මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සුළු සේවකයන්ට වැඩ කරන ස්ථානය අසලම ඡන්දය දීමට පහසුකම් සලසන්න

සුළු සේවකයන්ට වැඩ කරන ස්ථානය අසලම ඡන්දය දීමට පහසුකම් සලසන්න

- ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

සේවා නියුක්තිකයින්ට ස්වකීය ඡන්ද දීමට හැකි වනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් අදාළ වූ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 110 වන වගන්තියේ විධි විධාන සේවා යෝජකයන්ගේ හා සේවා නියුක්තිකයන්ගේ දැන ගැනීම පිණිස මෙහි පහත දක්වනු ලැබේ.

“110 (1) තෝරා පත් කර ගැනීමකදී පෞද්ගලිකව ඡන්දය දීමට හිමිකම් ඇති යම් තැනැත්තෙකුගේ සේවා යෝජකයෙකු වූ වෙනත් යම් තැනැත්තෙකු විසින්, ඒ තැනැත්තා විසින් ලියවිල්ලකින් කරන ඉල්ලීමක් අනුව ඒ තෝරා පත් කරගැනීමේදී ඒ තැනැත්තාට පෞද්ගලිකව ඡන්දය දීමට හැකි වන සේ ප්‍රමාණවත් යයි ඒ වෙනත් තැනැත්තා විසින් සලකනු ලැබිය හැකි (පැය හතරකට නොඅඩු) අඛණ්ඩ කාලයක් සඳහා වැටුප් අඩු නොවන පරිදි ලියවිල්ලකින් වූ නිවාඩු දෙනු ලැබිය යුතුය.”

“(2) (1) වන උප වගන්තියෙහි හෝ 1(අ) වන උප වගන්තියේ විධි විධාන උල්ලංඝනය කරන හෝ ඊට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින යම් තැනැත්තෙකු වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට හෝ මාසයක් නොඉක්මවන කාලයකට, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතුය.”

02. ඉහත සඳහන් වගන්තියේ විධි විධාන ප්‍රකාර ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තිකයෙකුටම නිවාඩු ලබාදිය යුතුය. එසේ දෙනු ලබන නිවාඩු කාලසීමාව, අනියම් සේවා නියුක්තිකයින් ද ඇතුළුව සියලුම සේවා නියුක්තිකයින් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු අතර, එය සේවා නියුක්තිකයන්ගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතුය.

03. සේවා නියුක්තිකයකුට මෙම කාර්යය සඳහා දෙන ලබන නිවාඩු කාලසීමාව, එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානයේ සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවා යෝජකයා විසින් නිගමනය කළ යුතුය.

04. නීතිය අනුව නිවාඩු ලබා ගැනීම පිළිබඳව මෙයට පෙර පැවැති ඡන්ද විමසීම්වලදී සේවා නියුක්තිකයින් ගෙන් පැමිණිලි ලැබී ඇති හෙයින් මෙම ඡන්ද විමසීමේදී ඡන්දය දීමට හිමිකම් ඇති ස්වකීය සේවා නියුක්තිකයින්ට, නිත්‍යානුකූලව හිමිවන එම නිවාඩුව ලබා දෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික යන දෙපාර්ශ්වයේ සියලුම සේවා යෝජකයින්ගෙන් ඉල්ලා සිටිමි.

ඉහතින් දැක්වෙන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද 2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ 16 වැනි මාධ්‍ය නිවේදනයෙන් ගන්නා ලද උධෘතයකි. මෙමඟින් කියවෙන්නේ සේවා නියුක්තිකයන් හට ජනාධිපතිවරණයේ දී ඡන්දය දීමට හැකි වනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ 110 වගන්තියෙන් සඳහන් වන කරුණුය. ඒ අනුව

1. සේවා නියුක්තිකයන් නිවාඩු ලබා ගැනීම පිණිස ලියවිල්ලකින් ඉල්ලුම් කළ යුතු බව

2. සේවා යෝජකයා ලියවිල්ලකින් එම නිවාඩු දිය යුතු බව

3. එම නිවාඩු සඳහා වැටුප් අඩු කිරීමක් නොවන බව එම ලියවිල්ලේම සඳහන් විය යුතු බව

4. සේවා යෝජකයා එසේ නොකරන්නේ නම්, ඔහුට විරුද්ධව ගත හැකි නීතිමය පියවර ඇති බව

5. අනියම් සේවකයන් හට ද මෙම නිවාඩු හිමිකම ඇති බව

6. දෙනු ලබන නිවාඩු කාලය සේවා ස්ථානය හා ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය අනුව සේවා නියුක්තිකයා විසින් නිගමනය කළ යුතු බව

7. උක්ත කරුණු සේවා යෝජකයන්ගේ හා සේවා නියුක්තිකයන්ගේ දැනගැනීම පිණිස සඳහන් කරනු ලබන බව එහි සඳහන් වේ.

මතුපිටින් බලන කල මෙය ඉතා සතුටුදායක තත්ත්වයක් සේ පෙනේ. එමෙන්ම එය කළ හැකි ඉතාමත් සාධාරණ දෙය බව ද පෙනෙන නමුත් අවධාරණයෙන් විශ්ලේෂණය කර බලද්දී මෙහි ඇති අඩුපාඩු විද්‍යමාන වන්නේය. ඈත ප්‍රදේශවල සිට පැමිණ සේවය කරන අර්ධ කාලීන හා තාවකාලික සුළු ‍සේවකයින් විශාල ප්‍රමාණයක් රටේ නොයෙකුත් පළාත්වල සිටිති.

වෙළෙඳ සේවකයින්, බේකරි සේවකයින්, හෝටල් සේවකයින්, ගරාජ සේවකයින්, වඩු සේවකයින්, මේසන්වරු, සනීපාරක්ෂක සේවකයින්, ගෘහ සේවකයින් ඒ අතර සිටිති.

ඉහත ලැයිස්තුව සම්පූර්ණ එකක් නොවිය හැකිය. මෙම වර්ගවලට අයත් සේවකයන් කොපමණ ඇත්දැයි නිසි සංගණනයක් කෙරී නැත. නමුත් ඔවුන්ගේ සංඛ්‍යාව මිලියනයක් පමණ ඇතැයි අනුමාන කළ හැකි වෙයි.

මොවුන් ගෙන් කොපමණ දෙනෙකු මැතිවරණයක් අවස්ථාවේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට ස්වකීය ගම් ප්‍රදේශ බලා යනු ඇද්ද? ඒ සඳහා ඔවුන් වියදම් සොයා ගන්නේ කෙසේ ද? නමුත් ඔවුන්ගේ ඡන්දය අන් අයගේ ඡන්දය මෙන්ම බලගතුය, වැදගත්ය. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ ඔවුන් සතු අයිතිය සම්පූර්ණ නොවන බව අපගේ හැඟීමයි.

අනෙක් කරුණ වන්නේ ඡන්දය දීම සඳහා යාමට නිවාඩු ලබන සේවකයන් ප්‍රමාණවත් ‍නිවාඩුවක් ඒ සඳහා ලබනවා ද යන්න ය. එම නිසා තමන්ගේ පුරවැසි යුතුකම ඉටුකිරීමට අසමත් වන කී දෙනෙක් අප අතර ඇද්ද?

මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට කිරීමට යමක් ඇත්දැයි සොයා බැලීමට කල් පසූවුවා වැඩි බව අපට වැටහෙයි. වෙනත් රටවල මේ සඳහා නිසි වියදම් යොදා ඇති බව අපට පෙනී යන කරුණකි. මෙය මැතිවරණ කොමසාරිස්වරයා සහ අනෙකුත් ඒ සම්බන්ධ පාර්ශ්වයන්ගේ අවධානයට යොමු විය යුතු ඉතා වැදගත් කාරණයක් වන්නේ, ඉහතින් කියැවුණු ලෙසට තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකමක් වූ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වන්නන්ගේ සංඛ්‍යාව අතිමහත් එකක් වන බැවිනි.

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය යෝජනා කරන්නේ කුමක්දැයි දැන් ඔබ විමසනු ඇත. ඒ අන් කිසිවක් නොව, තමන්ගේ වැඩ කරන ස්ථානවලට ආසන්න මධ්‍යස්ථානයකදී තමන්ගේ ඡන්දය දීමට හැකි වනු පිණිස පහසුකම් සැලසීමය. මෙය මැතිවරණ දෙපාර්තමේන්තුවට අමතර කාර්යයක් විය හැකිය.

නමුත් ජාතික යුතුකමක් සේ සලකා එය කළ යුතු වන්නේය. තැපැල් ඡන්දය සැලසුම් කරන්නාක් මෙන් කල් ඇතිව ඉල්ලුම්පත්‍ර ගෙන්වා ගෙන මෙය කළ හැකි බව අපගේ විශ්වාසයයි. 1981 අංක 15 දරන පාර්ලිමේන්තු ප‍නතේ ඇති විධිවිධාන ද යොදා ගනිමින් අපගේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව අපගේ පිළිගැනීමයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්