උඩින් ආ 1500 දුම්රියට ප්‍රශ්නයක්
උඩින් ආ 1500
දුම්රියට ප්‍රශ්නයක්
තාරක වික්‍රමසේකර
පසුගිය ජනාධිපතිවරණ සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවට නිත්‍යනුකූල නොවන
අයුරින් බඳවාගෙන ඇතැයි කියන සේවකයන් 1500කට අධික සේවක පිරිසක්
දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් වී ඇති බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.
වසරකට ලක්ෂ 200කට අධික මුදලක් මේ සේවකයන්ට වැටුප් වශයෙන් ගෙවීමට සිදු වී
ඇතැයි ද මේ පිරිස බඳවාගෙන ඇත්තේ කළුතර හා මතුගම ප්‍රදේශවලින් බව ද වාර්තා
වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයන් බඳවාගැනීමේදී කළමනාකරණ සේවා
දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුවද, මෙහිදී එවන් අනුමැතියකින්
තොරව දේශපාලන ප්‍රමුඛතාව මත පමණක් මේ සේවකයන් තාක්ෂණ සහකාර (කම්කරු) සේවයට
බඳවාගෙන ඇත.
|