මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


අතීතයෙන් කතාවක්

අතීතයෙන් කතාවක්

අතිපූජ්‍ය රත්මලාලේ ශ්‍රී ධර්මාරාම හිමි අපේ උගත් පඬි හිමිවරුන් අතර වැඩ විසූ තවත් ශ්‍රේෂ්ඨ හිමිනමකි. උන්වහන්සේගේ ගෝළහිමිවරු සංඝ - සෝභන ගුණයෙන් යුතු වූහ. සසුනට රටට වැඩදායක වූහ.

ගුරු හාමුදුරුවන්ගේ සිත් දිනාගෙන සිටි එක් ශිෂ්‍ය හිමිනමක් තමන්වහන්සේ මුණගැසෙන ලෙස දන්වා පන්සල සමඟ සමීප සබඳතා පවත්වන උපාසක මහත්මයෙකුට පණිවුඩයක් යැවූහ. ඔහු පොඩි හාමුදුරුවන් මුණගැසුණේය.

“දායක මහත්මයෝ මං එන්ඩ කිව්වේ වැදගත් කාරණාවක් ගැන කතාකරන්ඩ...”

“අපෙ පොඩි හාමුදුරුවනේ... කිව්ව නම් බලන්ඩ...”

“මං ඉක්මනටම සිවුරු අරිනවා... දායක මහත්තයෝ...”

“මොනවා... පොඩි හාමුදුරුවනේ...” උපාසක මහත්මයා කලබල විය.

“ඔව්.. දායක මහත්තයෝ... ඒක ස්ථිරයි...”

“එහෙම කරන්ඩ එපා... අපෙ පුංචි හාමුදුරුවනේ...”

“නෑ... මං ඉන්නෙ මං ගත්ත තීරණයේමයි... ඒක වෙනස් කරන්නෙ නෑ... උපාසක මහත්මයාගෙන් මට පුංචි උපකාරයක් ඕනෑ...”

“මගෙන් මොනවද? කෙරෙන්න ඕනැ.. අපෙ හාමුදුරුවනේ...”

“මං සිවුරු අරිනවා.. කියලා අපෙ නායක හාමුදුරුවන්ගේ මූණ බලාගෙන කියන්න තරම් ආත්ම ශක්තියක් මට නෑ... දායක මහත්තයෝ. සිවුර කටු අකුලක එල්ලලා හොරෙන් යන්නත් මං කැමති නෑ. නායක හාමුදුරුවන්ට කියන්න මං සිවුරු අරින්නෙ මං යාළුවෙලා ඉන්න කෙල්ල කසාද බැඳ

ගන්ඩ ඕනෑ හින්දයි කියලා...”

දායක මහත්මයා කී දේ අසා නායක හාමුදුරුවන් කලබල වූයේ නැත. කොළයක් අතට ගත් උන්වහන්සේ මේ ගාථාව එහි සටහන් ක‍ළහ.

‍Óලෝල බාලිස රෝම රංජිත
සිප්පියානන සන්නිහං
සෝනිතාකුල පූතිගන්ධිය
ඌරුමන්තර සන්ටිතං
ඊදිසාසුචි මාර මන්දිර
සේවනාලය මානසං
කාමතෝජන සාධු වණ්නිත
ශාසනාවාචරෝ භව....

“දායක මහත්මයෝ... මේං මේ කොළේ පොඩිනමට ගිහින් දෙනවා හොඳයි... මං දුන්නා කියලා...”

එම ගාථාව පොඩි හාමුදුරුවෝ කියවා බැලූහ.

“දායක මහත්මයෝ... මං කවමදාකවත් සිවුරු අරින්නේ නෑ. මං අපවත් වෙන්නෙත් සිවුර පෙරවගෙන...” පොඩි හාමුදුරුවන් පැවසුවාලු.

(සිරුරෙහි ඇති අප්‍රසන්නතාවය මෙම ගාථාවෙන් පැහැදිලිවම විවරණය කෙරේ.)


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්