මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»


පොත් පුවත්

“එක් සභ්‍ය කතාවක්” 18 වැනිදා ජනගත වේ

මීට වසර පහකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ලේඛක ආර්. ආර්. සමරකෝන් මහතා ලියූ “එක් සභ්‍ය කතාවක්” නවකතාවේ නවතම මුද්‍රණය මේ මස 18 වැනිදා පෙ. ව. 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී ජනගත වේ.

“එක් සභ්‍ය කතාවක්” නවකතාව ප්‍රථම වරට පළ වූයේ 1967 වසරේදී ය. මෙය එකී කාල වකවානුවේදී පාඨකයන්ගේත් විචාරකයන්ගේත් නොමඳ පැසසුමට පාත්‍ර වූවකි. මෙහි කතානායකයා යුනියන් පෙදෙසේ බැංකුවක විධායක නිලධාරියෙකි. බැංකුවේ ඇතැම් අංශවල අක්‍රමිකතාවන් රැසක් ද මෙයින් විමසුමට ලක් කෙරේ. මේ නවකතාවට වස්තු විෂය වන්නේ සර්වකාලීන අත්දැකීමක් බව පැවැසේ.

මිරිවැඩි නොලද ගෙන්


පරිවර්තනය - තලංගල්ලේ සෝමසිරි හිමි

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.

මිල - රු. 600

ජපානයේ ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා කරුවෙකු වන කෙයිජි නකසවා විසින් රචිත “හදෂිනො ගෙන්” කෘතියේ සිංහල පරිවර්තනය “මිරිවැඩි නොලද ගෙන්” නමින් ප්‍රකාශයට පත් කර ඇත.

දෙවන ලෝක යුද සමයේ පාසල් වියේ පසු වූ කර්තෘවරයා ලද ස්වකීය අත්දැකීම මේ කතා පුවතට වස්තු බීජය වී ඇත. පරමාණු බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් වූ තම පියා, සොහොයුරිය සහ සොහොයුරාගේ වියෝවෙන් පසු, අළු දූවිලි බවට පත් වූ හිරෝෂිමා නගරයේ තම මව සමඟ ජීවත් වීමට වෙර දරන “ගෙන්” නමැති ළමයා වටා ගෙතුනු ශෝචනීය, දුක්මුසු කතා ප්‍රවෘත්තියයි, මිරිවැඩි නොලද ගෙන් චිත්‍ර කතාව.

යුද සමයේ ලද බිහිසුණු කටුක අත්දැකීම් තුළින් පරමාණුව ලොවින් තුරන් කර සාමකාමී ලෝකයක් තනන්නට කර්තෘවරයා දරන උත්සාහය මේ කතාවෙන් කියැවේ. කොටස් දහයකින් සමන්විත මේ කෘතියේ පළමු හා දෙවන කොටස් පරිවර්තනය කර ඇත.

උසස් සිංහල පොතක් කියවා වටහා ගන්නේ කෙසේ ද?
 

කර්තෘ - කථිකාචාර්ය චින්තක රණසිංහ, ශාස්ත්‍රවේදී චින්තා පවිත්‍රානි

මිල - රු. 270

ප්‍රකාශනය - කැමීලියා ප්‍රකාශන

භාෂාව හා සාහිත්‍ය එක විට උගන්වන ශිෂ්‍ය කේන්ද්‍රීය පොත් පෙළක පළමුවැන්න මෙයයි. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ජී. බී. සේනානායක වැනි විශිෂ්ටයන්ගේ උරුමය අත්පත් කරගැනීමට වර්තමාන පරපුර අපොහොසත් වී ඇත්තේ, ඒවා කියැවීමට ඇති අකමැත්ත නිසා නොව ඔවුන්ගේ ලේඛන කියවා ගැනීමට ප්‍රමාණවත් භාෂා දැනුමක් නොමැති නිසා බැව් මේ කෘතියේ කතුවරු පවසති.

නෙළුම් පොකුණ
 

කර්තෘ - මලික් තුසිත ගුණරත්න

මිල - රු. 580

ප්‍රකාශනය - සූරිය ප්‍රකාශකයෝ

කතුවරයාගේ පළමු නවකතාව මෙයයි. මීට පෙර ඔහු පාඨක, විචාරක අවධානයට ලක් වූ කෙටිකතා පොත් පහකුත් කවි පොතක් හා ගේය පද රචනා සංග්‍රහයකුත් නිකුත් කර තිබේ.

කලාවේ හා කලාකරුවන්ගේ හෘදය අභ්‍යන්තරයත්, ඔවුන්ගේ ඛේදවාචකයත් මනා සේ කැටිකොට සරල, සුගම භාෂාවකින් “නෙළුම් පොකුණ” රචනා වී තිබේ. කතුවරයා ජනප්‍රිය සංස්කෘතික ඛේදවාචකය මැනවින් ග්‍රහණය කරගෙන තිබේ.

රෝහණ රාජිනී
 

කර්තෘ - චන්ද්‍රසිරි පල්ලියගුරු

මිල - රු. 375

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්

වංශ කතාකරුවන් අනුලා බිසව මෙන් ම සුගලා බිසව පිළිබඳව ද විස්තර කරනුයේ ඍණාත්මක ව ය. චූලවංශ කතුවරයා සුගලා දේවිය පිළිබඳ ව විස්තර කරන්නේ. විචාරක්ෂම බුද්ධියෙන් තොර, ස්වභාවයෙන් තමාට ම දුෂ්ට වූ ස්ත්‍රියක් ලෙසය. ඇය එසේ වූයේත්, ඇගේ චරිත ස්වභාවය කෙබඳු වූයේ ද යන්නත් සත්‍ය හා නිර්මාණාත්මක චින්තනය පදනම් කොට ගෙන ගොඩනඟන්නට කතුවරයා උත්සාහ දරා තිබේ.

‘රෝහණ රාජිනි’ ළගන්නා බස් වහරකින්, අතීත සිද්ධි සංකල්ප රූප සේ මැවෙන අයුරින් නිර්මාණිත අපූරු ඓතිහාසික අන්දරයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්