මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»


සිතුලිය

දිවි හුස්ම

ඇසූ එක් කතා­වක කුඩා කල
වීය යෝධ­යෙක් මහ තෙද වීර
නස­න්නට නොහැක ඔහු කිසි­ව­කුට
ගසා අවි­ය­කින් සිර කෙරුව ද හුස්ම...

ඔහුගෙ පණ නල රැඳී තිබු­ණේලු
එක් පුංචි කුරු­ල්ලකු හද­ව­තෙහි...

කුරුලු හස­රැල් අසල යෝධ මුව හිනැ­හේලු
කුරුලු ඇස කඳුළ අස යෝධ ඇස හැඬු­වේලු
කුරුලු ගත රිදු­ම­කට යෝධ ගත රිදු­ණේලු
කුරුලු දිවි තොර විණිද..., යෝධ හද මියැ­දු­ණෙලු

කෙසේ අන් සතු වේ ද කෙනකු පණ නල එලෙස
රිදුම් සංවේ­දනා දැනෙන... විඳ­වන... නැසෙන...
බොලඳ මිථ්‍යා­ව­කැයි හිනැහුණෙමි මම එකල
දිනන තුරු දුවේ නුඹ වී මගේ දිවි හුස්ම

මංජුල ප්‍රභාත් හෙට්ටි­ආ­රච්චි
 

අර­වින්ද සරෝ­ජ­නීට කී කව

බාලේ පටන් බැඳි ආලේ
හැබෑ­වක් කර­න්නට ඔබ
දිරි දුන් සැටි
මට කිසි­දින අම­තක නොවේ
මට ඔබ හැර වෙන කිසි­ව­කුට
ආද­රය කිරී­මට නුපු­ළු­වන් විය
බතීට ආද­රය කළ නොහැකි බව
මට පසක් වූයේ
ඇය වෙනෙ­තක පැතූ බව සැලවූ දිනය
මගේ පළමු හා අව­සාන ආද­රය,
එදා ඔබ ඉදි­රියේ
දුක මුදා හැරී­මෙන් සැහැල්ලු වූ
මගේ විරා­ගික සිත
‍හෙට දින සතු­ටින්
මර­ණය වැලැ­ඳ­ගනු ඇත
මෙයට,
අර­වින්ද

චාමලි පලි­හ­ව­ඩන
 

දළදා පෙර­හර

සිරි­ලක දසත බුදු­නු­ව­නගෙ සෙනෙහ ලද
සිරි දළදා පෙර­හර මහ­නු­වර අද
සැරි සරනා විට දී ජාතික මහිමෙ තෙද
දිරි­මත් කරයි දෑ අභි­මා­න­යෙන් හද

උඩ­රට පහ­ත­රට කෙළි නළු යුතුව මනා
දහ­මට දැයට ගැළ­පෙන බැති සිතැඟි දිනා
ඇතු පිට සධා­තුක කර­ඬුව වැඩ­ම­වනා
දැක්මට ලැබී­මත් කුස­ලකි කියති දනා

කේ. නන්ද­දාස
 

ගල් වළේ පඩි දවස

බඩු කඩේ ණය පොතේ
ඉල­ක්කම් පේළි­යක්
කැපී සුනු­වි­සුනු වෙයි හදි­සියේ...

අම්මාගෙ මුහුණ අද
මන­මා­ලි­යක් වෙලා
පුර ‍පෝය හඳ වගේ...

උඩු රැවුළ කපා­ගෙන
හිත නිවන හිනා­වක්
පිපී එයි තාත්තගෙ තොල් පටේ...

මල්ලිගේ හිස මතේ
නෙක­වර්ණ මල් පිපේ
හැඩ පෙනී උල් නොකළ පැන්සලේ...

සැමන් ටින් එක කැඩෙයි
කිරි හොද්ද සුවඳ දෙයි
බත රුව­න්වැලි සෑය යැයි සිතේ...

ගෙදර නෑ බර බරේ
පිළි­කන්නෙ මස් කට්ට
බෙදා­ග­න්නට බැරුව
බලු රෑන එක දිගට හරි පොරේ

දඹේ­ගොඩ ජින­දාස
 

සුදු හැඳි කත...

මිහි­දුම් සළු කඳ තැවරී
ගිරි හිස
අය­දින සෙනෙ­හස අහ­සක්
අත­හැර
ඒ ලකර සෙනෙහේ පිදු සුදු
හැඳි කත
ගැන උප­දී­වද රළු ගිර
දොම්නස...

කේ. බී. ඒ. ගයාන් ඉන්දුල
 

රැව­ටීම

උස දිග පළල
තට්ටු තට්ටු විච්චූරණ
බැබ­ළෙන ලස්සන
පාට පාට අයි­සින් මල්
සිත් කල­ඹන
කේක් එකක් නම් නොවෙයි
රිජි­පෝම් ගොඩක්
මිල දාස් ගානක්
දිගට හර­හට ෆොටෝ
රැව­ටිලා මිනිස් වග
බොරු­ව­ටම ආව­ඩන රඟ

පර­ග­ම්මන - නන්ද
 

දෑසින් කඳුළු වැටු­ණත්
ඇස හඬ­න්නැතී
හිත­කට බැඳුණු සෙනෙ­හස
මගෙ නිමක් නැතී...

නෙතගින් දකින සිහිනේ
කටු ඇෙනනු ඇතී
රිදු­ණත් තැවුල් හද­වත
බැඳි මිහිර ඇතී...

දෙනු­වන වසා­ග­න්නෙමි
ලොව පෙනෙනු නැතී
පිටුපා ගියත් බැඳි හිත
අත් නොහැර ඇතී...

මහින්ද කුමාර දළු­පොත
 

විස කටුව නුඹ

හද පතුල
පසා කර
ඇනුණ
විස කටුව නුඹ...
විසි කළ ද
නිමා­වක් නැත
වේද­නාවේ...

සුජාතා අල­හ­කෝන්
 

ප්‍රේමය

ජීවි­තයේ
වට­කොට
කැර­කෙන
මිහිරි
බලා­පො­රොත්තු
චක්‍රය
මේ ලොවේ
ඔබත් මමත්
අතර

කරු­ණා­රත්න අත්ත­නා­යක
 

හඳු­න්පත රැඳි සඳුන් සුව­ඳක්

ජීවිතේ සිඳු­වෙ­රළ සිඹිනා
නොහිමි දිය­කඳ ආදරේ
ස‍ඳෙන් සොමි­කැන් රැගෙන නිමැවූ
සිතු­ව­මක් බඳු ආදරේ

සසර සරනා තුරු ම සිත­කට
නිවන් සුව දෙන ආදරේ
හඳු­න්පත රැඳි සඳුන් සුව­ඳකි
පියා­ණනි, ඔබෙ ආදරේ

මං මුළා වැල් නො පාගා යන
සුසත් මඟ මේ යැයි කියා
අසත් අඳු­රින් අප මුදා­ගෙන
කතර දුර ඈතක නොයා
පියා­ණනි, ගුණ­නු­වණ මිණි­මුතු
අපට දී නිබඳ ව සොයා
‘දරු­වනේ, යන්නම්’ ය නො කියා
යළි නො එන්න ම ඔබ ගියා

කඳුළු මිටි­යා­ව­තෙහි දුක්බර
ඔබේ පිළි­රුව මැවෙ­නවා
ගැයූ කවි නළු ගීත සිව්පද
රාව සව­නට ඇහෙ­නවා
ලියූ පොත­පත පොත්ගුලේ හිඳ
පන්හි­ඳට දුක කිය­නවා
පියා­ණනි,
ඔබෙ සොහොන් කොත ළඟ
‍ඉද්ද මල් පෙති හැෙල­නවා

ජේ.ජේ. වික්‍ර­ම­සේන

 

ජීවි­තය

වේද­නා­වෙන් ඉකි ගසන
විලාප නඟන මහ මුහුද
දහක් දුක් ගිනි සපිරි
අපේ ජීවි­තය වගේ­මයි

හේමන්ති ගාර්දි­ය­ව­සම්

 

ප්‍රේමයේ සොඳුරු කව

මගේ හද­වතේ සුන්දර
කවි­යක් ලියවී ඇත්තේ මුත්
එහි එක් වද­නක් හෝ
මුවට නම් නො නැ‍ඟේ,
එකදා වද­නක් හෝ
කඩ­දා­සි­යක් මතට පැමි­ණීම ද
ප්‍රති­ක්ෂේප කරයි.
සම­න­ලුන් රැළක් සේ
එව­දන් මසිත පාවෙ­මින් පවතී
මා මේ කවත් සම­ඟින්
කොතෙක් කල් නම්, තවත්
බලා හිඳි­න්නෙමි ද, සොඳුර
මසිතේ නළි­යන එකම කව
ඔබ පමණි
ඔබේ නම කවි­යක්ම පමණි,
මා හට, වෙනත් කවක් කුම­කට ද?

ගුල්සාර් - Gulzar

භාර­තයේ විශි­ෂ්ට­තම සින­මා­ක­රු­වකු හා ගීත රච­ක­යකු වන ගුල්සාර් අපූ­ර්ව­තම කවි­යෙක් ද වේ. 1934 වස­රේදී උපත ලද ගුල්සාර් සමා­ජිය, කලා­ත්මක, පාරි­ස­රික මෙන් ම මනුෂ්‍ය ජීවි­තයේ සියුම් හා සංවේදී අත්දැ­කීම් ද මුල් කර­ගෙන කවි ලිවී­මෙහි උපන් හප­නෙකි. උර්දු භාෂා කවි­යකු ලෙස විශේෂ නමක් දිනා සිටින ගුල්සාර්, භාරත රජ­යෙන් පිරි­න­මන උසස් ම සම්මා­න­යක් වන පද්ම භූෂණ සම්මා­න­යෙන් ද තවත් විශේෂ සම්මාන කිහි­ප­ය­කින් ද පිදුම් ලත් අයෙකි. ගුල්සාර් සින­මාව, ගීතය හා කවිය යන අංශ­ව­ලට තම උපරිම දාය­ක­ත්වය ලබා දෙමින් භාර­තීය සාහිත්‍යය තව දුර­ටත් පෝෂ­ණය කර­මින් සිටී.

චාන්දනී ජය­ති­ලක

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්