මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

2005 ට පෙර රටේම කොටි භීෂණය තිබුණා යුද්ධය සියයට සියයක්ම අවසන් කළේ ජනාධිපතිතුමායි

2005 ට පෙර රටේම කොටි භීෂණය තිබුණා යුද්ධය සියයට සියයක්ම අවසන් කළේ ජනාධිපතිතුමායි

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස්

වසර තිස් ගණනක් ඇදි ඇදී යමින් මෙරට අහිංසක සිංහල දෙමළ මුස්ලිම් ජනතාව ඝාතනය කරමින් බියෙන් මුසපත් කළ යුද්ධය නිමා කළේ 2005 බලයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සේනාධිනායකයාය.කවුරුත් මොනවා කීවත් ඇස් පනා පිට පෙනෙන සත්‍යය එයයි.

එහෙත් සමහර දේශපාලන නායක නායිකාවන් වේදිකාවේ අදහස් පළ කරන්නේ ජනාධිපතිතුමා බලයට පත්වන්නට පෙර තමන් ද යුද්ධයෙන් සියයට 75 ක් නිමා කළ බවයි. එය අතේ පැළවෙන බොරු ඇතුළත් වහසි බසකි. එම නිසා දේශපාලනයට සම්බන්ධ නැති යුද්ධය නිමා කිරීමට දායක වූ යුද සෙනෙවියකු වන යුද සමයේ 57 වැනි සේනාංකය මෙහෙයවූ අද මුලතිව් ආඥාපති ධුරය දරන මේජර් ජෙනරාල් ජගත් ඩයස් සමඟ කරන ලද සාකච්ඡාවකි මේ.

ආඥාපති තුමනි වර්තමාන රජය 2005 දී බලයට පත්වන්නට පෙර ශ්‍රී ලංකාවේ තිබු ත්‍රස්තවාදී තර්ජන පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේදැයි එහි සත්‍යය පසුබිම කෙබඳු ද?

මා මේ දේශපාලනය කතා කරනවා නොවෙයි. මේ රජය පත්වන්නට පෙර සිටි රජය මඟින් 2002 පෙබරවාරියේදී මට මතක හැටියට එවකට සිටි රජය සාම ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම පරිදි යුද හමුදාව තම බැරැක්කවලට සීමා වී සිටිය යුතුව තිබුණා.

ඒ වගේම වෙනදා මෙන්ම මෙවරත් ඔවුන් සාම ගිවිසුම අවදියේදී යුදමය වශයෙන් ශක්තිමත් වුණා. විශාල වශයෙන් ආයුධ ගෙන්වා ගන්නටත් තම හමුදාව නාවික ගුවන් හමුදා බලයෙන් ශක්තිමත් කරන්නටත් - ඔවුන්ගේ මරාගෙන මැරෙන හමුදා ශක්තිමත් කරන්නටත් ඒ සාම ගිවිසුම භාවිත කළා. ඔවුන් සිය හමුදා විවිධාංගීකරණව සංවිධානය කළා.

ඒ වන විට මුළු රටම අනාරක්ෂිතයි. හිටි හැටියේ කොළඹ ඇතුළු දකුණේ නගරවල බෝම්බ පිපිරුවා. මුළු රටම භීතියෙන් ඇළලී තිබුණෙ. රට යුද්ධයෙන් මුදවාලන්නට ඊට පෙර කිසිම නායකයෙක් කටයුතු කළේ නැහැ.

මා ඒ වන විට සිටියේ මඩකළපුවේ. මඩකළපුව ත්‍රිකුණාමලය ඇතුළු නැ‍ඟෙනහිර ගම්මාන බොහෝමයක් තර්ජිත ගම්මාන බවට පත්වෙලා තිබුණේ.

කොටි සංවිධානය සාම ගිවිසුම අනුව මායිම් බෙදාගෙන තිබුණේ. අපේ ශ්‍රී ලංකා හමුදාවන්ට ඒ මායිම්වලින් එහාට යන්නට බැහැ. ගියොත් කොටි සංවිධානය සාම සාධක ක්‍රියාකාරීන්ට පැමිණිලි කරනවා හමුදාවන් අසරණ වෙලා සිටියේ. උතුරේ යාපනය නගරය විතරයි අපට තිබුණේ. නැ‍ඟෙනහිර හා උතුරුකරයත් තිබුණේ එල් ටී ටී ඊ ය අතේ. ත්‍රිකුණාමලය සාම්පූර් මඩකළපුව සියල්ල කොටි හමුදා යටතේ තිබුණේ.

ඒවායේ සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව බියෙන් ඇළලී සිටියේ. විශේෂයෙන්ම මුස්ලිම් වැසියන්ට තිබුණු තර්ජන අනන්තයි. ඔවුන්ට ආගම අදහන්නවත් නිදහසක් තිබුණේ නැහැ. කාතන්කුඩි එරාවුර් මුස්ලිම් දේවස්ථානවලදී ම මුස්ලිම් ජනතාව ඝාතනය වුණා.

ඒ වගේම සාම සාකච්ඡාවලට පිටරටවලට ගියාම එල් ටී ටී ඊ ය ක්‍රියා කළේ ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් විදිහට. සමහර විදේශීය රටවල් ශ්‍රී ලංකා රජයට හා කොටි සංවිධානයට සම තැන සේ ලා සැලකුවා. මෙරට ඊළාම් රාජ්‍යය ලෙස උතුර නැ‍ඟෙනහිර ඔවුන් සැලකුවා. 2005 මේ රජය පත්වන විට තිබුණු තත්ත්වය ඒ විදිහයි. රටෙන් 1/3 ක් සමඟ වෙරළෙන් 3/4 ක් කොටි අල්ලාගෙන සිටියා. 2005 පෙර රටම අස්ථාවර තත්ත්වයක තිබුණේ. 2005 ට පෙර හිටපු පාලකයන් යුද්ධය සියයට එකක්වත් ඉවර කරලා තිබුණේ නැහැ.

එතකොට හතරවැනි ඊළාම් යුද්ධය ආරම්භ වූයේ කොහොම ද?

ඒකත් සිද්ධ වුණේ එල් ටී ටී ඊ යේම දරුණු ත්‍රස්ත ක්‍රියාකාරකමක් නිසා. ජනාධිපතිතුමා ඉවසුවා ඇති කියා සිතන්නට ඇති.

එල් ටී ටී ඊ ය මාවිල්ආරු සොරොව්ව බලෙන් වසා දමා ලක්ෂ ගණන් ජනතාවගේ ගොවි බිම්වලට ජලය ලබාදීම නැවැත්තුවා. ජලය නැතුව ජනතාව අමාරුවේ වැටුණා.

ඔවුන්ට සිය ගොවිතැන් කිරිමට ජලය නැතිවුණා. බීමට ජලය නැතිවුණා. එය විශාල අපරාධයක්. මේ අවස්ථාවේ හැටියට රටක නායකයෙකුට රටවැසියන්ගේ ආරක්ෂාවට වඩා දෙයක් නැහැ.

ජාතික ආරක්ෂාවට මුල් තැන දීම ඕනෑම රජයක වගකීමක්. එම නිසා ඒ වගකීම අකුරටම ඉටු කරන්නට රජය බැඳී සිටිනවා.

ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීම රජයකට අනුමත කරන්නට බැහැ. ඒ වන විටත් යාපනයේ 40000 ක පමණ භට පිරිසක් හිටියේ ප්‍රාණ ඇපකරුවන් වගේ. උතුරු නැ‍ඟෙනහිර දකුණු ප්‍රදේශවලත් ජනතාව ප්‍රාණ ඇපකරුවන් වෙලා. කොටින්ගේ සැලසුම වුණේ උතුරේ භට පිරිස් සඳහා ත්‍රිකුණාමලයෙන් ගෙනයන ආහාර ද්‍රව්‍ය රැගත් නැව් නවත්වන්නට ත්‍රිකුණාමලයේ බලය අල්ලන්න.

මේ තත්ත්වය තවදුරටත් ගෙනයන්න දෙන්න බැහැ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් එල් ටී ටී ඊ යේ යුද්ධ ශක්තියට අභියෝග කළා. 2006 සැප්තැම්බරයේ මාවිල්ආරු සටන පටන් ගත්තා. අපේ යුද්ධ ශක්තිය එල් ටී ටී ඊ යට තේරුණේ එවිටය. යුද්ධ හමුදාව උඩින් බිමින් මුහුදෙන් සටන් කරමින් සටන් කළා. මුළු ශ්‍රී ලංකා ජනතාවම යුද්ධය අනුමත කළා.

මාස දෙක තුනකින් මාවිල්ආරු මුදාගෙන ඒ සටන නිමා කළේ ත්‍රස්තවාදීන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්කරමින්. ඒ සමඟම නැගෙනහිර මුදා ගැනීමේ සටන ඇරැඹුණා.

නැගෙනහිර ටික කලකින් මුදාගත්තා. ඉන්පසු සේනාංක කීපයක් යටතේ අපි වවුනියාව තම්පනේ - පෙරියතම්පනේ මඩු ප්‍රදේශ යටත් කරමින් ඉදිරියටම යමින් යුද්ධය ආරම්භ කළා. මඩු වන්දනා භූමිය අපි මුදාගත්තේ ත්‍රස්තවාදීන්ට දැඩි සටනක් දෙමින්. ඉන්පසු අපේ තවත් සේනාංකයක් මුළු ලංකාවටම සහල් ලබාදිය හැකි මන්නාරම් ප්‍රදේශයේ සහල් නැළිය දිනාගත්තා. දිගටම යුද්ධය ඉදිරියට ඇදී ගියේ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් පෑගී සිටිය අසරණ ජනතාව මුදා ගනිමිනුයි.

එහිදී අපටත් ත්‍රස්තවාදීන්ගෙන් හානි සිදුවුණා. හමුදාවේ ජීවිත හානි අවම කර ගනිමින් ජනතාවගේ ද ජීවිත රැකගනිමින් යුද්ධය ඉදිරියට කරගෙන ගියා. මෙය ලෝකයම බලා සිටි ඓතිහාසික සටනක්. ලෝකයේ කොයිම රටකවත් මේ වගේ ත්‍රස්තවාදී හමුදාවක් යුදමය වශයෙන් පරාජය කරල නැහැ. ඒ නිසා මෙය විශේෂතම සටනක් වුණා. අපේ හමුදාවල විශේෂ යුද උපක්‍රම අපේ ජයග්‍රහණයට ඉවහල් වුණා.

ත්‍රස්තවාදීන් කිළිනොච්චි ජල ටැංකිය විනාශ කර තිබුණේ සිත් පිත් නොමැති අන්දමින්. අප එහි යන විට ඒ මුළු නගරයම විනාශ කොට තිබුණේ ප්‍රයෝජනයට ගත නොහැකි පරිදි. කඩ සාප්පු ගෙවල් දොරවල් හරකාබාන විනාශ කොට තිබුණේ. ත්‍රස්තවාදීන් ගම්බිම් සියල්ල ගිනිබත් කොට තිබුණේ. දුම්රිය මාර්ග මහා මාර්ග කිසිවක් නැහැ. දුම්රිය පීලි පවා ත්‍රස්තවාදී බංකර්වලට ගෙන ගොස් තිබුණේ.

ඒ නිසා උතුරේ ජනතාව ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදා ගැනීම රජයේ නායකත්වයේ අරමුණ වී තිබුණා.

එතකොට වන්නි මානුෂීය මෙහෙයුම කොතෙක් කල් පැවතුණා ද?

අපි 57 සේනාංකය වන්නි මහ කැලේට ඇතුළු වී මුදාගෙන යන අතර මාස පහමාරකින් බටහිර දෙසින් මන්නාරම සිලාවතුර කොටි කඳවුරුවලට ඇතුළු වූ 58 සේනාංකය ඉදිරියට ගිය 59 සේනාංකය වැලිඔය දෙසින් ඉදිරියට ගියා. කොහොමහරි 2009 මැයි 12 වන විට ප්‍රභාකරන් නන්දිකඩාල් කළපුවේ හිර කරගන්නට අපට හැකිවුණේ 2009 මැයි 19 වන විට ත්‍රස්තවාදය විනාශ කළා.

ඔබතුමාට වැටහෙන පරිදි වන්නි මහ මෙහෙයුම සාර්ථක වීමට හේතු වූ කාරණා මොනවා ද?

මෙවර මේ රාජ්‍ය නායකයාගේ නායකත්වයෙන් කළ මෙහෙයුම මීට කලින් මෙහෙයුම්වලට වඩා වෙනස් වුණේ. කලින් මෙහෙයුම් 3 නියමිත සැලසුමකට අනුව කළ ඒවා නොවෙයි. මෙහිදී සැලසුම් සහගතව අරමුණක් ඇතිව රාජ්‍යතාන්ත්‍රික උදව් හා ආශිර්වාද මැද මහජනතාවක් දැනුම්වත් කොට එල්ල කළ මෙහෙයුමක්.

මෙහිදී රටේ නායකත්වයේ ජනාධිපතිවරයාගේ අරමුණ වුණේ ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කිරිමයි. ඒ සඳහා අලුත් ක්‍රමවේදයක් හා සංකල්පයක් සකස් කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. රටේ නායකත්වයේ දර්ශනය හා අරමුණ අනුව ත්‍රිවිධ හමුදාවන්ට අවශ්‍ය නවීන අවි ආයුධ, යානා ආදි සියලු දෙය ලබා දුන්නා. විශේෂඥ දැනුම ලබා දුන්නා.

යුද ගුවන් නාවික ත්‍රිවිධ හමුදාවන්ට අමතරව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පොලීසියට අවශ්‍ය නවීනතම සියලුම අවි ආයුධවලට අමතරව මිනිසුන් රහිත ගුවන් යානා (UAV) ආදිය ලබා දී යුද්ධය නියම යුද්ධයක් විදිහට ගෙන ගිය මෙවර මෙහෙයුමේදී ඉදිරි පෙරමුණු ශක්තිමත් කරමින් සතුරාගේ පෙරමුණ විහිදුවමින් සතුරන්ගේ නායකයන් පිරිස් බලය විනාශ කරමින් අපි ඉදිරියට ගියා. විශේෂයෙන්ම ගොඩබිමින් මෙන්ම ගුවනින් මුහුදෙන් ද ප්‍රහාර එල්ල කිරිම සාර්ථක වුණා.

පා මුර සංචාර මඟින් සතුරු ප්‍රහාරවලට මුහුණ දෙමින් ඉදිරියට ගියා. විශේෂයෙන්ම රටේ ජනතාව ද වක්‍රව යුද්ධයට සහභාගි වුණේ හමුදාවන්ට අවශ්‍ය චිත්ත ධෛර්යය ලබා දෙමින්. අපේ සේනාංකවලට රටේ නායකත්වය හා ආරක්ෂක ලේකම්වරයා විසින් ඉලක්ක ලබා දී තිබුණා.

ජනතාව ද යුද්ධයට ආශිර්වාද දෙමින් මානුෂීය මෙහෙයුමට දායක වුණා.

2005 ට පෙර තිබු අලිමංකඩ පරන්තන් මුලතිව් වගේ ස්ථානවල යුද්ධ හමුදා කඳවුරු විනාශ වුණේ කොහොම ද?

ඉස්සර තිබුණු ඒ කඳවුරු හුදකලා කඳවුරු. ඒවායේ භට පිරිස් හිටියාට ඔවුන්ට පහසුකම් තිබුණේ නැහැ. ඔවුන් අනෙක් කඳවුරුවලින් වෙන් වෙලා තිබුණේ.

1992 පමණක් නොවෙයි කීප සැරයක්ම ඒවාට ප්‍රහාරය එල්ල කළා. ඒ කාලේ අලිමංකඩ, මුලතිව් වගේ හුදකලා කඳවුරුවලට ප්‍රහාරය එල්ල කිරීම ත්‍රස්තවාදීන්ට පහසු වුණා.

ඒවා පිළිබඳව කළමනාකරණය පරිපාලනය මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබුණා.

එතකොට මෙවර හතර වැනි ඊළාම් යුද්ධය සාර්ථක වුණේ ඇයි?

ප්‍රධානම කාර්යය මහජනතාවගේ ඡන්දයෙන් පත්වූ රාජ්‍ය නායකයාගේ ප්‍රධාන වගකීමක් වූ ජනතාවගේ ආරක්ෂාව සැලසීම හරිහැටි ක්‍රියාත්මක කළ නිසයි. එයට ආරක්ෂක ලේකම්වරයාගේ දුරදක්නා නුවණ හා අධීක්ෂණය ද ඉවහල් වුණා.

ඒ වගේම යුද්ධය ජයග්‍රහණය කිරීමේදී තවත් පිරිසක් නිහඬව එයට දායක වුණා. ඒ රටේ මහජනතාව. මහජනතාව අමතක කර යුද්ධය කරන්නට බැහැ. මෙහිදී මෙරට හා විදේශගතව සිටි සියලුම ශ්‍රී ලාංකිකයන් හමුදාවන්ගේ ජයග්‍රහණ එක සිතින් පතමින් පිටුපසින් සිටියා. ඔවුන් තම තමන්ගේ ආගමික විශ්වාසයන්ට අනුකූලව හමුදාවට ආශිර්වාද කළා.

ඒ වගේම රටේ ජනතාව යුද්ධය පැවැති වසර දෙක තුළ සියලු දුක් විඳ දරාගෙන සිටියා. මා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වශයෙන් එය අගය කරනවා.

අවසාන මානුෂීය මෙහෙයුමේදී මානව හිමිකම් කඩකළා යැයි චෝදනාව ගැන මොනව ද කියන්න පුළුවන්.

අවසාන මානුෂීය යුද මෙහෙයුම හරිම අනුවේදනීය වුණා. ප්‍රභාකරන්ගේ ග්‍රහණයේ වෙල්ලමුල්ලි වයික්කාල්හි සිරවී සිටි ජනතාව එයින් මුදාගත් අපේ හමුදාවට අපි කෘතඥ විය යුතුයි. අද ඩයස්පෝරාව කුමක් කීව ද කුසගින්නේ දින ගණන් සිටි ජනතාව අපේ සෙබළුන් විසින් බේරා ගත්තේ තමන්ට කන්නට තිබු ආහාර සලාකය පවා පුද කරමින්.

කිසි විටෙක ඔවුන් මානව හිමිකම් කඩකළේ නැහැ. අපේ හමුදාවන් කළේ කොටින් විසින් මානව හිමිකම් බිඳ දමා සිර කරගෙන සිටි ජනතාව බේරා ගැනීමයි.

පුංචි දරුවන්ට දෙන්නට තිබු පිටිකිරි ටික වගේම ජනතාවට කන්නට තිබු ආහාර සලාකය උදුරා ගත් කොටින් තමයි මානව හිමිකම් කඩකළේ.

ඒ වගේම දරුවන් ලැබෙන්නට එන කොටුවී සිටි කාන්තාවන් අහිංසක මහලු පුද්ගලයන් ආදි සියලු දෙනාටම අතහිත දී ඔවුන් මුදාගත්තේ අපේ හමුදාව. ඔවුන් අතින් කිසිඳු මානව හිමිකමක් කඩවුණේ නැති බව නම් මට ඉඳුරාම කිව හැකියි.

කොටුවී සිටි ජනතාව යුද හමුදාව වෙත ආවේ තමන් කොටි ග්‍රහණයෙන් මුදවා ගන්නැයි ආයාචනා කරමින්. අපේ හමුදා මානව හිමිකම් රැකගත්තා පමණක් නොව මානව හිමිකම්වලට නව අරුතක් දෙමින් ප්‍රවර්ධනය කළා.

දැන් උතුරේ ජනතාව කොහොම ද?

දැන් ඔවුන් නිදහස නියම පරිදි භුක්ති විඳිනවා. සිවිල් පරිපාලනය නිසි පරිදි පවතිනවා. දැන් යුද හමුදාව මඟින් ඉටු කරන්නේ මහජනතාව හා සිවිල් පරිපාලකයන් කරනු ලබන ඉල්ලීම් පමණයි. උදාහරණයක් වශයෙන් කිවහොත් ඔවුන්ට පාසල අලුත්වැඩියා කිරීමට අවශ්‍ය යැයි ඉල්ලීමක් කළොත් ගමේ පාරක් වැවක් හදන්නට ඉල්ලීමක් කළොත් හමුදාව එය ඉටු කරනවා. ඔවුන් හොඳින් සිය ආගම් අදහනවා. සංගීත සංදර්ශන පවත්වනවා. උත්සව පවත්වනවා. හොඳින් ගමන් බිමන් යනවා. දැන් ඔවුන් නිදහස ඉතා හොඳින් භුක්ති විඳිනවා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්