මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

 AMW පෙරසවි ටයර් අලෙවි නියෝජිත විශිෂ්ටත්ව සම්මාන උලෙළ

 AMW පෙරසවි ටයර් අලෙවි නියෝජිත විශිෂ්ටත්ව සම්මාන උලෙළ

ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ ( AMW ) පෙරසවි ටයර් අංශයේ වාර්ෂික අලෙවි නියෝජිතයන් ඇඟයීමේ සම්මාන ප්‍රදානෝත්සවය එම සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, සමන්ත රාජපක්ෂ මහතා හා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් බේරුවල ඊඩ්න් රිසෝර්ට් ඇන්ඩ් ස්පා හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය දා පැවැත්විණි. ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ පෙරසවි ටයර් අංශයේ අලෙවි නියෝජිතයන් 2000කට ආසන්න පිරිසක් අතුරෙන් විශිෂ්ටතම අලෙවි නියෝජිතයන් 30කට තම පවුලේ සාමාජිකයන් සමඟ අලෙවි නියෝජිත සම්මාන උලෙළට සහභාගි වීමේ අවස්ථාව උදා වූයේ එම හෝටලයේ දෙදිනක් නවාතැන් ගනිමිනි.

2014 වසර වෙනුවෙන් පැවැති මෙම ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ පෙරසවි ටයර් අලෙවි නියෝජිතයන් ඇඟයීමේ සම්මාන ප්‍රදානෝත්සවයේදී, වසරේ විශිෂ්ටතම අලෙවි නියෝජිත සම්මානයෙන් පිදුම් ලැබුවේ, ගාමිණි ලොකුබාලසූරිය මහතා (ගාමිණි ටයර් ට්‍රේඩර්ස් - ගම්පහ) ය. පිළිවෙළින් විශිෂ්ට අලෙවි නියෝජිත සම්මානයෙහි දෙවන ස්ථානය හිමි වූයේ, කිත්සිරි බණ්ඩාර මහතාට (සුපිරි ටයර් හවුස් - මහනුවර) වන අතර මෙවර සම්මාන උලෙළෙහි තෙවන ස්ථාන දෙකක් පිරි නැමීම විශේෂත්වයකි. ඒ අනුව ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ පෙරසවි ටයර් අලෙවි නියෝජිතයන් ඇඟයීමේ සම්මාන ප්‍රදානෝත්සවයේදී තෙවන ස්ථානයන් සුනිමල් ඉග්නේෂස් මහතා (සුසීකා මෝටර්ස් - කළුතර) හා ශාන්ත පත්මතිලක මහතා (ශානිකා ටයර් හවුස් - වීරකැටිය) විසින් දිනාගත් අතර, ඔවුන්ට වටිනා ත්‍යාග, විදෙස් සංචාර, සම්මාන හා සහතික පිරි නැමිණි.

ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි හා විකුණුම්) නිමල් එස්. රත්නායක මහතා එහිදී පැවසුවේ, ‘2014 දී අප සමාගමේ පෙරසවි ටයර් අලෙවිය 30% ක වර්ධනයක් හිමි කරගැනීමට සමත්වීම අප සමාගම ලද විශේෂිත ජයග්‍රහණයක්.

ඒ සඳහා අප සමාගමේ අලෙවි නියෝජිත ජාලය 20% කින් වැඩි කිරීම හා අලෙවිය සම්බන්ධයෙන් නියෝජිත මහතුන් දැක්වූ කැපවීමත් හේතු වුණා යන්නය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්