මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»


සිංහලයේ සියත් ලකුණ

සිංහලයේ සියත් ලකුණ

සඤ්ඤක අකුරු :

ගුණවර්ධන මතය

සඤ්ඤක අක්ෂරවල ප්‍රභවය හෙවත් ව්‍යුත්පත්තිය ගැන මතවාදයක් ඉදිරිපත් කළ තවත් විද්වතෙක් නම් ඩබ්ලිව්. ඇෆ්. ගුණවර්ධන වාසල මුදලිඳු යි. 1973 දී ‘සිංහල වාග්විද්‍යා මූලධර්ම (2) ශබ්ද ව්‍යුත්පත්ති ක්‍රම’ යන නමින් සිංහලයෙන් පළ වුණු කෘතිය එතුමා විසින් ඉංග්‍රිසියෙන් රචිත පර්යේෂණ නිබන්ධයක පරිවර්තනය යි. මේ ඉංග්‍රීසි පොත සංශෝධනය කරමින් පරිවර්තනය කිරීමේ ගෞරවය හිමි වන්නේ මහාචාර්ය ඇම්. එච්. ඇෆ්. ජයසූරිය මහතාටත් පූජ්‍ය මාපලගම සංඝානන්ද හිමියන්ටත් ය.

සංස්කෘත හෝ පාලි භාෂාවේ ‘තත්සම වචන’ ඇසුරින් සිංහලයට බිඳි ආ ‘තද්භව වචන’ පිළිබඳ ඓතිහාසික විග්‍රහයක් මේ කෘතියෙහි තුන්වෙනි පරිච්ඡේදයෙහි එයි. ‘තද්භව හෙවත් බිඳී ආවා වූ වචන’ නම් වූ මේ පරිච්ඡේදයෙහි ‘අනුනාසිකත්වය නැති වී යෑම’ යටතෙහි (33 - 37 පිටු) සඤ්ඤක අක්ෂරවල ව්‍යුත්පත්තිය විග්‍රහයට ලක් කොට තිබේ. අනුනාසිකාක්ෂරයක් හා ස්වවර්ගාක්ෂරයක් එකට යෙදෙන ආර්ය භාෂාමය වචන සිංහලයට බිඳුණේ රීති 3 ක් අනුව බව පෙන්වා දෙන ඔහු සඤ්ඤක ශබ්ද බිඳී ආවේ තුන්වෙනි රීතිය අනුව බව කියයි.

ඒ රීතිය ඔහු නිර්වචනය කොට ඇත්තේ මෙසේ ය.

“ආර්‍ය භාෂාමය ශබ්දයක ස්වවර්ගයේ ඝෝෂාක්ෂරයක් හා බැඳී පූර්ව ව සිටි හල් අනුනාසික ව්‍යඤ්ජනය සිංහලයට බිඳී ඊමේ දී බොහෝ සෙයින් අර්ධානුනාසිකත්වයට ගිලිහී ස්වප්‍රධානත්වයෙන් තොර ව පර ව්‍යඤ්ජනය සමඟ කියවෙන අනුනාසික ධ්වනියක් බවට පත් වේ.” (34 පිට) ඊට උදාහරණ වශයෙන් පහත දැක්වෙන පද ඉදිරිපත් කොට ඇත.

සංස්කෘත  පාළි සිංහල

ඞග > ඟ අඞ ් ග අංග අඟ/ඇඟ

ශෘඞ ් ග සිංග  හඟ්/අඟ්/අං

ණ්ඩ > ඬ එරණ්ඩ එරණ්ඩ එරඬු

පණ්ඩු පණ්ඩු පඬු

න්ද > ඳ චන්ද්‍ර චන්ද සඳ

න්ධ > ඳ අන්ධ අන්ධ අඳ

ම්භ > ඹ කුම්භ කුම්භ කුඹු

ගම්භීර ගම්භීර ගැඹුරු

ඔහු පෙන්වා දෙන ආකාරයට අනුනාසිකාක්ෂරයක් හා බැඳුණු ස්වවර්ගයේ ඝෝෂාක්ෂරය හැම විට ම සඤ්ඤකයක් බවට පත් වන්නේ නැත. ඊට උදාහරණ වශයෙන් පහත දැක්වෙන පද ඉදිරිපත් කොට ඇත.

සංස්කෘත  පාළි සිංහල

ඞග > ග ලාඞ ් ගල ලාංගල නගුල්

සේනාඞ ් ග සේනාංග සෙනග

ණ්ඩ >ඩ මණ්ඩුක මණ්ඩුක මැඩි

මණ්ඩප මණ්ඩප  මඩු

ගණ්ඩ ගණ්ඩ ගඩු

පිණ්ඩ පිණ්ඩ පිඩු

චණ්ඩ චන්ඩ සැඩ

මණ්ඩල මණ්ඩල මඩල

භාණ්ඩ භණ්ඩ බඩු

ඤ්ජ > ද ව්‍යඤ්ජන ව්‍යඤ්ජන වියදුන්

මඤ්පිෂ්ඨා මංජෙට්ඨ මදටි

න්ද > ද මන්දාර මන්දාර මදුරු

“සමහර ශබ්ද බිඳී ඊමේ දී නාසික්‍යය අර්ධානුනාසිකත්වයට ගිලිහී නැවත එය විකල්පයෙන් අභාවයට ගොස් රූප දෙකක් නිපදවයි.

මඞ ් ගල මංගල මඟුල් / මගුල්

නන්දන නන්දන නඳන / නදන

මන්ද මන්ද මඳ / මද” (35 පිට)

සංස්කෘත ‘මාර්ග’ හා පාළි ‘මග්ග’ යන පද සිංහලයට ආ සැටි මෙසේ විස්තර කරයි.

“මෙය සිංහලයට ‘මඟ්’ යී එයි. මෙය සිංහලයෙහි ඒකවචනයේ සාමාන්‍යයෙන් යෙදෙන්නේ ‘මග’ යනුවෙනි. බහුවචනය ‘මඟ්’ යන්නට අනුව ‘මං’ යි සිටී (මංමාවත් මාර්ග හා මහාමාර්ග යනු නිදසුනි)” (35 පිට).

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්