මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පොදු හවුලේ බොරුවට ආයුෂ නෑ යල් පැන ගිය “ගොබෙල්ස් න්‍යාය” අදට හරියන්නේ නෑ

පොදු හවුලේ බොරුවට ආයුෂ නෑ යල් පැන ගිය “ගොබෙල්ස් න්‍යාය” අදට හරියන්නේ නෑ

මේ දිනවල ජනමාධ්‍යය සැලකුවත්, මැතිවරණ රැලි සලකා බැලුවත් බොහෝ දෙනා පවසන්නේ ‘ගොබෙල්ස් න්‍යාය’ ක්‍රියාත්මක වන බවයි.

ජෝශෆ් ගොබෙල්ස්

මෙහිදී අප මුලින් ම අවබෝධ කරගත යුත්තේ ‘ගොබෙල්ස් න්‍යාය’ යනු කුමක්ද? යන්නයි.‍ හිට්ලර්ගේ ප්‍රචාරක අධ්‍යක්ෂ ලෙස කටයුතු ක‍ළ ජෝශෆ් ගොබෙල්ස් හිට්ලර්ගේ ‍බලය වර්ධනය කර පවත්වාගෙන යාම සඳහා යොදාගත් උපක්‍රමයයි මේ නමින් හඳුන්වන්නේ.

එහිදී යම් කිසි බොරුවක් දිගින් දිගටම මන්තරයක් වගේ කීමෙන් එය සත්‍යයැයි ජනතාව හිතන්න පෙළැඹෙනවා. ජනතාවගේ මනස මෝහනය කර ගන්නයි එයින් උත්සාහ කරන්නේ.

“අද දක්නට ලැබෙන දේශපාලන වාතාවරණය මත පොදු අපේක්ෂකයාගේ පිල භාවිත කරන්නේ ගොබෙල්ස් න්‍යායයි. මීට පෙර අවස්ථාවල මංගල සමරවීර මහතා මේ ක්‍රමය භාවිතා කළා.

රට ආර්ථික අවපාතයකින් පෙළෙනවා. ආර්ථිකය පහළ වැටෙනවා යැයි දිගින් දිගටම ඔවුන් කියන්නේ ඒ උපාය අනුවයි.

එසේ ම ‘වෙනස’ ගැන ඔවුන් මතු කරන්නේ බටහිර ගතානුගතික සටන් පාඨයක් වන ‘රෙජීම් චේන්ජ්’ අදහසට අනුවයි. රෙජීම් චේන්ජ් කියන්නේ රජයක් මාරු කිරීම යන්නයි. නමුත් රෙජීම් කියන දෙය ප්‍රජාතන්ත්‍රවාදයට ගැළපෙන්නේ නෑ. අදට ගැළපෙන්නෙත් නෑ. දූෂණය ගැන ඔවුන් දිගින් දිගටම කියන්නේ ද ගොබෙල්ස් න්‍යාය අනුවයි.

“නමුත් මේ න්‍යාය බොහොම යල් පැන ගිය එකක්. ජෝෂප් ගොබෙල්ස් මෙය ක්‍රියාත්මක කළේ 1933 සිට 1945 දක්වා කාලයේයි. ඒ යුගයේ ජනමාධ්‍ය ඉතා සීමිතයි. නමුත් අද පවතින ජනමාධ්‍ය සංස්කෘතියට වගේ ම අපේ සංස්කෘතියට මෙය ගැළපෙන්නේ නෑ.”

මොකද අද මාධ්‍ය පරිසරය තුළ ජනතාව වැඩි කල් මෝහනය කර තියාගන්න බෑ. හිට්ලර්ගේ යුගයේ වුණත් මේ ගොබෙල්ස් න්‍යාය නිසා අවසානයේ සිදු වුණේ කුමක්ද? හිට්ලර් වගේ ම ගොබෙල්සුත්, හිට්ලර්ගේ පෙම්වතිය හෝ බිරිය ලෙස සැලකූ කාන්තාවන් මුළු ජර්මනියටත් නැති වුණා.”

ඒ වගේ ම මේ ගොබෙල්ස් න්‍යාය උපක්‍රමයක් ලෙස භාවිත කරන්න ගිහින් මේ පිරිසට සිදුවන්නේ ඊටත් වඩා විශාල ඛේදවාචකයක්.”

“මොකද මේ පිරිස සියලු දේ කරන්නේ බටහිර ලෝකයේ දේවල් අනුකරණය කරමින්. ඒ කියන්නේ අනුකාරක බුද්ධියෙන් මේ අය වැඩ කරන්නේ. ‍ඒ දේවලට මේ රටේ මුල් අදින්න බෑ. ඒ නිසා ඔය උපක්‍රම වැඩිකල් පවතින්නේ නෑ. අද ලෝකයේ මිනිස්සු හුදෙකලා නැහැ. මාධ්‍ය මගින් නූතන සමාජය මේ දේවල් අවබෝධ කර ගන්නවා.

ඒවායේ ප්‍රචාරය වන ඇතැම් සංවාද දෙස මධ්‍යස්ථව බලන අයකුට අවබෝධ වෙනවා. මේ වගේ බටහිර න්‍යායන් හිස මුදුණේ තබාගෙන කටයුතු කරන පොදු අපේක්ෂක පිල කතා කරන්නේ සැබෑ වෙනසක් ගැන නොවේ කියලා.”

“සැබෑ වෙනසකින් කළ යුත්තේ පවතින දේට වඩා යහපත්, හොඳ දෙයක් මතු කර ගැනීමයි. නමුත් රට අනාථ කරන තත්ත්වයකට පත් කරන්න හදන වෙනස කුමක්ද? වෙනස කියන ‍වචනය භාවිතා කරමින් සුරංගනා ලෝකයක් පෙන්වන්න ගිය අයගේ සිහින ලෝක දැන් බිඳ වැටිලා. ජනතාව දැන් මුළා වන්නේ නෑ.”

“පොදු අපේක්ෂකයකුගේ ප්‍රතිරූපය ගොඩ නඟලා ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳින්නයි ඔවුන් උත්සාහ කරන්නේ. නමුත් බොරුවට ආයුෂ නෑ. ඒ නිසා ඒවා තාවකාලිකයි. ඇස් පනාපිට ඔවුන්ගේ බො‍රුව ජනතාව ප්‍රතික්ෂේප කරනවා. දූෂණය හා වෙනස පිළිබඳ කතා නිෂ්ප්‍රභ කර තිබෙනවා. ඒ අය කියන ඔය රැඩිකල් කියන දේ වැඩිකල් තිබෙන එකක් නොවෙයි.

ලිබරල් යැයි ලේබල් ගහගෙන අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන NGO ගැත්තන් මේ දේවල් කරන හැටි බළලා අධිරාජ්‍යවාදීන් සතුටු වෙනවා. මැතිවරණ කාලේ මුලදී උස්සලා දුන්නු මෛත්‍රී මාකටින් ව්‍යාපාරය වෙළෙඳ දැන්වීමක් විතරයි. ඔවුන්ගේ බොරු කතා පුන පුනා කීමෙන්. වැරැදි දේ කීමට ගන්නා ප්‍රයත්නයෙන් උත්සාහ කළේ ජනතාව මුළා කරන්නයි.”

“මේ ගොබෙල්ස් න්‍යාය දේශීය සංස්කෘතියට නොගැළපෙන්නේ එය දේශීය මූලයකින් ඇති වූවක් නොවන නිසයි. අසත්‍ය සමීක්ෂණ වාර්තා පදනම් කරගෙන කියන විකාරරූපී දේ හමුවේ අපේ ජනතාව නිහඬව ඉන්නේ ඔවුන් මේ සියල්ල පිළිබඳ බුද්ධිමත්ව තේරුම් ගෙන ඇති නිසයි.

තමන්ගේ දෙමවුපියන් හැදූ පක්ෂයට ගැරහීමෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ චිත්ත ආවේගය තේරුම් ගන්න පුළුවන්‍. ඒ කාලේත් මංගල සමරවීර කළේ සුදු නෙළුම, තවලම වැනි ලේබල්වලින් ජනතාවට මනෝවිකාර පෙන්වන්න හැදූ එකයි.” සරත් ‍ෙෆාන්සේකා මහත්මයා ඡන්දය ඉල්ලූ කාලෙත් ක්‍රියාත්මක කළේ ගොබෙල්ස් න්‍යාය. නමුත් මොකද වුණේ ජනතාව නිවැරැදි දේ දන්නා බව ඔප්පු වුණා. අද කාලේ ජනතාව තවලමෙන් දක් කන්න පුළුවන් පිරිසක් නෙවෙයි.”

“ගොබෙල්ස් හැදුවෙත් ජනතාව මුළා කරලා ලෝකයක් දිනන්න. නමුත් ඔහු ඇතුළු සියල්ල විනාශ වුණා. මේ අයත් උත්සාහ කරන්නේ සකුරා මල් වගේ පිපිලා ඉක්මනින් මැළවෙන ඒ න්‍යාය යොදා ගන්න. ඒ කියන්නේ ඔවුන්ගේ මේ උත්සාහය හරියට සෝඩා බෝතලේ රැස් ටික වගේ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්