සිළුමිණ: සල්පිල - TURRET නව විලාසිතාගාරයක් කන්ද උඩරටට
TURRET
නව විලාසිතාගාරයක් කන්ද උඩරටට
 |
පීත්ත පටිය කපමින් කැන්ඩි සිටි
සෙන්ටර් හිදී ටුරේට් විලාසිතාගාරය
විවෘත කරමින්. රෝයල් ලංකා
ඒජන්සිස් හි අධ්‍යක්ෂ ඒ. ඩී. ඒ.
ජෙස්මි, අධ්‍යක්ෂ ඒ. ඩී. ඒ. ජවිසි
උලෙළේ ප්‍රධාන ආරාධිත ලෙසින්
සහභාගි වූ කැන්ඩි සිටි සෙන්ටර් හි
සභාපති / ප්‍රධාන විධායක නිලධාරි
තුසිත විජයසේන සහ ජුවෙල් ලූරල් හි
අධ්‍යක්ෂ සූරී ශෆීක් මහත්වරු. |
TURRET
යනු ලොව පිළිගත් නාමයන් යටතේ ඉහළ තත්ත්වය සහ අලංකාරත්වයෙන් යුත්
නිෂ්පාදනයන් පිරිනමනා ප්‍රමුඛ පෙළේ විලාසිතාගාරයකි.
මෙහි පවතින ඉහළ සහ මධ්‍යම පෙළේ නිෂ්පාදනයන් අතරට ලෝක ප්‍රසිද්ධ නාමයන්වල
අත්ඔරලෝසු, මැණික් සහ ආභරණ, කාන්තාවන්, පිරිමින් සහ ළමුන් සඳහා විශේෂයෙන්
නිර්මාණය කරන ලද ඇඟලුම් ආදිය ඇතුළත් වේ. ටුරේට් විලාසිතාගාරයේ නවතම ශාඛාව
පසුගිය දා කැන්ඩි සිටි සෙන්ටර් හිදී විවෘත කරනු ලැබීය. හොඳින් ඉඩ පහසුකම් ඇති
ලෙසින් නිර්මාණය කර ඇති එම විලාසිතාගාරය (සාප්පු අංක 6B) කැන්ඩි සිටි සෙන්ටර්
හි තුන්වන මහලේ පිහිටා ඇත. මෙම විලාසිතාගාරය ස්ථානගත වී ඇත්තේ එම මහලේ ප්‍රධාන
දොරටු තුනම හරහා පහසුවෙන් පිවිසිය හැකි අයුරෙනි. එසේම මහනුවර සිය නවතම ශාඛාව
විවෘත කිරිමට සමගාමීව ටුරේට් විසින් විවිධ වට්ටම් ආදිය ද පිරිනමා තිබිණි.
මහනුවර සිටිනා ඉහළ පෙළේ වෙළෙඳ නාමයන් කෙරෙහි අවධානය යොමු කරනා
පාරිභෝගිකයන් අරමුණ කරගත් නවතම ටුරේට් විලාසිතාගාරය විවෘත කරනු ලැබුවේ
කැන්ඩි සිටි සෙන්ටර් සභාපති / ප්‍රධාන විධායක නිලධාරී තුසිත විජයසේන විසිනි.
එම අවස්ථාවට ඔහු සමඟ ටුරේට් විලාසිතාගාර ජාලයේ හිමිකාරිත්වය දරනා සහ එය
පාලනය කරනා රෝයල් ලන්කා ඒජන්සිස් හි අධ්‍යක්ෂවරුන් වන ජවිසි සහ ජෙස්මි
ඩස්ටකීර් ද සහභාගි විය.
|