දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

උතුරු දුම්රිය මඟ මහව සිට තාණ්ඩිකුලම් දක්වා ප්‍රතිසංස්කරණය කෙරේ

උතුරු දුම්රිය මඟ මහව සිට තාණ්ඩිකුලම් දක්වා ප්‍රතිසංස්කරණය කෙරේ

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීම පිණිස මහව හන්දියේ සිට වවුනියාව තාන්ඩිකුලම් දක්වා වූ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා ඉන්දියානු ණය සහනාධාර හිමි වන බවත් දේශීය වශයෙන්ද දායකත්වය ලබා දෙන බවත් අමාත්‍යාංශය පවසයි.

මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපාතියත් සමඟම මේ මාර්ගයේ ප්‍රථම වරට වර්ණ සංඥා මඟින් දුම්රිය ධාවනය සිදු කෙරෙනු ඇත. ඒ සමඟම දැනට භාවිත වන ටැබ්ලට් සංඥා ක්‍රමයද ඉවත් වනු ඇත. එසේම දුම්රිය පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි වනු ඇත.

මේ මාර්ගයද මුහුදුබඩ දුම්රිය මාර්ගය මෙන් පූර්ණ ප්‍රතිසංස්කරණය කරනු ලබන හෙයින් ඒ කාලය තුළ මහව සන්ධිය හා තාණ්ඩිකුලම් දක්වා දුම්රිය ධාවනය නොවනු ඇත. කෙසේ වෙතත් පොසොන් සමය මඟහැර මේ ප්‍රතිසංවිධාන කටයුතු ‍සිදු කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි.

මේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අමතරව උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල හා මහව සන්ධිය අතර ද්විත්ව දුම්රිය මාර්ග ඉදි කිරීමට සැලසුම් කර ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්