මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

1948 ඡන්දය පුරා දින 19ක්:

1948 ඡන්දය පුරා දින 19ක්:

දිස්ත්‍රික්කයක ප්‍රතිඵල කීමෙන් පසු ඊළඟ දිස්ත්‍රික්කයේ ඡන්දය

මෙරට පරමාධිපත්‍යය ජනතාව සතු බව ව්‍යවස්ථාවෙන්ම සහතික කොට තිබේ. රට කරවන ලියැවිල්ල නොහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනතාවට පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඔස්සේ පරම - ආධිපත්‍යයක් ලෙසින් ලබා දී ඇත. පරමාධිපත්‍යයේ එක් කොටසක් වන ඡන්ද බලය මඟින් පාලන බලතල යටතට ගැනේ. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය, විධායක බලය හා අධිකරණ බලය නිරූපණය කෙරෙයි.

ජනතාව සතු විධායක බලය සමස්ත ජනතාව විසින් ජනපතිවරණයකදී තෝරා පත් කර ගන්නා ජනපතිවරයාගෙන් ද ව්‍යවස්ථාදායක බලය ජනතා ඡන්දයෙන් තෝරා පත් කරගන්නා මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවෙන් ද අධිකරණ බලය පාර්ලිමේන්තුව සිදු කෙරෙන නීති සම්පාදනය තුළින් අධිකරණය හරහා ද ක්‍රියාත්මක වෙයි.

මැකලම් ප්‍රතිසංස්කරණ ඡන්ද බලය ලබා දෙයි

එදා - කැබිනට් මණ්ඩලය

මෙහිදී නිදහස් හා සාධාරණ මැතිවරණ මඟින් ජනතා කැමැත්ත ඉස්මතු වීමට ඉඩ ලබාදීම අත්‍යවශ්‍ය කාරණයක් වෙයි. අනෙක් පැත්තෙන් එය ජනතාවට ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමකි. මේ අනුව මැතිවරණයක මූලික අංශය සර්ව ජන ඡන්ද බලය යන්න අවිවාදිතව පිළිගත යුතු සත්‍යයකි.

මෙරටට සර්ව ජන ඡන්ද බලය හිමි වී මේ වන විට දශක අටකට වැඩිය. යටත් විජිත සමයේ නිදහස සඳහා අරගල කළ අතීත විරුවන් කළ සටන්වල ප්‍රතිඵලයක් ලෙස 1910 දී මෙරටට ඡන්ද බලය හිමි විය. මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මඟින් සර්වජන ඡන්ද බලය වෙනුවට ඡන්ද බලය පමණක් ශ්‍රී ලංකාවට මුලින් හිමි වූයේ අපගේ පාලකයින් වූ බ්‍රිතාන්‍යය තුළ ද ඒ වන විට සර්ව ජන ඡන්ද බලය ක්‍රියාත්මක නොවූ බැවිනි.

ව්‍යවස්ථාදායක සභාවට තෝරා පත්කර ගත් සාමාජිකයින් 10 දෙනා අතරින් සිවුදෙනකු ඡන්ද බලයෙන් තෝරා ගැනීමේ අවකාශ බ්‍රිතාන්‍යය පාලකයින් අපට ඡන්ද බලය ලෙස ලබාදුන් අතර එහිදී ඡන්දය දීමට අවස්ථාව හිමි වූයේ ඉහළ අධ්‍යාපනයක් ලද හෝ ඉහළ වත්කම් ඇති පුරුෂ පක්ෂයට පමණි.

මේ ආකාරයෙන් සීමාසහිත පිරිසක් පමණක් කේන්ද්‍ර කැරගත් ඡන්ද ක්‍රමය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස නිරූපණය නොවන බවට නිතර මෙරට නායකයින් ගෙන ගිය අරගලයනට සාක්ෂියක් වූයේ 1928 වසරේදී බ්‍රිතාන්‍ය රජය එරට තුළ සර්ව ජන ඡන්ද බලය ක්‍රියාවට නැංවීමය. එය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ද සර්ව ජන ඡන්ද බලය ලබාදිය යුතු බවට ගෙන ගිය අරගලය සාර්ථක වූයේ 1931 වසරේදීය. ඒ වන විට අපට ඡන්ද බලය හිමිව හරියටම වසර 21 ක් ගතව තිබිණි.

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයෙන් සර්වජන ඡන්ද බලය

ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මඟින් 1931 දී අපට සර්ව ජන ඡන්ද බලය හිමි වූ අතර එහිදී ස්ත්‍රී පුරුෂ බේදයෙන් තොරව වයස අවුරුදු 21 සපිරු සැමට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමි විය. මේ සමඟ ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වූයේ ආසියානු මහද්වීපයේ ප්‍රථමයෙන් සර්වජන ඡන්ද බලය හිමි වූ රට ලෙසිනි.

දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව

ඕස්ට්‍රලේෂියා ලෙසින් හඳුන්වන ආසියානු හා ඕස්ට්‍රේලියානු මහද්වීප දෙකටම අයත් රටවල් ගත්ත ද අපට පෙර සර්ව ජන ඡන්ද බලය හිමිව තිබුණේ නවසීලන්තයට පමණි. සර්ව ජන ඡන්ද බලය ලැබූ වර්ෂ 1947 සෝල්බරි ප්‍රතිසංස්කරණයෙන් ලද පුනර්ජීවනයත් සමඟ 1948 නිදහස ලත් අපට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබිණි. සෝල්බරි ප්‍රතිසංස්කරණයෙන් මන්ත්‍රීවරු 101 ක් නිර්දේශ කෙරුණු අතර ඉන් 95 දෙනකුම තෝරා ගනු ලැබුවේ ඡන්දයෙනි.

මේ අනුව මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය 1948 අගෝස්තු 23 සිට සැප්තැම්බර් මස 23 දක්වා වූ දින 31 ක කාලය තුළ දින 19 ක් පුරා පැවැත්විණි. මේ කාලය තුළ දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු තවත් දිස්ත්‍රික්කයක ඡන්දය පැවැත්වීම සුවිශේෂී කරුණකි.

ශ්‍රී ලංකාවේ දෙවැනි මහ මැතිවරණය පැවැත්වූයේ 1952 මැයි මස 24 සිට 30 දක්වා වූ දින හත ඇතුළත දින හතරකදීය. තෙවැනි පාර්ලිමේන්තු මැතිවරණය මෙරට පැවැත්වූ සුවිශේෂී මැතිවරණයක් බවට පත්වූයේ නිදහසින් පසු ප්‍රථම වරට පාලක පක්ෂයේ වෙනසක් මෙම මැතිවරණ්‍ය මඟින් සිදුවීමය. වර්ෂ 1956 අප්‍රේල් මස 06 සිට 10 දක්වා වූ දින පහෙන් දින 03 කදී මැතිවරණය පැවැත්විණි. පළමු දින ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කරන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරු ආසන ජයගෙන තිබිණි. පසු දිනවල පැවැති ඡන්ද විමසීමේදී ද බණ්ඩාරනායක පිලට ජය හිමි වීම තුළ සිංහල භාෂා ව්‍යවහාරයට ‘රැල්ලට යනවා’ යනුවෙන් අලුත් වදනක් එක්විණි. පෙර දිනවල මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගෙන පසු දිනවල දී ජනතාව රැල්ලට ඡන්දය පාවිච්චි ‍කරන බව මතයක් මේ ඔස්සේ සමාජගත විය.

1960 මාර්තු මැතිවරණය එකම දිනයකදී පවත්වයි

එම රැල්ල පාලනය කිරිමට කළ හැකි සුදුසුම දෙය මැතිවරණය එක් දිනයක් තුළ පැවැත්වීම බවට මතු වූ යෝජනාවත් සමග 1960 මාර්තු මස පැවැත්වූ මෙරට සිවුවන පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනයක් තුළ පවත්වා අවසන් කෙරිණි. එම මැතිවරණයේදී සිදුවූ තවත් විශේෂ කාරණයක් වූයේ එතෙක් වයස 21 සපිරූවන්ට පමණක් හිමිව තිබූ ඡන්ද අයිතිය අවුරුදු 18 දක්වා අඩු කිරීමය. කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කළ පීටර් කෙනමන් මහතා 1952 දී වයස අවුරුදු 18 සපිරූවන්ට ඡන්ද අයිතිය ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවට කළ යෝජනාව පරාජයට පත්වීමෙන් පසු එය යළි සම්මත වූයේ ඉන් වසර හතකට පසු 1959 මාර්තු මස 07 දිනය.

වැඩි ජන සහභාගිත්වයක් ඔස්සේ සිදුකරන ඡන්ද විමසීමකින් වඩා උසස් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන බවටත් තරුණ මතය පාර්ලිමේන්තුව තුළ නියෝජනයට වැඩි ඉඩ ප්‍රස්තාවක් ලබාදීම රටේ ඉදිරි ගමනට පිටිවහලක් වනු ඇති බවටත් අවධානය යොමු කරමින් මෙම ඡන්ද හිමි වයස් සීමාව වයස අවුරුදු 21 සිට 18 දක්වා අඩු කිරීමට ගත් තීරණය තුළින් තරුණ නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම වඩා යහපත් වූ ප්‍රවණතාවක් විය.

තරුණ මතය පළ කෙරෙන දහඅටේ ඡන්ද බලය

ව්‍යවස්ථාවෙන් හිමි වූ පරමාධිපත්‍යය බලයක් වූ ඡන්ද අයිතිය තමාම බුක්ති විඳිය යුතුය. එය කිසි විටෙකත් තමා වෙනුවෙන් ඡන්දය දීම සඳහා වෙනත් අයෙකුට පැවරිය නොහැක්කේ ය. ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ එලෙසය. වර්ෂ 1969 තෙක් මෙරට ඡන්ද හිමි නාමලේඛන ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් මුද්‍රණය කළ අතර 1970 සිට එය සිංහල හා දෙමළ භාෂාවන්ගේ මුද්‍රණය කෙරිණි. මෙරට පැවැත්වෙන මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට අවකාශ ඇත්තේ වයස අවුරුදු 18 සම්පූර්ණ කළ වූවන්ටය. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වීම ද අනිවාර්යය සුදුසුකමකි. මෙහිදී ද්විත්ව පුරවැසි නාමය ඇති අයට ද ඡන්ද බලය හිමි වන අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඔවුනට ඡන්දය ඉල්ලීමේ අයිතිය අහුරා ඇත. සාමාන්‍ය පදිංචිකරුවකු (ස්ථිර හෝ තාවකාලික) වීම ඡන්දය අයිතිය ලැබීමට අවශ්‍ය තවත් සුදුසුකමකි.

උමතු රෝගීන්, වසර දෙකක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියමව බන්ධනාගාර ගතව මාස හයක කාල සීමාවක් සම්පූර්ණ කළ අයවලුන් ඡන්ද නාම ලේඛනයට ඇතුළත් නොකරයි. අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලැබ සුව වී සිටින නමුත් ඥාතින් විසින් යළි නිවෙස් කරා කැඳවා නොගිය පුද්ගලයින් 275 දෙනකුගේ නම් ඡන්ද හිමියන් ලෙස ඡන්ද නාම ලේඛනයට ඇතුළත් කිරිමට මැතිවරණ දෙපාර්තමේන්තුව පසුගිය වසරේ පියවර ගෙන තිබිණි. මේ ආකාරයෙන් අහිගුණ්ඨික පිරිස්, විශ්ව විද්‍යාල සිසුන්, රෝගීන්, වැඩිහිටි නිවාසවල දිවි ගෙවන්නන්, බන්ධනාගාර ගතව සිටින්නන් විශාල පිරිසක් ඡන්ද අයිතිය නොමැතිව තවමත් සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම තවමත් සියයට 70යි

සර්ව ජන ඡන්ද බලය හිමිව වසර 84 ක් ගතව තිබුණ ද අප රටේ තවමත් මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කරන්නේ 70% ක පමණ පිරිසකි. ජනපතිවරණයට සාපේක්ෂව මහ මැතිවරණයේදීත් ඊට සාපේක්ෂව පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවලදීත් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වන උනන්දු ක්‍රමයෙන් අඩුවන බව මැතිවරණ දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි. මෙරට මැතිවරණ ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කැර තිබුණේ පසුගිය ජනපතිවරණයේදීය. එය 81.5% කි. වසර 2010 ජනපතිවරණයේදී එම අගය 74% කි. 2005 දී 73% කි. වසර 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කැර තිබුණේ 61% කි.

ඉහත දත්ත අනුව සාමාන්‍යයෙන් මෙරට මැතිවරණයකදී ලක්ෂ 30 ත් 40 ත් අතර පිරිසක් සෑම මැතිවරණයකදීම ඡන්දය ප්‍රකාශ නොකැර සිටිති. මෙය ජනපතිවරණයකදී පමණක් නොව ඕනෑම මැතිවරණයක ප්‍රතිඵලය වෙනස් කිරීමට තරම් වූ ඉහළ අගයකි.

වසර 2014 වන විට මෙරට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 150444904 බවත් වසර 2015 ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කැර ඇත්තේ 1226437 ක් බවත් මැතිවරණ දෙපාර්තමේන්තු ලේඛන පෙන්වා දෙයි. මේ අනුව මෙරට වැඩිම ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළ පසුගිය ජනපතිවරණයේදී ලක්ෂ 28 ක පමණ ජන පිරිසක් ඡන්ද අයිතිය ඇතත් එය ප්‍රකාශ කැර නොමැත. එම මැතිවරණයේ ප්‍රතික්ෂේප කැර ඇති ඡන්ද සංඛ්‍යාව 140925 ක් වන අතර එය 1.5% ක අගයකි.

මැතිවරණ දෙපාර්තමේන්තු දත්තවලට අනුව වසර 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලියාපදිංචිව සිටි 14088500 ක්වූ ඡන්ද දායකයින් අතරින් ඡන්දය ප්‍රකාශ කැර ඇරත්තේ 8630689 ක පිරිසකි. ලක්ෂ 54 ක පමණ ජන පිරිසක් එහිදී ඡන්ද පොළට නොපැමිණ ඇත. ඡන්ද පොළට පැමිණ දැන හෝ නොදැන අවලංගු වන ආකාරයෙන් ඡන්දය පාවිච්චි කළ පිරිස 596972 කි.

ඕස්ට්‍රේලියාව වැනි රටවල ඡන්දය භාවිත නොකරන පුද්ගලයින්ට රජය මඟින් දඩ පනවන නමුත් ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා පවසයි.

ඡන්ද බලය පාවිච්චි කිරීමට හෝ නොකර සිටීමට පුරවැසියාට අයිතියක් ඇති බවත් ඡන්දය පාවිච්චි නොකිරීමෙන් යම් පණිවුඩයක් සමාජයට ලබාදීමට ඡන්දදායකයාට අවකාශ ඇති බවත් අධිනීතිඥ ලාල් විජේනායක මහතා පවසයි. ඡන්දය යනු ව්‍යවස්ථාවෙන් පුද්ගලයකුට ලැබී ඇති අයිතියකි. කොන්දේසි සපිරූ විට එම අයිතිය පුරවැසියාට ලබාදීම රජයේ වගකීමකි. එසේ ලබාගත් අයිතිය පාවිච්චි කිරීමට හෝ නොකර සිටීමට පුරවැසියාට පෙරළා අයිතියක් තිබේ. ඡන්දය යනු ජනතාව සතු හිංසාකාරි නොවන අවියකි. එම අවිය පාවිච්චි කළ යුත්තේ වංචාව දූෂණය පිටුදකින අවංකත්වය අගයන ජනහිතකාමී බුද්ධිමත් නිවැරැදි දැක්මක් ඇති පුද්ගලයන් තමන් වෙනුවෙන් තීරණ ගැනීම සඳහා විධායකයට හා ව්‍යවස්ථාදායකයට පත්කරන්නටය. අප ඡන්ද පොළට නොයනා විට නොමනා පුද්ගලයින්ට අප වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට වැඩි අවකාශ සැලසෙන ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්