මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මොවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි යහපාලනය කුමක්ද?

මොවුන්ගෙන් බලාපොරොත්තු විය හැකි යහපාලනය කුමක්ද?

මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් මහතා රජයෙන් ඉවත් වෙමින් ඊට අපූරු හේතුවක් ඉදිරිපත් කර තිබුණි.එනම් තමන් ජනාධිපති තුමා දෙවතාවකට වඩා ඉදිරිපත්වීමට කැමැත්ත පළකර තිබූ නමුදු ඒ සමග ඉදිරිපත්වූ අනෙකුත් සංශෝධන තම පක්ෂය සසල කළ බවය.

හකීම් මහතා ඒ සසල වීම මත රජයෙන් ඉවත් වුයේ 2014 දෙසැම්බර් 28 වනදාය.එහෙත් එම සසල වීම ඇතිකරමින් අදාළ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වුයේ මිට වසර හතර හමාරකට පමණ පෙර 2010 මුල් භාගයේදීය.

මුස්ලිම් කොංග්‍රසයත් හකීම් මහතාත් වසර හතරකට ද වැඩි දිගු කාලයක් තිස්සේ සසලවෙමින් මැති ඇමැති තනතුරු දරමින් ජනපතිවරණය දොරකඩටම ළඟාවන තුරු කල්ගෙවා තිබේ. සෑහෙන සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇත්තටම සිටින්නේ තලගොයකු නොව කබරගොයකු බව මේ මොහොතේ හෝ හඳුනා ගැනීම වාසනාවකි. නැත්නම් මෙපමණ කල් සිත් පීඩාවෙන් සිටි හකීම් මහතා ඇතුළු පිරිසට මානසික අවපාතයක් ඇතිවී මනෝ වෛද්‍ය වරුන් හමුවන්නටද සිදුවන්නේය.

අධිකරණ ඇමති ධුරයද දැරූ එතුමාට මේ කියන ආකාරයේ කොලය වසා ගැසීමක් සිදුවී ඇති බව ඒ කාලයේ නොපෙනීම පුදුමයටම කරුණක් වුවත් හකීම් මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන්නේ වෙනකකට නොව යහපාලනය උදාකිරීම පිණිසයයි පවසති.

යහපාලනය යනු යහපත්භාවය නොහොත් සත් භාවයය. සත්භාවයෙන් කරන කටයුතු සත්‍යගරුක විය යුතුමය. මෙබඳු තමා හැර අන් සියල්ලන්ම අබැටක් තරම් හෝ මොලයක් නොමැති මොට මෝලුන් යැයි සිතා සිදු කරන ප්‍රකාශ වලට අනුව නම් එම ජනාධිපති අපේක්ෂකයාගෙන් අපේක්ෂා කළ හැකි යහපාලනය කවරක්ද?

මීට ප්‍රථම සිරිසේන මහතා වෙත ට ලඟා වූ රීෂාඩ් බදුර්දීන් මහතා ඊට ටික දිනකට පෙර ජනාධිපතිතුමාට සහයෝගය පළකරන සෙයක් අඟවා තිබුණි.ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්ද රජයේ සත්භාවය මත උපක්‍රමයෙන් ලබා ගන්නට ඔහුගේ පක්ෂය කටයුතු කර තිබුණි.එකී මන්ත්‍රී ධුරයත් කිහිලි ගන්නා ගෙන වාහන බල පත්‍රයත් විකුණාගෙන යහ පාලනය පතන්නා වෙත ට ගියේය.මෙබඳු වංචනිකයන් පිළිගන්නා යහ පාලනය පිළිබඳවම වහසි බස් දොඩන්නකු තුළ තිබිය හැක්කේ කවර නම් සදචාරයක්ද?

රජරැටියකු ලෙස හඳුන්වාගත්තද ගත්තද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පියා එම ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇත්තේ බස්නාහිර පළාතේ ගම්මානයක සිටය.සිරිසේන මහතා පවා උපත ලබා ඇත්තේ පොළොන්නරුවේ නොව බස්නාහිර පළාතේ තම මව්පියන්ගේ ගමේදී ය.එහෙත් එක පරපුරක් තුළ ඔහුගේ සොයුරු සොයුරන් ගණනාවක් ධන කුවේර ව්‍යාපාරිකයන් වී තිබේ.

මෙය තරමක අසාමාන්‍ය තත්වයකි. තම දේශපාලනයට සහෝදරයාගෙන් පොලිතින් කොලයක් හෝ ලබා නොගෙන ඇතිබව එතුමා වරක් ප්‍රකාශ කර තිබුණි.එහෙත් මේවන විට එකී සහෝදර සමාගම ම ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට එළිපිටම උරදී සිටිනු පෙනේ.යහපාලන කථා සහ මෙබඳු තත්ත්වයන් අතර පැනනගින පරස්පරය සියල්ලන් තුළ යම් කුකුසක් ඇතිකරවන සුළුය.

මිනිසුන් රජයකින් බලාපොරොත්තු වන යහපාලනය තුළ භාණ්ඩ මිල පහත වැටී මංමාවත් ඉඳීවි ප්‍රවාහනය පහසුවී අතමිට සරු කර ගනු පිණිස රැකිරක්ෂා ලබාගැනීම ආදිය ඇතුලත් වේ.විශේෂයෙන්ම රැකිරක්ෂා සාධාරණ පදනමකින් සුදුසුකම් අනුව සියල්ලන්ට බෙදීයන ආකාරයෙන් පාර දෘශ්‍ය භාවයෙන් යුක්තව ලබා දෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවේ.

එතුමා අද බොහෝ දේ පිලිබඳ මැසිවිලි කීවද විවිධ අමාත්‍ය තනතුරු දරන අතර අදාළ ආයතන වලට පුද්ගලයන් බදවා ගැනීමේදී තම ප්‍රදේශයේ පාක්ෂිකයනට හෝ හිතවතුනට එකී රැකියා අවස්ථා ලබාදීමට පසුබට නොවූ බව සහ එහිදී එතුමාට කිසිදු බාධාවක් පන නොනැගුණ බව ද අසන්නට ලැබේ.එබඳු තත්ත්වයන් ද නිරනුමානවම යහපාලනය සමග ගැටෙන බව නම් නිසැකය.

එතුමා විසින් පවත්වන ලද ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ඡාවේ සිට ඔහු වරින් වර වෙනස්කම් වලින් යුතු ප්‍රකාශ කර තිබේ. එයද ඉහතකී සත්‍යවාදී බව පිලිබඳ ප්‍රශ්ණ මතුකරයි.වැදගත්ම ප්‍රශ්නය මතුවන්නේ ප්‍රධාන ම කරුණ වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කීරීම පිළිබඳවය.එසේ වුවද ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ඉදිරිපත් නොකරයි.

එහි කියවෙන දෙය අතිශයින් ව්‍යාකුලය.අපේක්ෂිත සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එකඟතාවක් ඇතිකර ගැනීමට කටයුතු කළයුතු බව පමණක් සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්කර තිබේ.

ඒ සඳහා මාදුළුවාවේ සෝභිත හිමිගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කීරීම සඳහාවූ එකඟතා අතුරලියේ රතන හිමිගේ පිවිතුරු හෙටක් ජාතික සභාවේ 19 වන ව්‍යවස්ථාව සංශෝධනය සඳහාවූ කෙටුම්පත එක්සත් ජාතික පක්ෂයේ එම යෝජනා සඳහා ඉදිරිපත් කර තීබෙන යෝජනා යනුවෙන් අපැහැදිලිව දක්වා තිබෙන කරුණු සියල්ලම මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථා සංශෝධන වලට සැලකිල්ලට ගන්නා බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබේ.

අලි මදිවට හරක් කියනුයේ මේවාටය.සෝභිත හිමි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කියන විට රතන හිමි කියන්නේ දහනවවන සංශෝධනයට අදාළ සුළු කාරණා ය.ජනාධිපති අගමැති සන්ධානය තවත් එකකි.එලෙස කරන්නේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් කිරීමට සිරිසේන මහතා උචිත වුවත් බලය ක්‍රියාත්මක කිරීමට වෙනත් නැණවත් ශක්තිමත් අයකු අවශ්‍ය වන්නේය යන පදනම අනුව විය යුතුය. ජනතාවට ඡන්ද දිනවන්නට පමණක් කරළියට ගන්නා වෙ‍ළෙඳ ලකුණකට ඒ අනුව ඡන්දය දීමට සිදුවනු ඇත.

එහෙත් කවරක් හෝ වේවා මේසියලු එකටෙක ගැටෙන මත ගැටුම් සලකා බලා සමනය කර සිරිසේන ජනාධිපතිතුමා දින සියයක් ඇතුලත තුනෙන් දෙකත් ලබාගෙන අධිකරණයටත් බලපෑම් නොකර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර අලුත් රටක් බිහි කළ යුතුය. එසේ කළ හැකි නම් ඒ සමගම කේතුමතී රාජ්‍යයද මේ මිහිපිට බිහි වනු නියතය.මෙය සිහින ලෝකයක් ද ගජබින්නාලංකාරය ජීවමාන කරවිමක්ද යන්න ඡන්දදායකයා බුද්ධියෙන්ම වටහා ගත යුතු කරුණකි.

ඒ සියලු කරුණු අතර මෛත්‍රිපාල ජනාධිපති වුවහොත් ඔහු විධායක ජනාධිපතිම බව පාඨලී චම්පික රුපවාහිනී වැඩසටහනකට පවසද්දී රතන හිමිගේ බස මේ ජනාධිපති දින සියයක නොව වසර හයක ජනතිපති ම බවය.සියල්ල අසා සිට සිරිසේන මහතා අවසානයේ තම රාජ්‍ය නායකයා වීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙන් ජනාධිපති ධුර කාලය වසර හතරක් විය යුතුයයි කියා සිටි.ධුර කාලය වසර හයකට නියම කළේ ජේ ආර් ජයවර්ධන යෝජනාවලිය මගින් වන අතර ඔහුගේම ප්‍රතිපාදනයක් වූ වසර හතරකින් පසු ජනපතිවරයා පිලිබඳ විනිශ්චයක් ලබාදීමට ජනතාවට දී තිබෙන වරම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා තම ධුර කාලයන් දෙකෙහිදී ම ජනතාවට ලබා දී තිබේ. ඒ අනුවද සිරිසේන මහතාට අලුතෙන් සිදුකිරීමට විශාල දෙයක් ඉතිරිවී නොමැත.

ඒ සියල්ලටම අමතරව සිරිසේන මහතා පවසනුයේ තමා ප්‍රථම ධුර කාලයෙන් පසුව ජනාධිපතිවරණය සඳහා නැවත ඉදිරිපත් නො වන බවය.කතාව ඇත්තය.

ඔහුට දෙවන ධුර කාලය තබා පළමුවන ධුර කාලයටද ඉදිරිපත්වීම සඳහා තනි තීරණයක් ගත නොහැකිය.විධායක ජනාධිපති ධුරය ඉවත්කිරීම හෝ ජනාධිපති තනතුර ට ප්‍රථම වරට ඉදිරිපත් වීම පිළිබඳවද තීරණය ගන්නා ලද්දේ සිරිසේන මහතා විසින් නොව ඔහුපිටුපස සිට ඔහු නටවන අන් පාර්ශ්වයන් විසින්ය.

ඒ කිසිවක් ඔහුගේ ස්වාධින තීන්දු තීරණ නොවේ. විධායක ජනාධිපති ධුරය ඉවත්කිරීම පිලිබඳ ව්‍යාපාරය ද ආරම්භ කරන ලද්දේ හෝ නායකත්වය දෙන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නොව වෙනත් කල්ලි සහ කණ්ඩායම් විසින්ය.එම පිරිස් විසින් සංවිධානය කරන ලද ව්‍යාපාරයට සරිලන නායකයයකු නොව ඉත්තකු නොවූ නිසා ඒ සඳහා යොදාගනුලැබූ පුද්ගලයා පමණක් සිරිසේන මහතා විය.එසේ නොමැතිව ඔහු විසින් බිහිකළ පෙරමුණ දුන් සැබෑ විධායක ජනාධිපති ධුරය ඉවත්කිරීම සඳහා වූ ව්‍යාපාරයක් නොමැත.

දේශපාලනඥයන් අල්ලස් වංචා ස්ත්‍රී දුෂණ මිනීමැරුම් ආදියෙහි යෙදීම වලක්වා ලීම පිණිස ඔවුන් විසින් පිළිපැදිය යුතු චර්යා ධර්ම පද්ධතියක් නීති ගත කෙරෙන බව කියා සිටි.ඉහත සඳහන් කරුණු කොහොමටත් මේ රටේ පවතින නීතියට අනුව දඬුවම් ලැබිය යුතු වැරදිය.

අලුතෙන් චර්යා ධර්ම හඳුන්වාදීම මගින් කෙරෙනුයේ තම ගෝල බාලයන් මොන නිතිය තිබුනත් සියලු ආකාරයේ හොර මැර ජාවාරම් කරන්නන් බව නායකයා දන්නා නිසා එසේ නොකරන්නවුන් බව සමාජයට පෙන්වීමට උචිත සිල් රෙද්දක් පොරවා ආවරණය කර තැබීමකි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභිකයන් පස් පවින් වැලකි සිටින පුද්ගලයන් බව ප්‍රතිපත්ති ප්‍රකාශයටම එක්කළේ නම් ඊට වඩා හොඳ ය.

සිරිසේන මහතා යන යන තැන මාධ්‍ය නිදහස නැතැයි ලතැවෙයි.ඒ අතරම ඔහුගේ කුඩාපොළ ස්වාමින් වහන්සේ වන රතන හිමිය න් ආණ්ඩුවේ රුපවාහිනි ශිල්පින් තම වේදිකාවෙන් පලවාහරියි .එය නම් දෙදෙනාගේම සැබෑ මුහුණ හෙළිදරව් කෙරෙන අන් මත ඉවසා දරා ගත නොහැකි හරි අපූරු මාධ්‍ය නිදහසක් සහ යහ පාලනයකි.මෛත්‍රී පාලනයේ අර්ථික ප්‍රතිපත්තියද ඒ වගේමය. පසුගිය අයවැයෙන් මහින්ද රාජපක්‍ෂ රජය ලබාදුන් සහන වලට පැලැස්තර එල්ලා ජනතාව මුලා කරවන්නට ප්‍රයත්න දරන්නකු සත්‍ය වාදියකු හෝ යහ පාලකයකු වේද?

ඔවුන්ගේ පොරොන්දුවලට අනුව රජයේ සේවක වැටුප රුපියල් පන් දහසකින් (අයවැය කථාව අනුව ජනවාරියේදී රුපියල් දෙදහස් දෙසි සියයක ජීවන වියදම් දීමනාව ලැබෙන විට නොවැම්බරයේ ලැබුණු රුපියල් තුන්දහසත් සමගම රුපියල් පන්දහස් දෙසියයක් ලැබීමට දැනටමත් කටයුතු සිදුවී තිබේ) වැඩිකරන බව රනිල් කියද්දී චන්ද්‍රිකා මැතිනිය කියා සිටියේ රජයේ සේවක වැටුප දෙගුණ කරන බවකි.පෞද්ගලික අංශයටද විශ්‍රාම වැටුපක් යෝජනා කරන අතර විදේශ රැකියාවන්හි නියුක්ත වුවන්ටද එම වරප්‍රසාදය ලබාදෙන බව කියා සිටියි.

ක්ෂේත්‍ර නිලධාරීනට ලබාදෙන මොටෝර් සයිකල් සඳහා අයවිය යුතු හිඟ මුදල් කපා හරින බව ප්‍රකාශ කරයි.මෙය ඉතා කුහක ප්‍රකාශයකි. මෝටර් සයිකල් ලබාදෙන ලද්දේ නිශ්චිතවම වර්තමාන රජයේ යෝජනාවකට අනුවය. එය ආරම්භ වුයේ පසුගිය අයවැය ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කෙරෙන්නටත් පෙරය.

අය වැය කථාව මගින් එම ව්‍යාපෘතිය තව දුරට පුළුල් කෙරුණි එසේ දෙන ලද සහනය තම අයිතියට පවරා ගැනීමට ණය වාරික කපා හරින බව පවසා රජයේ සේවකයන් ඇද ගැනීමට පොදු අපේක්ෂකයා ප්‍රයත්න දරයි.ඒ අතරම මැතිවරණ දුෂණයක් බව කියා සිටිමින් මුදල් ගෙවූ රජයේ සේවකයනට පවා මෝටර් සිකල් ලබා දීමේ ක්‍රියාවලිය අත්හිටුවයි.

මෙය මෙරට දේශපාලනයේ මෙරට මෙතෙක් දක්නට ලැබුණු අශීලාචාරම දෙබිඩි පිළිවෙතකි.අනෙකුත් බොහෝ කරුණුද පවතින රජය විසින් මේ වනවිටත් යෝජනා කර ඇති කරුණුය. විදේශ රැකියා ලාභීනට ද ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවා නියුක්තිකයනට ද විශ්‍රාම වැටුප් යෝජනා කෙරෙන ලද්දේ විපක්ෂ පොදු අපේක්ෂකයා නොව පසුගිය අයවැය ලේඛනයෙන්ය.ඒ සඳහා උචිත යාන්ත්‍රණයක් සැකසෙමින් තිබෙන බව මුදල් අමාත්‍යංශ ලේකම් වරයා විසින් පසුගියදා ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් ලබා දීමේ යෝජනාවද වසර කිහිපයකට පෙර යෝජනා කළේ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජයම වන අතර එයට එරෙහිව විවිධ චෝදනා මතුකර අහිංසක සේවක පිරිස් කුළුගන්වා අරගල බිහිකර එම යෝජනාවලිය ඇනහිටවන්නට කටයුතු කළේ අන් කවරකු හෝ නොව ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද බලවේග විසිනි.

එහි උනතාවයක් වුයේ නම් එය නිවරද කර යළි සැකසීමට වඩා එකී විෂම බලවේග වලට අවශ්‍ය වුයේ විශාල කලබලකාරිත්වයක් ඇතිකර මුළු යෝජනාවම අහෝසි කිරීමය. එදා ද නිහඬව සිටි සිරිසේන මහතා අද එදා සිදුවූ දෙය නොදන්නා සේ පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් යන්න තමාගේ සොයා ගැනීමක් ලෙස හුවා දක්වන්නට උත්සාහ කරයි.

මේ සියලු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ඉතා සිත් ඇද ගන්නා සුළු අදහස්ය. එහෙත් වැදගත් කරුණ එකී යෝජනා සඳහා අරමුදල් සපයා ගන්නා ආකාරයය.නැතහොත් ඔය සියළු සිහින මැතිවරන උදෙසාම ගොඩ නගන වැල්ලේ තැනූ මාලිගා පමණක් වනු ඇත.ඉන්ධන වලින් බදු ඉවත් කර පෙට්‍රල් ඩිසල් ලාභයට බෙදන බවද කියැවි ඇත.

ඒ සියල්ල සවනට මී බිඳු වැනි ඉතා මිහිරි වදන්ය.ප්‍රශ්නය මේවා කියන අයුරින්ම ඉටු කරන්නේ කෙසේද යන්නය.ණයත් කපා හැර බදු ත් ඉවත් කර පඩිත් වැඩි කරන්නටත් හොඳම පොහොරත් සහන මිලට දෙන්නටත් සල්ලි හොයා ගන්නේ කෙසේදැයි කියන කාරණය ඔය වේදිකාවකදී හරියටම කියා පැහැදිලි කරන්නට එහි සිටින කිසිවකුට හෝ හැකියාව තිබේද?එම ප්‍රශ්නය නොහැඟෙන යමකු වේ නම් දෝෂය පවතින්නේ ඔහුගේ බුද්ධි මට්ටමේ ය.මේ සියල්ල පිලිබඳ අවසන් තීන්දුව බුද්ධිමත් ඡන්දදායකයා විසින් එළඹෙන සතියේදී ලබා දෙනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්