මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

චන්ද්‍රිකා ප්‍රභාකරන්ට ගරු කරයි

චන්ද්‍රිකා ප්‍රභාකරන්ට ගරු කරයි

මේ වෙන විට ජනාධිපතිවරණය සදහා තිබෙන්නේ තවත් දින තුනක් වැනි කෙටි කාලයකි.

මේ වෙන විට ජනාධිපතිවරණයේ උණුසුම ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් පසුගිය සතිය වෙන විට සිදු කර තිබු සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව තහවුරු වී තිබේ.

ගෙවී ගිය සතිය මෙරට දේශපාලනයේ උණුසුම තව තවත් වැඩි කිරීමට හේතු වීය.

එනම් දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කිරීමත් සමගය.

කෙසේ වෙතත් පසුගිය 2005 ජනාධිපතිවරණයේදී ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වුයේ නැත. 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීය.

දෙමළ ජාතික සන්ධානය ඒ වෙන විට සක්‍රීය දේශපාලනයේ යෙදී සිටියද ඔවුනට 2005 වසරේදී සිදු වුයේ කොටි සංවිධානයේ තුවක්කු බලයට යටවී සිටිමටය.

මේ නිසා 2005 වසරේදී කොටි සංවිධානය විසින් උතුරේ සහ නැගෙනහිර පළාතේ ස්ථාන කීපයකම ඡන්දය පාවිච්චි කිරීම වැලැක්වීය. නමුත් 2010 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය සහයෝගය දැක්වුයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වු හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාටය.

එම ජනාධිපතිවරණයේදී ද ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් දේශපාලන නායකයන් සහයෝගය දැක්වුයේ විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාටය. මේනිසාමෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තරගය තියුණු කිරීමට සමත් නොවන තත්ත්වයක් ඇති වී තිබේ.

මේ අතරතුර පසුගිය සතිය වෙන විට ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට සහයෝගය ලබා දීම සදහා රජයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා වට කීපයක්ම පැවැත්වීය. මේ සාකච්ඡාවලදි ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට සහාය ලබා දීම සදහා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කොට තිබිණි.

ඒ අතර තිබු ප්‍රධාන කොන්දේසිය වුයේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වෙනම නව පරිපාලන දිස්ත්‍රික්කයක් මුස්ලිම් ජනතාවට ලබා දෙන ලෙසටය. මේ ඉල්ලීම රජයට ඉදිරිපත් කළ ප්‍රථම අවස්ථාවේදීම ජනාධිපතිතුමා විසින් එම යෝජනාව එක හෙළා ප්‍රතික්ෂේප කළේය.

මේ සමගම ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය රජයට දැඩි බලපෑමක් සිදු කළේ මුස්ලිම් ජනතාවට වෙනම පරිපාලන ඒකකය ලබා දෙන්නේ නැති නම් රජයෙන් ඉවත් නොවෙන බවය. කෙසේ වෙතත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය මේ යෝජනාව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කොට තිබේ. ඒ සමගම මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ යෝජනාවට එකගතාවය ලැබීමත් සමගම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක් වී තිබේ.

මෙවර ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යයක් සිදු කරයි. එමෙන්ම ඇගේ බලාපොරොත්තුව වී තිබෙනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් කොට පිහිටුවනු ලබන රජයේ විධායක අගමැති ධුරය ලබා ගැනීමය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා දෙන බවට මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළද එය එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සිදු කරනු ලබන ව්‍යාජ ප්‍රකාශයක් බව හෙළි වී තිබේ. කෙසේ වෙතත් මේ වෙන විට මෙරට ස්වාධීන මහජන මත සමීක්ෂණ ආයතන කීපයක් සිදු කොට ඇති මහජන මත සමීක්ෂණ අනුව මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථීර වශයෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබා ගන්නා බවට තහවුරු වී තිබේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් යොදා ගෙන සිදු කර ඇති මහජන මත සමීක්ෂණය අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සියයට 53 ක විශිෂ්ට ජයයක් ලැබෙන බව තහවුරු වී තිබේ. එම මහජන සමීක්ෂණය විද්‍යාත්මක ක්‍රමයන් ඔස්සේ ඉතාම ස්වාධින ලෙස සිදු කොට තිබේ.

එමෙන්ම තවත් මහජන සමීක්ෂණ ආයතන කීපයක්ම සිදු කොට ඇති සමීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවය.

මේ අතරතුර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නම් රාජ්‍ය නොවන සංවිධාන විසින් රට පුරා සිදු කර ඇති මහජන සමීක්ෂණයකට අනුව හෙලිවී ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පරාජයට පත් වෙන බවය.

එමෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශිෂ්ට ජයග්‍රහණයක් මෙවර ජනාධිපතිවරණයේදී ලබා ගන්නා බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදු කර ඇති මහජන සමීක්ෂණය අනුව අනාවරණය වී තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදු කර ඇති මේ මහජන සමීක්ෂණය සිදු කිරීමට උපදෙස් දී ඇත්තේ ඇමෙරිකානු සහ තවත් යුරෝපා රටක තානාපති කාර්යාල උපදේශකයන් පිරිසක් බව අනාවරණය වී තිබේ.

එම මහජන මත විමසුම සදහා විශාල මුදල් ප්‍රමාණයක්ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙත එම බටහිර රටවල් දෙකේ තානාපති කාර්යාල විසින් ලබා දී තිබෙන බවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ මහජන සමීක්ෂණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට විශිෂ්ඨ ජයක් හිමි වෙන බව හෙළි වීම නිසා එම මහජන මත විමසුම මාධ්‍යයට හෙළි නොකිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තීන්දු කොට ඇතැයි වාර්තා වෙයි.

මේ අතරතුර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්සන් කර තිබෙන රහස් ගිවිසුමක් අනුව දෙමළ ජාතික සන්ධානයට උතුරු පළාත් සභාව සදහා ඉඩම් සහ පොලිස් බලතල ඇතුළු සියලු බලතල ලබා දීමට එකග වී තිබේ.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය මෙවර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමේ එකගතාවයට රනිල් වික්‍රමසිංහ එ.ජා.ප නායකයා සහ දෙමළ ජාතික සන්ධානය අතර ඇති කර ගෙන තිබේ. ඒ අනුව දෙමළ සන්ධානයට උතුරු නැගෙනහිර පළාත් සභා එක් කොට වෙනම පරිපාලනයක් ලබා දීම , උතුරු නැගෙනහිර පවතින අධිආරක්ෂිත කලාප ඉවත් කිරීම අතුළු කොන්දේසි කීපයකට එ.ජා. ප නායකයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා එකඟ වී තිබේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබා ගැනීමේ මෙහෙයුම පිටුපස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංගද විශාල කාර්ය භාරයක් ඉටු කොට තිබේ.

මේ අතරතුර ගිය සතියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාතේ ජන රැලි කීපයකට සහභාගී වීය. එම ජන රැලිවලට සහභාගී වෙන අතරතුර හෙතෙම මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියනමද හමුවී ආශිර්වාද ලබා ගත්තේය.

රායප්පු ජෝෂප් පිය නම් එල්.ටී.ටී සංවිධානය සමග සමීපව කටයුතු කළ පිය නමකි. එමෙන්ම කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් අවසාන සටනේදී බේරා ගැනීමට ප්‍රයන්ත දැරූ බවටද එම පිය නමට චෝදනා එල්ල වී තිබිණි. එවැනි පිය නමකගෙන් ආශිර්වාද ලබා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම පිළීබදව බලවත් සැකයක් ඇතිවී තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර තිබිණි. ඉන් අනතුරුව ගිය සතියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන , හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග සහ එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ උතුරු පළාතේ ජන රැලි කීපයකටම එක් වුහ.

එම ජන රැලි සංවිධානය කොට තිබුණේ දෙමළ ජාතික සන්ධානය විසිනි. මේ ජන රැලිවලදී හිටපු ජනපතිනිය එල්.ටී.ටී සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හදුන්වා සිටියේ මිස්ටර් ප්‍රභාකරන් ලෙස ගෞරවනීය ලෙසටය. ඉතාම ආදරයෙන් හිටපු කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් හදුන්වා දුන් හිටපු ජනපතිනිය දෙමළ ජනතාව සහභාගී වී සිටි උතුරේ පැවැති රැස්වීම් කීපයකදීම කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මිස්ටර් ප්‍රභාකරන් ලෙස ගෞරවයෙන් යුතුව කියා සිටියා.

“ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වු විගස උතුරේ පිහිටුවා තිබෙන අධි ආරක්ෂිත කලාපවලට අයත් ඉඩම් යළි දෙමළ ජනතාවට පවරා දීමට අපි කටයුතු කරනවා. එමෙන්ම නව පාලනය මගින් දෙමළ ජනතාවට සහ උතුරු පළාතට සියලු බලතල ලබා දෙනවා.

මා මාගේ පාලන කාලයේදී පුළුල් බලය බෙදීමකට කටයුතු කළත් එයට අවශ්‍ය දේශපාලන සහාය අනෙකුත් පක්ෂවලින් ලැබුණේ නැහැ. එහෙත් මෛත්‍රී පාලනයයක් යටතේ එය ඉටු කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති. “ හිටපු ජනපතිනිය කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්හට මිස්ටර් ප්‍රභාකරන් ලෙස කීප වරක් කීවාය. මේ අතරතුර මෙවර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ක්ෂක මෛත්‍රීපාල සිරිසේන තම ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී එ.ජා.ප නායකයන් කොන් කිරීම නිසා බිම් මට්ටමේ එ.ජා.ප ක්‍රියාකාරීන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග එක් වෙමින් සිටී.

මේ අතරතුර එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ එ.ජා.ප ජාතික සංවිධායක දයා ගමගේ මෛත්‍රීපාලයේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වී සිටිති.

මේ අතරතුර ගිය සතියේ එ.ජ.නි.ස මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එ.ජා.ප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මෛත්‍රී සහ රනිල් අතර අස්සන් කළ රටට එරෙහි රහස් ගිවිසුම ගැන යළිත් ප්‍රශ්න කර සිටියේය.

“ මං මීට පෙර කිව්වා රනිල් සහ මෛත්‍රී ඇති කර ගෙන තිබෙන රහස් ගිවිසුම මේ රටට තර්ජනයක් කියලා. උතුරේ හමුදාව සියයට පනහකින් ඉවත් කිරීම , උතුරේ හමුදාව වෙනුවෙන් වියදම් කළ මුදල් සියයට 40 කින් කප්පාදු කිරීම , උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කර නැවැත ජනතාව පදිංචි කිරීම, 13 වැනි ව්‍යාවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ජිනීවා යෝජනා වලට අනුව යුධ අපරාධ සම්බන්දයෙන් දේශීයව කටයුතු කිරීම, මේ කියන මෛත්‍රී රනිල් ගිවිසුමේ අඩංගු කරුණු කිසිවක් මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කොට නැහැ. එම කරුණු මාගේ ප්‍රතිපත්ති නොවේ යැයි කියා නැහැ. ඒ වෙනුවට මට එරෙහිව අධිකරණයට ගොස් තිබෙනවා.

මා කියන්නේ මෛත්‍රීපාල මහත්තයා අධිරණයට යන්න හැබැයි තමන්ගේ ප්‍රතිපත්තිය කියන්ඩ කියලා. මට එවා තිබෙන එන්තර වාසියෙන්වත් එය ප්‍රතික්ෂේප කර නැහැ. මං මේ කරුණු 22 වෙනිදා හෙළි කළා. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයා හෝ සිරිසේන මහත්තයා මේ ලියවිල්ල අසත්‍යයැයි කියා කිවාට එහෙම එකගතාවයක් අපේ නැහැ කියා කිව්වේ නැහැ. “ එ.ජා.ප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය.

තව දුරටත් එහිදී අදහස් දැක්වු එ.ජා.ප හිටපු මහ ලේකම්වරයා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ කිව්වේ නැහැ මේ කරුණුවල අන්තර්ගතය අපේ ප්‍රතිපත්තිවල නැහැ කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ ගැන පරීක්ෂණ යනවා. මේ ගිවිසුම වැරැදිනම් මේ මුලික කරුණු පහ ක්‍රියාත්මක කරන්නේ නැහැ කියා ප්‍රසිද්ධ වේදිකාවේ කියන්න. එවිට මේ ප්‍රශ්නය ඉවරයි.

එය මේ වෙන තෙක් සිරිසේන මහත්තයා කියා නෑ. සිරිසේන මහත්තයා පසුගිය දවසක කියා තිබුණා හමුදාව ඉවත් කරන්ඩ මට ඔළුවේ අමාරුවක් නෑ කියා. හැබැයි එතුමාම පසුගිය දවසක කියලා තිබුණා ජනාධිපතිවරණ ප්‍රතිපල පිට වෙනකොට ගුවන්තොටුපොල වහලා දානවා කියලා. ඊට පස්සේ දවසේ කිව්වා මට එහෙම කියන්ඩ ඔළුවේ අමාරුවක් නෑ කියලා. ඒ නිසා මං ඔහුට කියන්නේ මාතෘ භූමියට අදරය කරන නායකයෙක් නම් මේ කරුණු පහ ක්‍රියාත්මක කරන්නේ නැහැ කියා ප්‍රසිද්ධියේ කියන්න. “ එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේය.

පසුගිය දිනෙක ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් හා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකොලයින් ෆර්ඩිනැන්ඩස් ශ්‍රී ලංකාවට පැමිණීම විපක්ෂය දැඩි ලෙස විවේචනය කළේය. විපක්ෂය කීවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ සටන වෙනුවෙන් මුදල් ගෙවා ඔවුන්ව ලංකාවට ගෙන්වූ බවය. පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් යන මහත්වරු සල්මන් ඛාන්ගේ ලංකාගමනය ගැන මෙසේ කීහ.

“විපක්ෂය කළේ කිසිම පදනමක් නැති චෝදනාවක්. ඒ ගැන සල්මන් ඛාන් හුඟක් කනගාටු වුණා. එයා ලංකාවට ආවේ සුබසාධන වැඩසටහන් කිහිපයකට සහභාගි වෙන්න. එයාගෙ සුබ සාධක සංවිධානයක් තියෙනවා. “බීන්හියුමන්” (Being Human) නමින්. අපේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයයි ඒ සංවිධානයයි එකතුවෙලා වැඩ කරනවා. ගිය අවුරුද්දෙ අපි යාපනයේ වැඩසටහන් කීපයක් කළා. ඒකටත් සල්මන් ආවා. සල්මන් අපේ විපක්ෂයේ චෝදනා ගැන කනගාටුව පළ කරලා එයාගෙ ට්විටර් සහ ෆේස්බුක් එකවුන්ට්වලත් දාලා තිබෙනවා.” නාමල් කීවේය.

එවිට ආචාර්ය චරිත හේරත් කීවේ මෙරටට උදව් කිරීමට පැමිණෙන කීර්තිමත් පුද්ගලයින්ට විපක්ෂය මෙසේ අභූත චෝදනා එල්ල කිරීම රටේ ප්‍රතිරූපයට හානියක් බවය.

විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ සහායට මෙරට ඇමෙරිකානු හා බටහිර තානාපති කාර්යාල කිහිපයක් එළිපිටම වැඩ කරන බව ප්‍රසිද්ධ කරුණකි. ඉකුත් 28 වැනිදා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග හා ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන හමුවූයේය. එහෙත් ඔහුගෙන් පිළිබිඹු වූයේ අසතුටුදායක මුහුණුවරකි. ඔහු චන්ද්‍රිකා හා මෛත්‍රී ඇමතුවේ චෝදනාත්මක ස්වරයකිනි.

“අපි ඔයගොල්ලන්ට මහින්දගෙ පාලනය පෙරළන්න මුල ඉඳන්ම උදව් කරනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් හා අනෙකුත් හැම දේමත් සපයනවා. අපට අවශ්‍ය මේ ක්‍රියාදාමය විධිමත් හා සාර්ථකව ඉදිරියට ගිහින් පවතින ආණ්ඩුව වෙනස් කිරීමයි. ඒ දේ වෙන්න විපක්ෂයේ කණ්ඩායම් අතර සමගියක් වගේම සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. ඒ දේ අවශ්‍ය පරිදි වෙනවා කියල අපි හිතන්නේ නෑ.”

එයට පිළිතුරු වශයෙන් චන්ද්‍රිකා හා මෛත්‍රී කීවේ තමන් හැකි තරම් හොඳින් විපක්ෂයේ පක්ෂ හා කණ්ඩායම් අතර සම්බන්ධීකරණය කළමනාකරණය කරන බවය. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා තානාපති නිලධාරියා සමඟ එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව පැමිණිල්ලක් කළේය. ඒ ඔහු තනිව ගමනක් යාමට සූදානම් වන බවටය.

“ඒ ගැන අපි රනිල් එක්ක කතා කරල තියෙනවා. රනිල්ගෙ පැත්තෙන් කියවෙන කරුණු හුඟක් සාධාරණයි. මේ ඡන්දෙ දිනන්න නම් එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ගෙ සහාය අත්‍යවශ්‍යයි. ඒ සඳහා එ.ජා.ප. බිම්මට්ටමට හැඟීමක් යන්න ඕනෙ තමන්ගෙ පක්ෂයට මේ ජයග්‍රහණයෙන් පසුව බලය ලැබෙන බවට. ඒ වගේම මුදල් හා වෙනත් ප්‍රතිලාභ බිම්මට්ටමට ලැබෙන බවට. නමුත් ඔ‍ෙබ් මැතිවරණ ව්‍යාපාරය තුළදි එ.ජා.ප. බිම් මට්ටමේ සාමාජිකයන්ට කතා කරල නැහැ. වහාම ඒ දේ කරන්න.” තානාපති නිලධාරියා උපදෙස් දුන්නේය. චන්ද්‍රිකා හා මෛත්‍රී එම උපදෙස් අනුව කටයුතු කරන බවට පොරොන්දු වී ඇත.

‘රට වෙනුවෙන් 31’ නම් වූ විශේෂ දේශපාලන සංවාදයක් පැවැත්වීමට එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් කටයුතු යොදා තිබිණි. කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ දේශපාලනඥයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මේ සංවාදය පැවැත්විණි.

‘‘කෙහෙලිය ඇමතිතුමා, අද රට පුරාම ජනතාව මේ විදියට අවුරුදු උදාව සමරනවා. අපි පෙන්වා දෙන අන්දමට සුරක්‍ෂිත රටක් - ලොව දිනන මගක් නිර්මාණය වී ඇති බව තමයි මේ රතිඤ්ඤා ශබ්දයෙන් තේරුම් යන්නේ’’ විමල් වීරවංශ මහතා සංවාදය අතර ලැබුණු විරාමයකදී කෙහෙලිය රඹුක්වැල්ල මහතාට පැවසුවේය.

මෙය ඇසුණු විපක්‍ෂයේ කිහිපදෙනකු මුහුණින් මුහුණ බලන ආකාරයද දැක ගත හැකි විය. සංවාදය අවසන් වනවාත් සමගම විමල් වීරවංශ ඇමතිවරයාට දුරකථන ඇමතුම් රැසක් ලැබිණි. ඒ අතරතුර ජනාධිපතිතුමන්ගෙන්ද දුරකථන ඇමතුමක් ලැබිණි.

‘‘සුබ නව වසරක් වේවා විමල්’’ ජනාධිපතිතුමන් අලූත් අවුරුද්දට සුබ පතමින් පැවසීය. ‘‘ඔබතුමාටත් ජයග්‍රාහී සුබ නව වසරක් වේවා!’’ විමල් වීරවංශ අමාත්‍යවරයා පෙරළා සුබ පතමින් පැවසීය.

‘‘සංවාදයට ඉතාම සාර්ථකව ඔයගොල්ලො මුහුණ දුන්නා. විරුද්ධ පක්‍ෂය ඉදිරිපත් කළ විවේචනවලට නිසි පැහැදිලි කිරීම් ලබා දුන්නා’’ ජනාධිපතිතුමන් ‘රට වෙනුවෙන් 31’ සංවාදය පිළිබඳව සිය අදහස විමල් වීරවංශ අමාත්‍යවරයාට පැවසුවේ එසේය.

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා සවස බත්තරමුල්ලේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පක්‍ෂ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ සහ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස් විය.

ඒ වගේම ඒ මාධ්‍යවේදියා විමසා තිබෙනවා, ‘මුස්ලිම් කොංග්‍රසය අම්පාරේ වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් ඉල්ලන එක ගැන මොකද කියන්නේ?’ කියලා. සම්බන්දන්ගේ උත්තරය වෙලා තියෙන්නේ මොකක්ද දන්නවාද? ‘හරි ෂෝක්නේ’ කියලයි. මේ අවුල් හවුලේ අරමුණ ඉතා පැහැදිලියි, මේ අය සූදානම් වෙන්නේ ‘යහපාලන නංගි පෙන්නලා බෙදුම්වාදී අක්කා දෙන්නයි’’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

‘‘පසුගියදා කොළඹදී දෙමළ ජාතික සන්ධානය හා මෛත්‍රී , මංගල, රනිල්, චන්ද්‍රිකා යන අය අතර රහසිගත සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා. එහිදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා තිබෙනවා, ශබ්ද නැතිව ඉන්න. ඔයගොල්ලො වැඩිය කෑගැහුවොත් අපට දකුණේ ඡන්ද නැති වෙනවා කියලා. මේ අනුව ඉතා පැහැදිලියි. බෙදුම්වාදී එකඟතා යටින් යටින් ක්‍රියාත්මක වන බව.’’ නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්