දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පාර්ලිමේන්තුවේ ප්‍රබල චරිතයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ

පාර්ලිමේන්තුවේ ප්‍රබල චරිතයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 8 වැනි මතක සැමරුම 6 වැනිදාට යෙෙද්.

මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දක්ෂ අමාත්‍යවරයෙකු, අවංක දේශපාලනඥයකු, ව්‍යක්ත කථිකයෙකු හැටියට පාර්ලිමේන්තුවේ ජනප්‍රියත්වයට පත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තු සභා‍ ගැබ සජීවීව උද්යෝගයෙන් පවත්වාගෙන යාමේ සහජ දක්ෂතාවයකින් වූ අයෙක් බව සභාවේ කටයුතු කිරිමේදී අපට සියැසින් ම දැක ගත හැකි විය. පාර්ලිමේන්තුව තුළ භාෂාත්‍රයෙන් ම කතා කිරීමේ හැකියාව ඇත්තේ අතළොස්සකට පමණි. ඉන් ඉතාමත් කැපී පෙනුණු කථිකයෙකු වූයේ ‍ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමා ය. චතුර කතා විලාශයත්, හසල දැනුම් සමභාරයත්, අත්දැකීම් සහ දේශපාලන පරිණතභාවයත් නිසා, එතුමා පාර්ලිමේන්තුව තුළ ඉතාමත් ප්‍රබල චරිතයක් බවට පත් විය‍.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා පරිචය පිළිබඳ මනා දැනුමක් එතුමාට තිබුණි. එංගලන්ත පාර්ලිමේන්තුවේ ‘Erskine May’s Parliamentary Practice’ හා ඉන්දියානු පාර්ලිමේන්තුවේ Kaul & Shakdhar’s Practice and Procedure of Parliament’ යන පොත් නිතරම පරිහරණය කරමින් ඒවායේ ගුණාංග හා ආදර්ශ අප පාර්ලිමේන්තුව තුළ ඇති කිරීමටත්, පාර්ලිමේන්තුවේ විනය යහපත් අන්දමින් පවත්වාගෙන යෑමටත් එතුමා හැම විටම උත්සාහ ගත්තේ ය.

පාර්ලිමේන්තු සභාව තුළ එතුමාගේ අත්දැකීම් හා දේශපාලන පරිණතභාවය ඕනෑ ම විවාදයකට සාර්ථකව මුහුණදීමට උපකාරි විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් ද විශාල කාර්ය භාරයක් ඉටු කළ එතුමා බොහෝ අවස්ථාවල නැ‍ඟෙන තර්ක විතර්ක වලට හාස්‍ය රසය ද එකතු කිරීමට උපන් හපන්කම් දැක්වූවකු විය.

නීති විද්‍යාලයේ සිට ම මම එතුමා දැන හඳුනාගෙන සිටියෙමි. මට වඩා වසර දෙකකින් කනිෂ්ඨ කණ්ඩායමේ සිටි එතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීති විද්‍යාල කණ්ඩායමේ සිටි සගයෙකි. එවකට නවක වදය නීති විද්‍යාලයේ එතරම් තදින් නොතිබුණත් මා ජ්‍යෙෂ්ඨයෙකු වශයෙන් නවක වදය දුන් ආකාරය මට සිහිපත් වේ. එතුමා සිනාමුසු මුහුණින් එයට මුහුණ දුන්නේ නිහතමානීවය. ඉන්පසු සුහද බැඳීමක් අප අතර ඇති විය.

නීති විද්‍යාලයෙන් පිටවීමෙන් පසුව ටික කලක් අප මුණ ගැසුණේ නැතත්, මා ගල්කිස්සේ දිසා විනිසුරුවරයා වශයෙන් සිටින අවධියේ, නීති විද්‍යාලයේ අප සමකාලීන මිතුරෙකු වූ එවකට බස්නාහිර පළාතේ මහ ඇමැතිව සිටි නන්දන මෙන්ඩිස් මහතාත් සමඟ මෙතුමා මුණ ගැසීමෙන්, නැවතත් අපගේ සුහදත්වය ඇරැඹුණේ ය. මෙතුමා යථාවාදී තථාකාරී අවංක පුද්ගලයෙකු මෙන් ම නායකත්වයේ ගති ලක්ෂණ නීති විද්‍යාල කාලයේ සිට ම පෙන්නුම් කළ කෙනෙකි. මා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා කිරීමේ ප්‍රබල අධිෂ්ඨානයක් එතුමා තුළ තිබුණි.

තමන් වෙත පැවරුණ කවර වගකීම් සම්භාරයක් වුව ද මනා සේ ඉටු කිරීමට වග බලා ගත් එතුමා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය අතර ද ඉතාමත් ජනප්‍රිය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළේ ය. කාර්ය මණ්ඩලය සමඟ බොහෝ සුහදශීලීව ඇසුරු කරමින් සෑම තරාතිරකම පුද්ගලයින්ට සමානත්වයෙන් සැලකීම හා අසීමිත ළෙන්ගතු කමකින් හා බැඳීමකින් කටයුතු කිරීම එතුමා පෙන්වූ සුවිශේෂී ගතිගුණයකි‍.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හැටියට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු මෙහෙය වීම හා කළමනාකරණය කෙරෙන අයුරු තර්කානුකූලව පරීක්ෂාවට ලක් කර විවාද කාලය කළමනාකරණය කිරී‍ෙම් සුවිශේෂි හැකියාවක් එතුමා තුළ දක්නට ලැබුණි.

එතුමා පාර්ලි‍ෙම්න්තු රැස්වීම් ආරම්භයේ සිට අවසානය දක්වා රැඳී සිටිමින් මන්ත්‍රීවරුන් සමඟ ඉතා සුහදව කටයුතු කළ ආකාරය ද අප බොහෝ අවස්ථාවල දැක ඇත. අසන සෑම ප්‍රශ්නයකටම චතුර ලෙස පිළිතුරු සපයමින් ප්‍රතිවාදීන්ට තියුණු වාග් ප්‍රහාර එල්ල කර එතුමා තම ස්ථාවරය රැක ගත්තේ ය. ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන එතුමා සතුව හසළ දැනුමක් තිබූ නිසාත්, දක්ෂ නීතිඥයකු වූ නිසාත් එතුමා ඉතා බලවත් ලෙස විපක්ෂය සමඟ තර්ක විතර්ක කරමින්, වාද විවාද කරමින් තම පක්ෂය වෙනුවෙන් කථා කළේ ය.

විපක්ෂ මන්ත්‍රීන්ගේ තර්ක විතර්කවලට ඒ අවස්ථාවේ දීම කෙටි හා ඍජු මැදිහත්වීම මඟින් පිළිතුරු සැපයුණේ අදාළ විෂයයන් පිළිබඳව එතුමා සතු වූ දැනුම හා පෙර සූදානම මනාව ප්‍රදර්ශනය කරමිනි. එදිනෙදා කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් පරීක්ෂා කර රැස්වීම පටන් ගැනීමට පැය ගණනකට ප්‍රථම එතුමා පැමිණෙන්නේ පාර්ලිමේන්තු පුස්තකාලයට ය.

අවශ්‍ය තොරතුරු තමන්ම අධ්‍යයනය කර විවාදයට සූදානම් වීම නිසා තමන් දරන මතයත්, ස්ථාවරයත් නිර්භයව ඉදිරිපත් කිරීමේ උත්තුංග ගුණයක් එතුමා සතුව තිබුණි. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවේත්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේත් සාමාජිකත්වය දරමින් ප්‍රබල කාර්ය භාරයක් ඉටු කරලී‍මට ද එතුමා සමත් විය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ සෑම අංශයක් පිළිබඳවම එතුමා සතු වූ දැනුම භාවිත කරමින් කිසියම් රාජකාරියක් ඉටු කරන නිලධාරියා හෝ සේවකයා ඍජුව ම සම්බන්ධ කර ගැනීමේ හැකියාව හා පුරුද්ද එතුමාට තිබුණි.

පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යතුමාගේ සහභාගිත්වය තදින් කැපී පෙනුණේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලට, උත්තර ‍සපයන අවස්ථාවේදී ය‍. ඒ නිසා පාර්ලිමේන්තුවේ එදිනෙදා වැඩ කටයුතු පටන් ගැනීමේ දී ම රසවත් තැනක් බවට පත් වූයේ ය.

පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ සියලු ම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රශ්න පිළිබඳවත් නිතර අවධානය යොමු කළ එතුමා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී නිරතුරුව ම කටයුතු කළේ ය. තමන්ට හැකි සෑම දෙයක් ම ඉටු කළේ ය.‍

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකියාවක් තිබූ මිනිස්කම හඳුනන උත්තරීතර මිනිසෙකි. සැබෑ ජනතාවාදී ජන නායකයන්ගේ භූමිකාවට ජීවය සපයමින් පුරා දහනව වසරක් උත්තරීතර පාර්ලිමේන්තුව ඔපවත් කළ නිහතමානී දේශපාලනඥයෙකි. එතුමාගේ පෞද්ගලික මිතුරෙකු වීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් සේ සලකමි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්