මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

අන් කැදැල්ලකට ගියේ මන්ද ස්වාමිනී?
සංසාර සාගරේ

අන් කැදැල්ලකට ගියේ මන්ද ස්වාමිනී?

“මම පණ වගේ ආදරය කරපු මගේ මනුස්සයා වෙන කෙනෙක් එක්ක ඇ‍ඳේ ඉන්නවා මගේ ඇස් දෙකට දැක්කාම මට මාව පාලනය කරගන්න බැරුව ගියා. අවුරුදු විස්සක් එකට ජීවත්වුණු මට දහසක් පොරොන්දු දුන්නු, සිහින මාලිගා හදපු මනුස්සය ද මේ කියලා මට හිතුණා. මට දුක වේදනාව දරාගන්න බැරිව ගියා.

මගේ අතට අහුවුණේ මේසේ උඩ තිබුණු උල් පිහියක්. මම ඒකෙන් මගේ මනුස්සයගේ පපුව පසාරු කරගෙන යනකම් ඇනගෙන ඇනගෙන ගියා. අර ගෑනිට ඇනපු පාරවල් හරියට වැදුණේ නෑ. මට මොනවා වුණාද මම දන්නේ නෑ. මගේ දරුවො දෙන්නගේ තාත්තා මේ විදිහට හැසිරෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.”

නිර්මලා ප්‍රනාන්දු, කළුතර මහාධිකරණයේ විත්ති කූඩුවේ සිට විනිසුරුවරයා හමුවේ පාපොච්චාරණය කළාය. ඇයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති චෝදනා අතර ප්‍රධාන චෝදනාව වන්නේ තියුණු ආයුධයකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි.

හදිසි කෝපය

උල් පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට ඇසින් දුටු සාක්ෂි තිබීම හා පැමිණිල්ල විසින් එය ඔප්පු කිරීමේ භාරයට යටත්ව අධිකරණයට ඉදිරිපත් කිරීම නිර්මලාට විශාල අවාසියක් විය. එසේම තියුණු උල් ආයුධයකින් ඇන කමල් පෙරේරාගේ මරණය සිදුකිරීම ඇය විසින් සිදු නොකළ බවට ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට විත්තිය අපොහොසත් විය.

නිර්මලා ප්‍රනාන්දු, කමල් පෙරේරා යුවළ ජීවත්වූයේ කළුතර විලේගොඩය. ඒ නිර්මලාගේ මවුපියන්ට අයිති නිවසකය. කමල් රත්මලාන කර්මාන්ත පුරයේ පෞද්ගලික විසිතුරු භාණ්ඩ ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවක සේවය කළේය. නිර්මලා රැකියාවක් නොකළ අතර තම දියණියගේ හා පුතාගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වූවාය.

ඔවුන් විවාහ වූයේ පෙම් සබඳතාවක් මතය. කමල්ගේ නිවසින් මේ විවාහයට එතරම් මනාපයක් නොදැක්විණි. නිර්මලා ජිවත්වූයේ ඇගේ මවුපියන් හා බාල නැගණිය සමඟිනි. තරමක් විශාල පැරැණි ගෙයක් වූ එහි නව යුවළටත්, නවාතැන් ලැබිණි. කමල් හා නිර්මලා බොහෝ සෙනෙහසින් ආදරෙන් ජීවත්වූ අතර, ඔවුන්ගේ විවාහ ජීවිතයේ මුල් කාල වකවානුව බෙහෙවින්ම චමත්කාරජනක සුන්දර විය.

සතිඅන්ත නිවාඩු දිනවල නව යුවළ අලංකාර කැලිඩෝ වෙරළ තීරයේ ගිමන් නිවාලූහ. සැන්දෑවට කළුතර බෝධියට ගොස් මල් පහන් පූජා කළහ. ලැබෙන මුදල් ඉතිරි කරගනිමින්, කෙසේ හෝ තමන්ටම කියා වෙනම ඉඩමක් ගෙන නිවසක් තනා ගැනීම ඔවුන්ගේ අරමුණ විය. ඔවුන්ට නඳුන් පුතණුවන් හා තරුෂි දියණිය ලැබුණු පසු වෙනම නිවසක අවශ්‍යතාව තදින්ම දැනෙන්නට විය.

සොඳුරු දිවිය

විවාහ වී දිගු කලක් ගත වුවද වෙනම නිවසකට නොයා එකටම ජීවත්වීම ගැන නිර්මලාගේ මාපියෝ ආඩපාලි කියන්නට වූහ. නිවසේ ආර්ථික ප්‍රශ්න, වරින්වර මතුවීම ඊට හේතුවක් විය. මේ නිසා නිර්මලා ද මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කමල්ට කරදර කරන්නට විය. එහෙත් ලොකු ආදායමක් නොතිබු කමල් ඉඩමක් මිලට ගත්තේ ද මාසික පඩියෙන් කැපෙන ණය මුදලක් ලබා ගනිමිනි. මෙතරම් ඉක්මනට එහි නිවසක් ඉදිකිරීමට කමල්ට හැකියාවක් නොතිබිණි.

දිනෙන් දින ගැටුම් උග්‍ර වූ නිසා කමල් කල්ගත කළේ මානසික අසහනයෙනි. ඔහු රැකියාවට ගිය ද කල්ගත කළේ සිත්තැවුලෙනි. කමල් සමඟ එකම අංශයේ සේවය කළ දමයන්ති කමල්ගෙන් ඒ ගැන විමසා සිටි අතර තමන් මුහුණපා ඇති ගැටලුව කමල් දමයන්තිට කියා සිටියේය. දමයන්ති ඔහුව සැනසු අතර මේ දෙදෙනාගේ හිතවත්කම දුරදිග ගියේය.

දමයන්ති විවාහක කාන්තාවක වූ අතර ඇගේ සැමියා විදේශගත වී සිටියේය. දමයන්තිගේ ජීවිතයට තනිකම, පාළුව, තදින්ම දැනී තිබිණි. දමයන්ති කමල් හා පෙමින් බැඳුණාය. මේ දෙදෙනාගේ සම්බන්ධය කොතරම් දුරදිග ගියේ ද යත් දෙන්නාට දෙන්නා නොදැක සිටිය නොහැකි තරමට ළං වූහ.

මේ අතර කමල් හා නිර්මලා අතර නිවසේ ආරවුල් දිනෙන් දින වැඩි විය. නිර්මලාගේ මවුපියන්ට ද මෙය මහත් හිසරදයක් විය. මේ අතර කමල්ගේ අනියම් සම්බන්ධයක් ගැන ඉව වැටුණු නිර්මලා ඒ ගැන සොයා බැලුවාය. රහසිගත අයුරින් දමයන්තිගේ නිවස පිහිටි ස්ථානය සොයා ගැනීමට නිර්මලාට හැකි විය.

මහ ගෙදර ආරවුල්

මේ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල කමල් හා නිර්මලා අතර නිරන්තර ගැටුම් ඇති විය. එහෙත් කමල් වරද පිළිගැනීමට සූදානම් වූයේ නැත. කමල් නිතරම කියා සිටියේ එවැනි සම්බන්ධයක් නොමැති බවයි.

මෙතෙක් කලක් සතිඅන්තයේ නිවසේ රැඳී සිටි කමල් ඇතැම් දිනවලට අතිකාල වැඩ යෙදී ඇතැයි පවසමින් නිවසින් බැහැරව යයි. ඒ යන සෑම දිනකම ඔහු වැඩපළට ගියේදැයි ඔහුට නොදැනෙන්නට සොයා බැලීමට ඈ සමත් වූවාය.

කමල් එක් සෙනසුරාදා දිනක කියා සිටියේ, එදින ද තමන්ට වැඩපළේ අමතර රාජකාරි යෙදුණු බවයි. එදින ද කමල් රාජකාරියට ගියාදැයි ඇය සොයා බැලු අතර එදින වැඩට නොපැමිණි බව දැනගන්නට ලැබිණි.

ඇය වහා ඇඳ පැලඳගෙන නිවසින් පිටත් වූයේ හිතේ නොඉවසිලිමත් භාවයෙනි. දමයන්ති කිසි දිනක නිර්මලාව දැක නොතිබුණ ද නිර්මලා දමයන්තිව දැක තිබිණි. ඇගේ නිවස ගැන දැනගෙන වරක් ඇගේ නිවසට පවා ගොස් තිබුණේ පාරක් අසන කෙනෙකු ලෙස උපක්‍රමශීලීවය.

රහස් ගමනක්

නිර්මලා දමයන්තිගේ නිවස අසලට පැමිණෙන විට කමල් නිවසින් පැමිණ පැය 1 1/2 පමණ ගතවී තිබිණි. දමයන්තිගේ නිවසේ ඉදිරිපස දොර විවෘතව තිබුණු අතර නිර්මලා නිවසට ඇතුළු වූයේ කිසිඳු සද්දයක් නොනැ‍ඟෙන පරිද්දෙනි. සාලයේ කිසිවකු නොසිටි අතර ඇතුළත කාමරයේ ද දොර විවෘතව තිබුණි.

ඇය ඒ කාමරයට එබී බැලුවේ නිකමට මෙනි. තම සැමියා හා දමයන්ති සිටි දර්ශනය දැකීමෙන් නිර්මලාට සිහි එළවාගත නොහැකි විය. එහෙත් කාමරයට කිසිවකුත් ඇතුළු වූයේ යැයි දැනීමක්වත් කමල්ට හා දමයන්තිට නොවීය. වටපිට බලන නිර්මලාගේ නෙත ගැටුණේ කැපූ පාන් පෙති කීපයක් අසල තබා තිබූ උල් පිහියයි.

ඇය විදුලි වේගයෙන් පිහිය අතට ගෙන කමල්ගේ පපුව පසාරු වන ලෙස ඇනගෙන ඇනගෙන ගියාය. දමයන්තිට අනින ලද පිහි පාර වැදුණේ ඇයගේ දකුණු අතටය. මරහඬ තලමින් ඈ එළියට දිවගිය අතර අසල්වැසියෝ ද නිවසට දිව ආහ.

වරදෙහි විපාක

පිහියක් වැනි තියුණු ආයුධයකින් ඇන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම යන චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම නිසා නිර්මලා ප්‍රනාන්දු මිනීමැරීමේ චෝදනාවට වරදකාරිය වූ අතර ක්ෂණික කෝපය නිසා සිදුකරන ලද මිනීමැරුමක් නිසා වසර 07 ක සිර දඬුවමක් හා රුපියල් 30,000 දඩයක් අධිකරණයෙන් නියම කරන ලදී. තම තාත්තා සදහටම අහිමි වීමත් අම්මාට සිර දඬුවමක් නියම වීමත් නිසා අසරණ වූ දරු දෙදෙනා හැඬු කඳුළින් විනිසුරුවරයා දෙස බලා සිටියහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී, හැලුම්මහර දෙකටන ‘බවුන්සෙත්’ මානසික සුව සෙවණේ ප්‍රධාන අනුශාසක, දියසෙන්පුර විමල හිමිපාණෝ මෙසේ පැවසූහ.

“මෙලොව උපන් හැම පුද්ගලයකුටම හැම දෙයක්ම හිමි වන්නේ කර්මානුරූපව. ආයුෂ, රුව ගුණ, තත්ත්වය, ධනය, රැකියාව, විවාහය, ආදි කුමන දෙයක් හෝ හිමි වන්නේ එම න්‍යායට යටත්වයි. තමන්ට නොලැබුණු දෙයක් වැරැදි ක්‍රමයකින් සොයාගෙන යෑම හරියට ගින්දරකින් ශීතලක් හොයනවා වගේ දෙයක්. ලද දෙයින් සැනසීම හා ඊට අනුගත වීම තමයි හොඳම දෙය.

බුදුදහමට අනුව ගත් විට නත්ති රාග සමෝ අග්නි” (රාගය හා සමාන ගින්නක් නැත) යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත. මිනිස් සමාජයේ ස්ත්‍රී පුරුෂ සබඳතාව මත තමයි, සමාජ පැවැත්ම ඇති වනුයේ. කාමයේ වරදවා හැසිරීම මත තමයි පවුල් ජීවිතයේ බොහෝ ප්‍රශ්න හට ගන්නේ. නානා ප්‍රකාර බිඳ වැටීම් හා වෙනත් ප්‍රශ්න ඇතිවෙන්නේ... කාම රාගය ඉස්මතු වුණාට පස්සේ පුද්ගලයාට තමන්ගේ තත්ත්වය පවා අමතක වෙනවා. මවකට තම මාතෘත්වය, පියාට පිතෘත්වය, පවා අමතක වෙනවා.

පරස්ත්‍රීන් පරපුරුෂයන් තම සබඳතා පවත්වාගෙන යන්නේ සැකයෙන්. ඒ නිසා එය මානසික වදයක් වෙනවා. ඒ වගේ අනියම් සබඳකම් දිගු කාලයක් පවත්වගෙන යන්න බැහැ. කෙසේ හෝ හෙළිදරව් වෙනවා. ඒ සමඟම ඒ වරදට පෙලඹුණු පිරිමියා හෝ ගැහැනිය පවුල් ජීවිතයේ මහා විනාශකාරී තත්ත්වයක් ඇතිකර ගන්නවා. සමාජ පිළිගැනීම නැති වෙනවා. ඒ නිසාම දැඩි මානසික අවපාතයකට ලක්වෙනවා.

තම සැමියා වෙනත් කාන්තාවක් සමඟ සිටිනු දැකීම යහපත් ස්වාමි භාර්යාවක් ඉවසන්නේ නැහැ. පිරිමියාගේ පැත්තෙන් වුණත් එහෙමයි. එවන් සිද්ධියක් දුටු විට ඇතිවන ඉක්මන් කෝපය නිසයි මේ මිනීමැරුම් සිදුවන්නේ. නමුත් එය දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක්. මෙහිදී මියගිය පුද්ගලයාට වඩා මිනීමැරුම සිදුකළ පුද්ගලයා දහස් වරක් මැරි මැරී උපදිනවා. අද සමාජයේ බහුතරයකට ඉවසීම නැහැ.

ඒ වගේම කාම රැල්ල වත්මන් සමාජය සිසාරා භයානක ලෙස පැතිරිලා. සමාජයේ මෙතරම් මිනීමැරුම්, නඩුහබ මේකයි. පංචශීලයේ තුන්වන සිල් පදය රකිනවා නම් යහපත් සමාජයක් ගොඩනැඟිය හැකියි.

බුද්ධ කාලයේදීත් මේ වගේ දේවල් තිබුණා. එයින් මහත් අනර්ථකාරී සිදුවීම් පවා සිදුවුණා. වර්තමාන සමාජයේ සමාජ විශෝධනයක් සඳහා සිරකරුවන්ට ප්‍රායෝගික අධ්‍යාපන වැඩමුළු සිදු කළ යුතුයි. ඉන්දියාවේ සිර කඳවුරුවල දින 10 ක විපස්සනා භාවනා වැඩසටහන් පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් අපේ බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කළත් තවමත් ඊට ඉඩ සලසා දී නැහැ. යුග‍යේ අවශ්‍යතාවට නීතිරීති වෙනස් කර යහපත් සමාජයකට මග පාදා දීම පාලකයින්ගේ වගකීමක්.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්