ශ්‍රී ලංකාභිමාන්‍ය ශ්‍රීමත් ආතර් සී ක්ලාක්
ශ්‍රී ලංකාභිමාන්‍ය ශ්‍රීමත් ආතර් සී
ක්ලාක්
චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස විශ්ව කීර්තියට පත්, සම්මානනීය ශ්‍රී ලාංකික
පුරවැසියකු වූ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන් ආතර් සී ක්ලාක්
ශ්‍රීමතාණන්ගේ 7 වන ගුණ සැමරුම 2015 මාර්තු 19 වැනි දිනය යෙදෙන අතර මෙම ලිපිය ඒ
නිමිත්තෙනි.
විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට විද්‍යා
අනාවැකිකරුවකු ලෙස විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත්
ආතර් සී. ක්ලාක් ලොව වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 1945 දී “වයර්ලස් වර්ල්ඩ්” (“Wireless
World”) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිත
කරමින් කළ හැකි අන්තර් මහද්වීපික විද්‍යුත් සන්නිවේදන ශක්‍යතාවය පිළිබඳ
ඓතිහාසික සංකල්පය වන “භූ සිතාවර චන්ද්‍රකා” සංකල්පය නිසයි.
විශ්ව කීර්තියට පත් ආතර් සී ක්ලාක් 50 දශකයෙන් පසු ජීවිත කාලයෙන් වැඩි කාලයක්
ශ්‍රී ලංකාව තුළ ජීවත්වූ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට කරන ලද මෙහෙය සැලකිල්ලට
ගනිමින් ලංකාවේ ඉහළම පුරවැසි සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍යය සම්මානයෙන්
පිදුම් ලැබීය. ශ්‍රීමත් ආතර් සී ක්ලාක් ලොව වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ විද්‍යාත්මක
ප්‍රබන්ධ කතාකරුවකු ලෙසයි. එහෙත් ලොව ප්‍රමුඛතම විද්‍යා ප්‍රබන්ධ කරුවා වීමට
ක්ලාක් මහතාට අවශ්‍ය නොවීය. ඔහු ප්‍රබන්ධ කතා කලාවට යොමු වූයේ ජීවත් වීමට යම්
මුදලක් ලබා ගැනීමේ අරමුණිනි.
ආතර් සී ක්ලාක් ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100 කට
ආසන්නය. එයින් 2001 අභ්‍යවකාශ චාරිකාවක් (“2001 : space Odyessey”) 2010-2 වන
අභ්‍යවකාශ චාරිකාව (“2010 Odyssey
Tow”) 2061 තුන්වන චාරිකාව (“2001 :
Odyessey Three”) 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය කොට තිබේ. මෙයින්
ක්ලාක්ගේ 2001, 2010 ප්‍රබන්ධවලින් නිර්මිත “space Odyssey One & Tow”
චිත්‍රපට වඩාත් ජනතා ප්‍රසාදය ලත් ආදායම් වාර්තා තැබු චිත්‍රපට වේ.
එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට් ප්‍රාන්තයේ “මයින්හෙඩ්” නම් ගම්මානයේදී
1917 දෙසැම්බර් 16 වැනිදා උපන් ආතර් චාල්ස් ක්ලාක් මහතාගේ පියා “චාල්ස් රයිට්
ක්ලාක්” සහ මව “නෝරා මේරි” (විල්ස්) ය.
1948 දී කිංස් කොලේජ් සරසවියෙන් භෞතික විද්‍යාවෙන් පළමු පෙළ ගෞරව උපාධියක් ද
ලබා ගත්තේය. ක්ලාක් මහතා බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයට ද බැඳි අනාගත
අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ ක්‍රියාත්මක කළ අතර ඔහුගේ
විද්‍යාත්මක ගමන්මඟට නව පෙරළියක් එක් කළේ 1945 වසරේ දී “වයර්ලස් වර්ල්ඩ්”
(“Wireless World”) සඟරාව තුළින් ලෝකයට හඳුන්වා දුන් “භූ ස්ථාවර චන්ද්‍රිකා”
සංකල්පයයි. එම සංකල්පය මත යමින් අද ලෝකයම එකම සන්නිවේදන ජාලයක්, සන්නිවේදන
පවුලක් බවට පත් කිරීමට සමත් වී ඇති අතර එය ඔහු චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා
ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේය.
1975 දී ශ්‍රී ලංකාවේ ගෞරවනීය පුරවැසි භාවය ලද ක්ලාක් මහතා 2008 මාර්තු 19 දින
මිය යන තෙක්ම ශ්‍රී ලංකාවේ ජීවත් විය. විදෙස් රටවලින් කළ ආරාධනයන්
ප්‍රතික්ෂේප කළ ඔහු කිසිදා ශ්‍රී ලංකාව හැර ගියේ නැත. ශ්‍රී ලංකාව විද්‍යාව තුළින්
ලෝකය අතරට ගෙන යාමට උත්සාහ දැරූ මහා ප්‍රාඥයකු ලෙස ආතර් සී ක්ලාක් හඳුන්වා දිය
හැකිය.
වර්ෂ 1982 දී යුනෙස්කෝව විසින් කාලිංග සම්මානයත්, චන්ද්‍රිකා සන්නිවේදනය
වෙනුවෙන් 1982 දී “මාර්කෝනි” සම්මානයත්, 1986 දී විද්‍යාජෝති සම්මානයත්, 1998
දී බ්‍රිතාන්‍ය මහ රැජින විසින් පිරිනැමු “නයිට්” පදවියත්, ශ්‍රී ලංකාවේ ඉහළම
පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමු “ශ්‍රී ලංකා අභිමාන්‍ය” සම්මානයන් ද
පිදුම් ලැබීය. එතුමාට පිරිනැමුනු තවත් සුවිශේෂී වූ සජීවී උපහාරයක් වන්නේ
නවීන් තාක්ෂණ පිළිබඳ පර්යේෂණ සංවර්ධන මෙන්ම පුහුණු කටයුතු සඳහා වන
ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය
එතුමා නමින් නම් කිරීමයි. මෙවැනි දෙස් විදෙස් ත්‍යාග සහ සම්මාන රැසකින් පිදුම්
ලැබු ශ්‍රීමත් ආතර් සී ක්ලාක් 1979 සිට 2002 වසර දක්වා දශක දෙකකට වැඩි කාලයක්
මොරටු විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කරන ලදී.
චින්තන විජයවර්ධන
|