ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මොරගහකන්ද ව්‍යාපෘතියේ මහ වේල්ලේ වැඩ අරඹයි

මොරගහකන්ද ව්‍යාපෘතියේ මහ වේල්ලේ වැඩ අරඹයි

ජනපති නියමයෙන් ඉදිකිරීම් වේගවත් වෙයි

මෙරට දැනට ක්‍රියාත්මක විශාලතම බහු කාර්ය යෝජනා ක්‍රමය වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ල වන මොරගහකන්ද මහ වේල්ල ඉදිකිරීම් දැන් අරඹා ඇත. මෙම වේල්ල මෙරට විශාලත්වයෙන් තෙවැනි වේල්ල වෙයි.

මහවැලි හා පරිසර විෂය භාරව කටයුතු කරන මෛත්‍රිපාල සිරිසේන ජනාධිතිතුමාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතියේ සියලු වැඩ කටයුතු වේගවත් කර ඇති බවත් ව්‍යාපෘතිය 2016 අවසානයේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් මහතා පවසයි.

ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම අවසන් වූ විට උතුරුමැද නැ‍ඟෙනහිර පළාත්වල දැනට පවතින සියලු වැව් හා ජලාශ මහවැලි ජලයෙන් පෝෂණය වේ. එමෙන්ම එම පළාත්වල පදිංචි පවුල් 70,000 කට පමණ නොඅඩුව පානීය ජලය ද ව්‍යාපෘතියෙන් ලැබේ.

පවුල් ලක්ෂ 5 කට පමණ කෙළින්ම සෙත සැලසෙන මෙම ව්‍යාපෘතිය මඟින් උතුරුමැද පළාතේ පමණක් අලුත් ඉඩම් අක්කර ලක්ෂ 3 ක් යල - මහ කන්නවලදි අස්වැද්දීමට දියවර ලැබේ. මෙගා වොට් 25 ක විදුලි බලයක් ද මින් උත්පාදනය කරයි.

මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන මොරගහකන්ද ජලාශයේ එක් යදැලි වේල්ලක් දැන් ඉදිකර අවසන් ය. අනෙක් යදැලි වේල්ල ද ඉදිවෙමින් පවතී. මෙසේ ඉදිකරන මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් හතර ගුණයක් විශාලය. ඊට අනුබද්ධ කළුගඟ ජලාශය ද පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් විශාල වේ.

පසුගිය මාස දෙක ඇතුළත මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතිවල නැවත පදංචිකරුවන්ට සියලුම පොදු පහසුකම් ලබාදීමට ද පියවර ගෙන තිබේ. විදුලිය, කාපට් පාරවල්, පානීය ජලය සමඟ කුඹුරුවල බිම් සැකසීමට නොමිලේ ට්‍රැක්ටර් ද ලබාදී ඇතැයි තෙන්නකෝන් මහතා පවසයි.

ඊට අමතරව අලුත් ජනපදිකයන්ගේ ප්‍රයෝජනය සඳහා ලොරි රථ 6 ක්, ට්‍රැක්ටර් 6 ක්, ජල බවුසර් 6 ක්ද ලබාදී තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්