|
||
“එක් සභ්‍ය කතාවක්” 18 වැනිදා ජනගත වේමීට වසර පහකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ලේඛක ආර්. ආර්. සමරකෝන් මහතා ලියූ “එක් සභ්‍ය කතාවක්” නවකතාවේ නවතම මුද්‍රණය මේ මස 18 වැනිදා පෙ. ව. 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී ජනගත වේ. “එක් සභ්‍ය කතාවක්” නවකතාව ප්‍රථම වරට පළ වූයේ 1967 වසරේදී ය. මෙය එකී කාල වකවානුවේදී පාඨකයන්ගේත් විචාරකයන්ගේත් නොමඳ පැසසුමට පාත්‍ර වූවකි. මෙහි කතානායකයා යුනියන් පෙදෙසේ බැංකුවක විධායක නිලධාරියෙකි. බැංකුවේ ඇතැම් අංශවල අක්‍රමිකතාවන් රැසක් ද මෙයින් විමසුමට ලක් කෙරේ. මේ නවකතාවට වස්තු විෂය වන්නේ සර්වකාලීන අත්දැකීමක් බව පැවැසේ. මිරිවැඩි නොලද ගෙන්
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි. මිල - රු. 600
ජපානයේ ශ්‍රේෂ්ඨ චිත්‍ර කතා කරුවෙකු වන කෙයිජි නකසවා විසින් රචිත “හදෂිනො ගෙන්” කෘතියේ සිංහල පරිවර්තනය “මිරිවැඩි නොලද ගෙන්” නමින් ප්‍රකාශයට පත් කර ඇත. දෙවන ලෝක යුද සමයේ පාසල් වියේ පසු වූ කර්තෘවරයා ලද ස්වකීය අත්දැකීම මේ කතා පුවතට වස්තු බීජය වී ඇත. පරමාණු බෝම්බයෙන් ජීවිතක්ෂයට පත් වූ තම පියා, සොහොයුරිය සහ සොහොයුරාගේ වියෝවෙන් පසු, අළු දූවිලි බවට පත් වූ හිරෝෂිමා නගරයේ තම මව සමඟ ජීවත් වීමට වෙර දරන “ගෙන්” නමැති ළමයා වටා ගෙතුනු ශෝචනීය, දුක්මුසු කතා ප්‍රවෘත්තියයි, මිරිවැඩි නොලද ගෙන් චිත්‍ර කතාව. යුද සමයේ ලද බිහිසුණු කටුක අත්දැකීම් තුළින් පරමාණුව ලොවින් තුරන් කර සාමකාමී ලෝකයක් තනන්නට කර්තෘවරයා දරන උත්සාහය මේ කතාවෙන් කියැවේ. කොටස් දහයකින් සමන්විත මේ කෘතියේ පළමු හා දෙවන කොටස් පරිවර්තනය කර ඇත.
උසස් සිංහල පොතක්
කියවා වටහා ගන්නේ කෙසේ ද?
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |