක්‍රමය වඩාත් විධිමත් කර මීටත් වැඩි ලාබ ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]