![]() ![]() |
||
අතීතයෙන් කතාවක්
අතිපූජ්‍ය රත්මලාලේ ශ්‍රී ධර්මාරාම හිමි අපේ උගත් පඬි හිමිවරුන් අතර වැඩ විසූ තවත් ශ්‍රේෂ්ඨ හිමිනමකි. උන්වහන්සේගේ ගෝළහිමිවරු සංඝ - සෝභන ගුණයෙන් යුතු වූහ. සසුනට රටට වැඩදායක වූහ. ගුරු හාමුදුරුවන්ගේ සිත් දිනාගෙන සිටි එක් ශිෂ්‍ය හිමිනමක් තමන්වහන්සේ මුණගැසෙන ලෙස දන්වා පන්සල සමඟ සමීප සබඳතා පවත්වන උපාසක මහත්මයෙකුට පණිවුඩයක් යැවූහ. ඔහු පොඩි හාමුදුරුවන් මුණගැසුණේය. “දායක මහත්මයෝ මං එන්ඩ කිව්වේ වැදගත් කාරණාවක් ගැන කතාකරන්ඩ...” “අපෙ පොඩි හාමුදුරුවනේ... කිව්ව නම් බලන්ඩ...” “මං ඉක්මනටම සිවුරු අරිනවා... දායක මහත්තයෝ...” “මොනවා... පොඩි හාමුදුරුවනේ...” උපාසක මහත්මයා කලබල විය. “ඔව්.. දායක මහත්තයෝ... ඒක ස්ථිරයි...” “එහෙම කරන්ඩ එපා... අපෙ පුංචි හාමුදුරුවනේ...” “නෑ... මං ඉන්නෙ මං ගත්ත තීරණයේමයි... ඒක වෙනස් කරන්නෙ නෑ... උපාසක මහත්මයාගෙන් මට පුංචි උපකාරයක් ඕනෑ...” “මගෙන් මොනවද? කෙරෙන්න ඕනැ.. අපෙ හාමුදුරුවනේ...” “මං සිවුරු අරිනවා.. කියලා අපෙ නායක හාමුදුරුවන්ගේ මූණ බලාගෙන කියන්න තරම් ආත්ම ශක්තියක් මට නෑ... දායක මහත්තයෝ. සිවුර කටු අකුලක එල්ලලා හොරෙන් යන්නත් මං කැමති නෑ. නායක හාමුදුරුවන්ට කියන්න මං සිවුරු අරින්නෙ මං යාළුවෙලා ඉන්න කෙල්ල කසාද බැඳ
ගන්ඩ ඕනෑ හින්දයි කියලා...” දායක මහත්මයා කී දේ අසා නායක හාමුදුරුවන් කලබල වූයේ නැත. කොළයක් අතට ගත් උන්වහන්සේ මේ ගාථාව එහි සටහන් කළහ.
Óලෝල බාලිස රෝම රංජිත “දායක මහත්මයෝ... මේං මේ කොළේ පොඩිනමට ගිහින් දෙනවා හොඳයි... මං දුන්නා කියලා...” එම ගාථාව පොඩි හාමුදුරුවෝ කියවා බැලූහ. “දායක මහත්මයෝ... මං කවමදාකවත් සිවුරු අරින්නේ නෑ. මං අපවත් වෙන්නෙත් සිවුර පෙරවගෙන...” පොඩි හාමුදුරුවන් පැවසුවාලු. (සිරුරෙහි ඇති අප්‍රසන්නතාවය මෙම ගාථාවෙන් පැහැදිලිවම විවරණය කෙරේ.) |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |