මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ශ්‍රීලනිප ලේකම් දිනවන්න යූ ඇන් පී කාරයින් ඡන්දෙ දෙන්නේ කොහොමද?

ශ්‍රීලනිප ලේකම් දිනවන්න යූ ඇන් පී කාරයින් ඡන්දෙ දෙන්නේ කොහොමද?

උතුරුමැද විපක්ෂ නායක හා පොළොන්නරුව දිස්ත්‍රික් එජාප ප්‍රධාන සංවිධායක
කින්ස් නෙල්සන්

පොළොන්නරුවේ එජාප පාක්ෂිකයන්ගෙන් පළිගත් මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාප පාක්ෂිකයන්ට ඡන්දය දෙන්න කියන්නේ කෙසේදැයි උතුරුමැද පළාතේ විපක්ෂ නායකයා පොළොන්නරුව එජාප සංවිධායක කින්ස් නෙල්සන් මහතා ප්‍රශ්න කරයි.

සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ ප්‍රකාශය කළ නෙල්සන් මහතා අද රටේ ජනතාව වගේම පොළොන්නරුවේ ජනතාවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට එක්වී සිටින බව ද කීය.

එහිදී ඇසූ ප්‍රශ්න කීපයක් හා ඒවාට නෙල්සන් මහතා දුන් පිළිතුරු මෙසේ ය.

ඔබේ පොළොන්නරුවේ දේශපාලන ප්‍රතිවාදියා වන ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්මය ආණ්ඩුවෙන් අස්වෙලා එජාපය ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනකොට ඔබ ජනාධිපතිතුමාට සහාය දෙන්න එකතු වුණා. මොකක්ද ඔබේ ස්ථාවරය?

පොළොන්නරුවේ එජාප දේශපාලනය කළ මා ඇතුළු කිසිඳු එජාප පාක්ෂිකයකුට ඔහුව අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගන්න බැහැ. මොකද ඔහු ඒ තරමටම අපේ පාක්ෂිකයන් ගෙන් පළිගත්තා. අපේ පාක්ෂික එක තරුණයකුට රැකියාවක් දුන්නේ නැහැ. දේශපාලන පළිගැනීම් කරමින් නම් කපා දැම්මා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන මම තරම් දන්න කෙනෙක් නැහැ. මෙතුමාගේ ඇති යහපාලනයක් නැහැ. හබරණින් එහාට තියෙන්නේ එක පාලනයක්. හබරණ පැන්නහම තව පාලනයක්. පොළොන්නරුවේ මෛත්‍රීගේ පාලනය වෛරී පාලනය යහපාලනය කතා කරන්නේ හබරණින් මෙහාට.

ඔහු තමයි පොළොන්නරුවේ එජාප පාක්ෂිකයන්ගේ ගෙවල් කුඩු කෙරුවේ. ගොඩමඩ ඉඩම් නැති කළේ.

ඔබ ආණ්ඩුවට එකතු වුණාට දැන් පොළොන්නරුවේ එජාප පාක්ෂිකයන්ට එජාප නායකයන් කියන්නේ මෛත්‍රීපාල මහතාට ඡන්දෙ දෙන්න කියලයි.

මෛත්‍රීපාල මහතාව ඉදිරිපත් කිරීමට ගත් තීරණය එජාපය පක්ෂයක් ලෙස ගත් තීරණයක් නෙවෙයි. ඒක පාක්ෂිකයන් ගෙන් අහල ගත්ත තීරණයක් නෙමෙයි. අද මං වගේම පොළොන්නරුවේ එජාප පාක්ෂිකයනුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන්නයි එකතු වෙලා ඉන්නේ. අපිට විශ්වාසය තියන්න පුළුවන් රට මුදා ගත්ත නායකයාට මිසක් පොළොන්නරුවේ වෙළඳ මාෆියාවක් ගෙනියන සිරිසේන සහෝදරයන් ගැන නෙවෙයි.

මේ දවස්වල පොළොන්නරුවේ සිරිසේන සහෝදරයෝ ගැන රටම කතා වෙනවා. ඔබ කුමක් ද කියන්නෙ?

බලන්න මේ සහෝදරයෝ එකතු වෙලා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට සාමකාමීව මහ සංඝයා කදුරුවෙල පත්‍රිකා බෙදා හැරි අවස්ථාවේ කරපු දේ. සිරිසේන සහෝදරයෝ ඒ සංඝයා වහන්සේ බොදුබල සේනාවේ සංඝයා වහන්සේ ලෙස හඳුන්වමින් ඒ පළාතේ මුස්ලිම් ජනතාව පාරට අරන් පාර හරස් කර කඩ වසා පහර දෙන්න පටන් ගත්තා.

මේ පිළිබඳව ප්‍රදේශයේ ජනතාවත් මේ සංඝ බේදය ඇති කිරීම ගැන අප්‍රසාදය පළ කළා. සංඝ බේදය ඇති කිරීම ද සිල්වත් භික්ෂුන් වහන්සේ වෙත හිරිහැර කිරීම ද යහපාලනය මෛත්‍රී පාලනය කියල අපේ ජනතාව ප්‍රශ්න කරනවා. පොළොන්නරුවේ සිංහල, දෙමළ, මුස්ලිම් බේදයක් තිබුණේ නැහැ. සියලු දෙනාම සාමකාමීව ජීවත්වුණ දිස්ත්‍රික්කයක්. මේ ජනතාවත් එකාට එකා බිඳවන්න මේ සිරිසේන සහෝදර සමාගම කටයුතු කරනවා. නැති බේද අවුස්සන්න හදනවා.

සිරිසේන සහෝදරයන්ගේ සහල් මාෆියාවක් ගැනත් කතා වෙනවා?

මෛත්‍රීපාල මහත්මයට සහෝදරයෝ දුසිමක් ඉන්නවා. ඩඩ්ලි සිරිසේන සහල් මාෆියාව නිසා කුඩා සහල් මෝල් හිමියන් සියලු දෙනාම ඒ කියන්නෙ 400 ක් පමණ විනාශ කර දාලා. සහල් ඒකාධිකාරයක් ඇතිකරගත්තා. පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේ හෝටල් හදල පරාක්‍රම සමුද්‍රය පුරවන්න දෙන්නේ නැහැ. තව සහෝදරයෙක් වන චමින්ද ‍සිරිසේන ගල් ව්‍යාපාරය ගෙනියනවා. රාජු ‍සිරිසේන මහවැලි ග‍ඟේ වැලි බැකෝ, ටිපර් දාල හාරනවා. අහිංසකයකුට වැලි තාච්චියක් ගන්න මහවැලි ගඟට බහින්න දෙන්නේ නැහැ.

පොළොන්නරුවේ වැලි සංගමයක් තියනවා. වැලි සංගමයේ ටිපර් එකක් ලියාපදිංචි කරන්න කියල රුපියල් 5000 ක් අවුරුද්දකට ගන්නවා. ලියාපදිංචිය අලුත් කරන්න 1000 ක් ගෙවන්න ඕන. ටිපර් 350 ක් තියනවා. බෞද්ධ සංගමයකට කියල. මාසෙකට 25000 ගාණේ එකතු කරලා ගොඩනැඟිල්ලකුත් හැදුවා. බෞද්ධ සංගමය කියල හදපු ප්‍රධාන කාර්යාලයේ තමයි දැන් මෛත්‍රීගේ ප්‍රධාන දේශපාලන කාර්යාලය පවත්වාගෙන යන්නේ. මේක රජයේ ඉඩමක හදල තියෙන්නේ.

එජාපය ඇතුළු විපක්ෂ පක්ෂ මෛත්‍රීපාල මහතා යහපාලනය සඳහා වූ පිරිසුදු චරිතයක් ලෙසයි හඳුන්වා දෙන්නෙ?

අපිත් අහන්නෙ ඒක තමයි. කොකාගේ සුද පේන්න ඉගිලෙන්න ඕනලු මෛත්‍රීට වැඩ කරන්න දුන්නෙ නැහැ කියනවා. එහෙනම් එයා ආණ්ඩුවෙන් යන්න ඔන්න මෙන්න කියල පත්වීම් 600 ක් දුන්නේ කොහොම ද? ඔහුගේ වාහන 72 කට පොළොන්නරුව රෝහලෙන් තෙල් ගැහිල්ල දූෂණයක් නෙවෙයි ද? පවුලේ අය සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කරලා.

පොළොන්නරුවේ දේශපාලන තත්ත්වය කොහොම ද ඔබ තක්සේරු කරන්නෙ?

සිරිසේන මහත්තයට කවුද ඡන්දෙ දෙන්නෙ. පොළොන්නරුවේ යූඇන්පී කාරයොත් ඡන්දෙ දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයටනේ. මෛත්‍රීපාල හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් එජාපයෙනුත් දෙකෙන්ම ඡන්ද අරන් රටේ ප්‍රධාන පක්ෂ දෙකම විනාශ කරන්න. පරාජය කරන්න නමුත් දැන් ඇතිවෙලා තියන පෙළගැස්ම අනුව ඔහුට ඡන්දෙ දෙන්නෙ කවුද. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට පක්ෂ බේදයක් නැතිව අපේ පළාතේ අය ඡන්දෙ දෙනවා.

බෙදුම්වාදීන් එකතු කරගෙන මෛත්‍රීපාල මහතා සමඟ ඇතිකරගෙන තිබෙන අශුද්ධ සන්ධානය ප්‍රතික්ෂේප කළ යුතුයි. යුද්ධය නිමා කරල ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වන රටක් බවට අද මේ රට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පත්කරල තියනවා. එදා තිබුණ මායිම් ගම්මාන අද උතුරුමැද විතරක් නෙවෙයි ලංකාවේම නැහැ.

සංවර්ධනය උතුරු නැ‍ඟෙනහිර ඇතුළු රටපුරාම සිදුවේගන යන බව පේනවා. මේ කෙරෙන වැඩවල අඩුපාඩු තියෙන්න පුළුවන්. දුර්වල තැන් තියෙන්න පුළුවන්. කරන්න ඕන මේ වැඩපිළිවෙළ විනාශ කරල දාන එක නෙවෙයි. අඩුපාඩු හදාගෙන මේ සංවර්ධන ගමන ඉදිරියට ගෙන යාමයි කරන්න ඕන.

මෛත්‍රීපාල මහතා දිනවන්න එජාප පාක්ෂිකයන් වැඩ කරනවා කියල ඔබ පිළිගන්නව ද?

පක්ෂයේ ලොක්කෝ ඕන ඩීල් එකක් ගහන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දිනවන්න එජාප පාක්ෂිකයන් කොහොම ද ඡන්දෙ පාවිච්චි කරන්නෙ කියලා ඔවුන් අහනවා. ඒ නිසා එජාප පහළ ස්ථරය දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නේ.

පාක්ෂිකයන්ගේ ඉල්ලීම වුණේ මේ පාරවත් එජාපයෙන් අපේක්ෂකයෙක් දාන්න කියලයි. දෙවැනි පාරටත් පක්ෂයෙන් දැම්මේ පිටස්තරයෙක්. මේකෙන් පක්ෂය පිරිහෙනවා. සිරිසේන මහතා ඉදිරිපත් කිරීමෙන් තවදුරටත් එජාපයයි පිරිහෙන්නේ.

පොළොන්නරුවේ කුඩා වී ව්‍යාපාරිකයොයි, හිටපු ශ්‍රීලනිප ක්‍රියාකාරීන් එකතු වී සිරිසේන මහත්තයාට විරුද්ධව අලුත් සංවිධානයක් පිහිටුවා ජනපතිට උදව් කරනවා. චමින්ද කියන සහෝදරයා රක්ෂිතයක ගෙයක් හදනවා. ඩඩ්ලිගේ හෝටලය නිසා ගොවියන්ට ‍වෙලාවට වගාවට ජලය ලැබෙන්නේ නැහැ. ‘සිරිසේන සමාගම’ නිසා අද මුළු පොළොන්නරුවේම ජනතාව භීෂණයට පීඩනයට ලක්වෙලා. මේ පුද්ගලයා ජනාධිපති වුණොත් රටටම මේ භීෂණයේ පීඩනය ඇති වේවි. රටට සහෝදරයන්ගේ බිස්නස්වලට යට කරාවි.

සාකච්ඡා කෙළේ
සරත් පෙරේරා

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්