මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

බෙරෙන්ඩිනා වෘත්තීය මධ්‍යස්ථානයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවනට ශිෂ්‍යත්ව

බෙරෙන්ඩිනා වෘත්තීය මධ්‍යස්ථානයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවනට ශිෂ්‍යත්ව

අපොස උසස් පෙළ හා විශ්ව විද්‍යාලයීය සිසු සිසුවියන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව පිරි නැමීම නිල වශයෙන් නිවේදනය කරමින් බෙරෙන්ඩිනා වෘත්තීය මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු, චරිත් අතුකෝරල මහතා අතින් කේ. ඒ. මධුෂාන් තාරක ශිෂ්‍යයාට ශිෂ්‍යත්වය පිරි නැමුණු අවස්ථාව.

බෙරෙන්ඩිනා වෘත්තීය මධ්‍යස්ථානය කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල උසස් පෙළ හදාරන සිසු සිසුවියන් 6කට හා එක් විශ්ව විද්‍යාල සිසුවියකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම එම ආයතනයේ යටියන්තොට පිහිටි බෙරෙන්ඩිනා කාර්යාලයේදී පසුගිය දා සිදු කෙරුණි. බෙරෙන්ඩිනා වෘත්තීය මධ්‍යස්ථානයේ ‘දීප්තිමත් සිසු ශිෂ්‍යත්ව වැඩසටහන’ යටතේ පිරි නැමෙන එම ශිෂ්‍යත්ව මඟින් අධ්‍යාපනික වියදම් සඳහා එක් සිසුවෙකුට මසකට රුපියල් දහසක දීමනාවක් පුරා වසරක් පිරි නැමේ.

දෙහිඕවිට, ගොඩගම්පොල, චන්දිම ජයසිංහ, යටියන්තොට පහළ ගරාගොඩ, කේ. ඒ. මධුෂාන් තාරක, හක්බෙල්ලාවක, තණකොළවත්තේ, කේ. කේ. කසුන් ශ්‍රීලාල්, අම්පාගල, හපුගම්මන, ඒ. පී. සුලෝචනා මධුෂානී යන උසස් පෙළ හදාරන සිසු සිසුවියන්ට හා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වන යටියන්තොට පහළ ගරාගොඩ, එම්. එන්. ෆාතිමා රුෂ්දාට බෙරෙන්ඩිනා වෘත්තිය මධ්‍යස්ථානයේ කෑගල්ල දිස්ත්‍රික් කළමනාකරු, චරිත් අතුකෝරල මහතා අතින් නිල වශයෙන් ශිෂ්‍යත්ව පිරි නැමිණි. අපොස සා/පෙ විභාගය උසස් අන්දමින් සමත් සමෘද්ධිලාභී හෝ මසකට රුපියල් 5000ට අඩු ආදායමක් සහිත පවුල්වල දරුවන් වීම මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ සුදුස්සන් තෝරා ගැනීමේ පදනම විය. එමෙන්ම බෙරෙන්ඩිනා වෘත්තීය මධ්‍යස්ථානය විසින් සිදු කෙරෙන තක්සේරු කිරීමකින් තම අධ්‍යාපන කටයුතු උසස් අන්දමින් පවත්වාගන්නා බව සනාථ වන සිසු සිසුවියන්ගේ ශිෂ්‍යත්ව දීමනාව දෙවන වසරටත් දීර්ඝ කෙරෙනු ඇත.

බෙරෙන්ඩිනා වෘත්තීය මධ්‍යස්ථානය මඟින් සුදුසු වෘත්තීය මාර්ග හා ස්වයං සංවර්ධන අවස්ථා කෙරෙහි උනන්දු වතුකර හා ග්‍රාමීය ප්‍රදේශවල අඩු පහසුකම්ලාභී පාසල් අධ්‍යාපනය නිමා කළ දරුවන්ට වෘත්තීය මාර්ගෝපදේශකත්වය, නායකත්ව පුහුණුව හා පෞරුෂ වර්ධන වැඩසටහන් පවත්වන අතර, වෘත්තිය පුහුණු ශිෂ්‍යත්ව හා පෞද්ගලික අංශයේ ආයතන 300ක් සමඟ සබඳතා පවත්වමින් අවශ්‍ය තරුණයන්ට රැකියා අවස්ථා සපයනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්