මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

LOLC ඉන්ෂුවරන්ස් අලෙවි විශිෂ්ටයන්ට උපහාර

LOLC ඉන්ෂුවරන්ස් අලෙවි විශිෂ්ටයන්ට උපහාර

දිවයිනේ ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ශීඝ්‍රතම වර්ධනයක් සහිත සමාගමක් වන සීමාසහිත LOLC ඉන්ෂුවරන්ස්, සිය අලෙවි බළකායේ විශිෂ්ටයන්ට උපහාර තිළිණ පිරිනැමීම වෝටර්ස් එජ් හෝටලයේදී පසුගිය දා උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

දෙවැනි වරටත් පැවැත්වුණු අලෙවි සම්මේලනය සහ තිළිණ රාත්‍රියට, LOLC සමූහයේ නියෝජ්‍යසභාපති ඉෂාර නානායක්කාර මහතා, LOLC රක්ෂණ සමාගමේ සභාපති සහ LOLC සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා, LOLC විධායක අධ්‍යක්ෂිකා කල්ෂා අමරසිංහ මහත්මිය සහ LOLC ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ ස්වාමිනාදන් මහතා ද සහභාගි වූහ. ඊට අමතරව ශාඛා ජාලයේ ප්‍රධාන විධායක අශාන් නිස්සංක මහතා, LOLC ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ මහතා, ප්‍රධාන රක්ෂණ මෙහෙයුම් නිලධාරිනි ධරිනි ප්‍රනාන්දු මෙනෙවිය සහ LOLC සහ LOLC ඉන්ෂුවරන්ස් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ සහ කාර්ය මණ්ඩලය ද එම අවස්ථාවට එක් වූහ.

“අප සමාගම් සවිය වන අලෙවි බළකායේ අතිවිශිෂ්ට ක්‍රියාකාරිත්වය සහ පසුගිය වසර තුළ ඔවුන් අත්කරගත් ජයග්‍රහණ පිළිබඳ අතිශයින් ආඩම්බර විය හැකිය. දැඩි තරගකාරිත්වයකින් යුතු ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ සාර්ථකත්වය ලැබීම උදෙසා ඔවුන්ගේ කුසලතා දැඩි අධිෂ්ඨානය සහ කැපවීම ඉවහල් වී තිබේ.” උත්සවය අමතමින් කපිල ජයවර්ධන මහතා පැවැසීය.

LOLC ඉන්ෂුවරන්ස් තිළිණ රාත්‍රියේදී මූල්‍ය සැලසුම්කරුවන්, කණ්ඩායම් නායකයන්, අලෙවි විධායකයන්, කලාප කළමනාකරුවන් ඇතුළු විශිෂ්ට අලෙවි ක්‍රියාකාරිකයන් 175කට වැඩි පිරිසකට තිළිණ ප්‍රදානය කෙරිණි. “විශිෂ්ටතම කණ්ඩායම් නායකයා”, “හොඳම මූල්‍ය සැලසුම්කරු”, “හොඳම අලෙවි විධායක” සහ “විශිෂ්ටතම කලාප කළමනාකරු” අංශවල ලෝකඩ, රිදී, රන් සහ ප්ලැටිනම් තිළිණ පිරිනමන ලද්දේ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය, කණ්ඩායම් ජයග්‍රහණ සහ ශාඛාවන්හි විශිෂ්ටත්වය සැලකිල්ලට ගනිමිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්