කැලණි සරසවියේ පරිගණක හා තාක්ෂණ විද්‍යා පීඨය විවෘත කිරීම හෙට ජනපති අතින්
කැලණි සරසවියේ
පරිගණක හා තාක්ෂණ විද්‍යා පීඨය
විවෘත කිරීම හෙට ජනපති අතින්
කැලණිය විශ්වවිද්‍යාලයේ නව පරිගණක හා තාක්ෂණ පීඨය විවෘත කිරීමේ උත්සවය
මාර්තු 28 වැනිදා පෙරවරු 10.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ද උසස්
අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරූ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත බව කැලණිය
විශ්වවිද්‍යාල උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ
කළේ ය.
එදින කැලණිය විශ්වවිද්‍යාලය සහ රටේ පරිගණක කර්මාන්තය සම්බන්ධ කරගනිමින්
විශ්වවිද්‍යාල පරිගණක කර්මාන්ත සම්බන්ධතා ඒකකයක් පිහිටුවීමටත් රජය
විසින් නව පීඨ ආරම්භ කිරීමට රුපියල් මිලියන 235 ක මුදලක් වෙන් කර ඇති බවත්
ගොඩනැඟිලි පහසුකම් සඳහා වෙනමම ප්‍රතිපාදන ලබාදීමටත් පීඨ සඳහා අවශ්‍ය
මුදල් වෙන් කර ඇති බවත් ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පරිගණක තාක්ෂණය වෙනුවෙන් ම වෙන් වූ පීඨයක් ආරම්භ කිරීම ප්‍රථම
වතාවට මෙමඟින් සිදු කෙරෙන බවත් නව පිඨ මඟින් 2014 සිට විශ්වවිද්‍යාලවලට
ප්‍රවිෂ්ට වන තාක්ෂණය විෂය මාලාව හදාරන සිසුන් සඳහා පරිගණක විෂයට අදාළව
පාඨමාලා හැදෑරීමට මෙමඟින් හැකිවන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය.
මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්
විශ්වවිද්‍යාල කොමිසන් සභාවේ සභාපති මොහාන් සිල්වා මහතා ද සහභාගිවීමට
නියමිත ය.
ධනුෂ්කා ජයවීර
|