මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»


නෙළුම්විල

පුංචි දියණිය

පුංචි දියණිය ළදරු පාසල්වියේ පසුවන්නීය.

ඇය මවට මෙන් ම පියාට ද එක සේ ළෙන්ගතු ය.

පියා ගෙදර සිටින දිනවල ඇය ඔහු ළඟම ගැවසෙන්නට පුරුදු වී සිටියා ය.

බොහෝ විට පියා සිටින්නේ පරිගණකය ඉදිරියේ ය. තමා සමඟ හුරතල් වදන් මුමුනමින් ඔහු පරිගණකයේ වැඩ කරනු ඇයට හුරු ය. ඇය ඒ අසල ගැවසෙන්නේ ඔහුට කරදර නොවන ලෙස ය.

ඇය නින්දට යන වෙලාව ආවේ ය.

“යං දුවේ නිදාගන්න” මව යෝජනා කළා ය.

දියණිය පියා සොයා ගෙන ගියා ය. ඔහු පරිගණකය ඉදිරියේ ය. බාධා නොකළ ඇය මව සොයා ආවා ය.

“යමු!”

ඇය මව හා නින්දට ගියා ය.‍

පසු දා ඇය අවදිවන විට මව කුස්සියට ගොස් සිටියා ය‍. පියා පරිගණකය ඉදිරියේ වැඩ කරමින් සිටියේ ය.

මේ අතර දිනක් පියා රෝග පරීක්ෂාවක් වෙනුවෙන් රෝහල්ගතව සිටියේ ය.

එදින රැයේ ගෙදර සිටියේ මවත්, දියණියත් පමණි.

පුංචි දියණිය නින්ද පමා කරමින් පියා එතැයි පෙර මඟ බලා සිටියා ය.

“අනේ දුවේ යං නිදාගන්න” මව ඇවටිලි කළා ය. ගොළුවතින් සිටි දියණිය හදිසියේ යම් තීන්දුවක් ගත්තාක් මෙන් මව වෙත හැරුණා ය.

“චුට්ටක් ඉන්නකො අම්මේ”

ඒ සිඟිති පා එසැවුණේ පියාගේ කාර්යාල කාමරයට ය. මව ද ඇය පසු පස ගියා ය.

එහි වූයේ පියා හිඳගන්නා පුටුවත් මේසය මත වූ පියාගේ කොම්පියුටරයත් පමණි.

දියණිය පුංචි දෑත එක් කොට පියාගේ පුටුවට වැන්දා ය.

“...පීතු පාදං නමාමී...”

අනතුරුව ඇය දුටුවේ තමා දෙස බලා සිටින පියාගේ පරිගණකය ය. ඇය ඊට ද ළං වී තොත්තුවක් දුන්නා ය.

“හරි අම්මේ, අපි දැං යමු නිදාගන්න”

ඇය මවට තුරුලු වූවා ය.

හොරණ පරගස්තොට, කමලා ධර්මලතා ජයසූරිය මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.
 

නෙතු නැති ලොව

ඇය ඉපදුණේ මෙලොව එළිය නොදැක ය. මව සිය දෝතට ගත්තේ නෙතු අඳ බිලිඳියකි.

මව තවත් අසරණ කරමින් අඳ බිලිඳියගේ පියා ඔවුන් හැර ගියේ ය.

මව මේ අඳ බිලිඳිය හදා වඩා ගන්නට දහ දුක් වින්දා ය.

දියණිය මවගේ අතේ එල්ලී ඇවිදිමින්, මවගේ දෑසින් ලෝකය දකිමින්, මව ගේ කවි ගී කතා අසමින් කෙමෙන් ලොකු වූවා ය.

මවට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවූයේ දියණිය ගේ පාසල් වයස එළඹි විට ය. ඊට හේතු වූයේ ළඟ පාත දන්නා කියන හැම පාසලක් ම වෙන්ව තිබුණේ ඇස් ඇති දරුවන්ගේ නැණැස පාදනු පිණිස මිස ඇස් නැති දරුවන්ගේ නැණැස පාදනු පිණිස නොවීම ය.

මවගේ කඳුළ හිටි හැටියේ ගල් වී ඇගේ මුහුණට හිනාවක් එකතු වූයේ ඈ නොසිතූ මොහොතකය. ඒ එක්තරා කුඩා විදුහලක විදුහල්පතිවරයකු මුණ ගැසුණු අවස්ථාවේ දී ය. ඔහු ඒ වනවිට සිය පාසලේ අඳ දරුවන් සඳහා විශේෂ පන්තියක් අරඹා, ඒ සඳහා සුදුසු දරුවන් සොයමින් සිටියේ ය.

“අපි දරුවට උගන්නමු. එයාව එක්කගෙන එන්න මගෙ ඉස්කෝලෙට” ඔහු මවට කීවේ ය.

මවටත් දියණියටත් දෙවියන් හමුවූයේ එසේ ය.

ඒ පාසලට ඇතුළු වූ මේ දැරිය සෙසු දරුවන් හා එකට ඉගෙන ගත්තේ තමාටම සුවිශේෂ වූ බ්‍රේල් අකුරු කියවමිනි.

ඉගෙනුමෙහි මහත් හපන්කම් පෑ ඇය සා.පෙළ සමත් වූයේ මවගේ දෑස සතුටු කඳුළින් පුරවමිනි. ඉන් පසු නගරයේ උසස් පාසලකට ඇතුළු වූ දැරිය එහිදී උසස් පෙළ ද සමත් වූවා ය.

අද ඇය උපාධිධාරිනියකි.

ගුරුවරියක වීමේ සිහිනය දකින්නියකි.

ඇගේ නැණස පෑදූ ගුරු දෙවිවරුන්ට පින්!

ඉතින් මා මේ ලිපිය නෙළුම් විලට ලීවේ ඇගේ අනාගත සහකරු සොයා ගනු රිසියෙනි.

උගත්, දෑස නොපෙනෙන, සුදුසු, ගැළපෙන තරුණ මහතකු හා සරණ යෑමට ඇය බලාපොරොත්තු වෙයි.

ඇය සමඟ අත්වැල් බැඳ දිවි මග සරු කර ගැනීමට කැමති දිරිය පුතකුට ඇරියුම් කරමි.

මාරාවිල, බ. වීරහේනේ, විශ්‍රාමලත් විදුහල්පති, ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

0713110215 සහ 0773757828 යන දුරකථන අංක ද සටහන් කර තිබේ.

නෙළුම්විල, සිළුමිණ,

ලේක්හවුස්, කොළඹ 10.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්